අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ ක්‍රියාකලාපය නිසා මෛත්‍රීපාල සිරිසේන ජනපති ද අසරණ වී ඇතැයි ද දුන් පොරොන්දු ඉටු නොකරණ මේ රජයේ සිටීමෙන් පළක් නැතැයි ද රජයෙන් ඉල්ලා අස්වූ පවිත්‍රා වන්නිආරච්චි ඩිලාන් පෙරේරා, මහින්ද යාපා අබේවර්ධන හා සී.බී.රත්නායක ඇමතිවරු කොළඹ දී අද ප්‍රකාශ කළහ. විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍යවේදීන් හමුවේ ඔවුන් පැවසුවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන 20 වැනි සංශෝධනයට සහය දෙන බවයි.
‘‘අද ආණ්ඩුව කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා. පලිගැනීම හැර අන් දෙයක් කරන්නේ නැහැ. පොලිස්පතිට අණ දෙන්නෙත් ඔහු. “
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(වීඩියෝ ඉෂංක සුනිමල්)
(ඡායාරූපය ඉෂාන් සංජීව)
(ඡායාරූප ඉෂංක සුනිමල්)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසන ක්‍රමය අනිවාර්යයෙන් එන්න ඕනේ , නැතිනම් අපිට හැමදාම තෝරන්න වෙන්නේ අපි අකමැති අයම තමයි. (ර)
කව්රු මොනවා කිව්වත් දැන් රටට අවශ්‍ය රනිල් මහත්තයා (ම)
මේක හරි වැඩක් නේ ....හොරකම් කරපුවා ඇදලා ගත්තහම පලිගැනීම් කියනවා.මේ ඔක්කොම නීති පොඩි මිනිහට විතරද.වැරදි කරලා නැත්නම් උසාවි ගිහිල්ලා නිර්දෝෂී වෙන්නකෝ....(ම)
හතරක් යනකොට තව 40 ක් එන්න බලාගෙන ඉන්නවා .....(ම)
හිටපු කෙනාට ඕනා විදියට නටන රුකඩ.(නදී)
ජනපති නාමිකද-නැති කිසි බල (නදී)
මහින්ද නැවතත් ගෙදර යවමු (ම)
මටනම් මෙයාලගේ කතාව අහල හිනා යනවා...මෙයාලට කොහොම හරි ඕන ඊ ලග ඡන්දය දිනා ගන්න..දැන් අස් නොඋනොත් ඡන්දය හම්බ වෙන්නේ නැති වේවි කියල ඉක්මනට අයින් වෙනවා..කොහොමත් මෙයාල දැන් පර දිනවා.. (නදී)
මෙච්චර කාලයක් හරි හිටියේ මොකෝ? දැන්ද එලියට එන්න හිතුනේ? දැන් තමයි වැරදි පෙනෙන්න පටන් අරන් තියෙන්නේ. මේ සියල්ලන්ම තම අනාගත දේශපාලනය ගැන දෙගිඩියාවෙන් ඉන්න අය. ජනතාව ගොනාට අන්දවා ගොඩ යන්න හදන්නේ. (නදී)
අන්තිමට අහක ඉන්න අය පළි? (නි)
ඔක්කොම කුණු රනිල් පිටින් යැව්වාම ඡන්ද ගොඩක් ලැබේවි කියලා හිතන් ඇති. (නදී)
සමහර අය චන්ද්‍රිකා මහත්මියගේ කාලේ ඉදන් ඇමතිකම් කරපු අය. ඔවුන් මහජන මුදල් වලින් සැපවත් ජිවිත ගත කෙරුවා ඇරෙන්න රට වෙනුවෙන් කරපු එක සේවයක් හෝ ප්‍රකාශ කරන්න පුලුවන්ද ? (නදී)
මොන පක්ෂයක හරි වේවා නාම යෝජනා දෙනවිට උගත් බුද්ධිමත් සුපිරිසිදු අය තෝරාගන්න කියා යෝජනා කරනවා (නදී)
මේ අය කොහොමත් ඊලඟ පාර පාර්ලිමේන්තුවට අවශ්‍ය අය නෙමෙයි (නදී)
ඔක්කොම කුණූ බේරේ වැවට වගේ අන්තිමට මේකටත් පළි එතුමා (නි)
නිතිය ක්‍රියාත්මක විපක්ෂයේ අයට විතරයි වගේ. (නදී)
බුද්දික, නීතිය පොදුවේ චෝදනා තියෙන සියලු දෙනාට එරෙහිව ක්‍රියාත්මක වන්නේ නම් පලිගැනීම යැයි කීමට නුපුළුවන. අපි දන්නා පරිදි එය එසේ ක්‍රියාත්මක නොවේ. එනිසා අපට කරුණු දෙකක් සිතීමට පුළුවන. (නදී)
රජයේ හිටියයි කියල පසුගිය කාලේ වගේ හම්බුකරගන්න බැරිනිසා ඉවත්වෙන්න ඇති (නදී)
රනිල් මහත්තයට මොනවට දොස් කියනවද ? දොස් කියන්න ඕන මනුස්සයා ඉන්නේ තමන්ගේ පක්ෂයේ සභාපති පුටුවේ. රනිල් මහත්තයා නෙමෙයිනේ ප්‍රාදේශීය සභා විසුරුවා හැරියේ. තමන්ගේ පක්ෂය දින වීම හෝ එහි පැවැත්ම ගැන නොසිතන පාක්ෂිකයින් ගැන නොසිතන ඉදිරි මැතිවරණයේදී පක්ෂය බලයට ගෙන එ්ම ගැන නොසිතන, තමන්ට ජනපති වීම සදහා වරම ලබාදුන් අයට කළගුණ සැලකීම ඔවුන් සැනසවිම පමණක් අරමුණු කරගත් අයෙක් සභාපති පුටුවේ වාඩි කරන් අනුන්ට දොස් කියල වැඩක් තියෙනවද? (නදී)
මේගොල්ලන්ගේ පැටිකිරිය කවුරුත් දන්නවා. මහජන මුදල් කාපු අයට දඩුවම් දෙන එක වැරදිද? එන සැරේ මේ ඔක්කොම ගෙදර යවමු. (නදී)
හිතේ ඇති දුක පෙන්වලා ඡන්දෙන් දිනන්න (නි)
අනේ මහරජුටත් පෙරළි පෙරළි වැන්ඳා ? බඩගාගෙන වැන්ඳා? මතකද? (නි)
නුඹ නාඩන්...නුඹ නාඩන්.. නුඹට ඕවා හොඳ පාඩම්.... (නි)
මේ කවුරුත් එකයි. කොහොමටත් මහ ඡන්දෙන් මෙයාලා එයි කියලා මම නම් හිතන්නේ නැහැ (නි)
කන්න දුන්නු අත හපකමින් ලජ්ජා නැති දේශපාලනයේ නිරතවීමේ ප්‍රතිපල ඔවුන් අද අත්විඳිනවා බලෙන් නායකත්වය ආරෝපණය කරගත් නායකයා පස්සේ ගිය සැබෑ නායකයා සිටින විට අනිත් අයටත් වැඩි කල් යන එකක් නැහැ මේවා තේරෙන්න. (ස)
රනිල් මහත්තයට මොනවට දොස් කියනවද? දොස් කියන්න ඕනෑ මනුස්සයා ඉන්නේ වෙන තැනකනේ. අනික රනිල් මහත්තයා නෙමෙයිනේ ප්‍රාදේශීය සභා විසුරුවා හැරියේ. (නි)
රටක නීතිය ක්‍රමවත් වෙනකොට නීතිය නොදන්න අය හිතනවා පලිගන්නවා කියලා. මෙයාලද නීති හදන තැන හිටියේ (නදී)
රනිල් මොනවා කරන්නද?? (නි)
රනිල්ට දොස් කියලා හරියන්න නැහැ. චෝදනා තිබෙන අය අධිකරණයට ගිහින් තමන්ගේ නිවැරදිබාවය ඔප්පුකරන්න තමයි තියන්නේ. දැන් අධිකරණයත් ස්වාධීනනේ. (නි)
1997 රත්නපුර නගරය ගිනි තැබූ කාන්තාව කවුද ? (නදී)
අන්තිමට හැමදේටම ඒ මනුස්සයා තමයි පළි (නි)
බලාගෙන! රනිල්ට දෙහි කපන්න ගිහින් කැපෙන්නේ තමන්ගේම ඇඟිලිම තමා. (නි)
පල ඇති රුකටනේ ගල් වැදෙන්නේ! (නි)
දැන් රට පාලනය කරන ආකාරය හොඳයි.රනිල්ට දොස් කියලා හරියන්නේ නැහැ. චෝදනා තිබෙන අය අධිකරණයට ගිහින් තමන්ගේ නිවැරදිබාවය ඔප්පුකරන්න තමයි තියන්නේ. (නි)
ඊළඟ පියවරට සූදානම් වෙන්න එහෙනම්. (නි)
ලැජ්ජයි ඇමතිවරුනේ ඔබේ අස්වීම පිරිසිදු චේතනාවකින් නොවුණා නම් (නි)
අපි නම් මහින්දට තමයි. හැබැයි මේ වගේ අත්තෙන් අත්තට පනින කුරුල්ලන්ව නම් ලඟට ගන්න කලින් ගොඩක් හිතන්න වෙයි. වාසි අතට හෝයියල කට්ටියක් මේ අය. (නදී)
මේ වගේ අයට ඇමති කම් දුන්න දවසේ මට හරිම කලකිරීමක් ඇති උනා. (නදී)