(අංජුල මහික වීරරත්න ඉන්දියාවේ නවදිල්ලි සිට)

අසල්වැසියාට පළමු තැන යන ප්‍රතිපත්තියෙහි සිටිමින් ඉන්දියාව කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ රාශ්ට්‍රපති භවන්හිදී පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් රාශ්ට්‍රපති භවන්හිදී  පැවැත්වුණු අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී මෙම ප්‍රකාශය කළේය.

ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ රාශ්ට්‍රපති භවන්හි දී මෝදි අගමැතිවරයා දිවුරුම් දීමෙන් පසු මෙම හමුව සිදුවිය.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සහ සුළං බලාගාර ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉන්දීය සහයෝගය ලබාදෙන බවද මෙහිදී මෝදි  අගමැතිවරයා සඳහන් කළේය.