( තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ ,නිමන්ති රණසිංහ )
කිසිදු හේතුවක් නැතිව තමා අත්අඩංගුවට ගෙන රැදවුම් බාරයේ රදවා තබා ගැනීමේන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සදහන් කරමින් , තමාව එම රැදවුම් බාරයෙන් මුදාහැරීමට නීතිපති , පොලිස්පති , රහස් පොලිස් අධ්‍යක්ෂක නිෂාන්ත ද සොයිසා , එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල , මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර , එම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් යන මහත්වරුන්ට නියෝග කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (05) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , පොලිස්පති , රහස් පොලිස් අධ්‍යක්ෂක නිෂාන්ත ද සොයිසා , එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල , මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර , එම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් යන මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.
නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය මගින් මෙම පෙත්සම ගොනු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔව්.. මේ තොත්ත බබාව මොන හේතුවකටද මේ රදවාගෙන ඉන්නේ. කරුණාකරලා නිදහස් කරන්න. මොන තරම් අහිංසක මිනිහෙක්ද මේ...
ඔබතුමාත් ආණ්ඩුවට කඩේ ගියානම් හරිනේ. එතකොට රනිල් වගේ සැපට ඉන්න පුළුවන්.