(නිමන්ති රණසිංහ)
ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 12 වන දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (28) නියෝග කළේය.
සැකකාර අසාද් සාලි මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීන බැවින් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වන බව බන්ධනාගාරය අධිකරණය දැනුම් දුන්නේය.
ඉකුත් මාර්තු මස කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදුකළේ යැයි සැකපිට අසාත් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ ආණ්ඩුවක් එනකම් ඇතුළෙන්ම ඉන්න වෙයි .එතකොට තමයි ආණ්ඩුවට පැවැත්මක් .නැත්නම් ඉතින් ඥානසාර හාමුදුරුවන්වත් අත්අඩංගුවට ගන්න එපැයි
අපි සිංහල ආණ්ඩුවක් ඕනේ කිව්වේ ලාබෙට කන්න නොවෙයි මෙන්න මෙගොල්ලනට පාඩමක් කියලා දෙන්න