මොහෙමඞ් අෂ්රාෆුල් (නොදැවී 189) සහ මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 152) පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 261 ක නොබිඳුණු සම්බන්ධතාව ගොඩනැගීම නිසා ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (10) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 438 ක් ලබා ප‍්‍රබල අභියෝගයක් යොමු කිරීමට සමත්ව සිටියේය.
ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 135 කදී කඩුලූ 4 ක් දැවී 570 (දිමුත් කරුණාරත්න 41, තිලකරත්න ඩිල්ෂාන් 54, කුමාර් සංගක්කාර 142, ළහිරු තිරිමාන්න නොදැවී 155, ඇන්ජලෝ මැතිව්ස් 27, දිනේෂ් චන්දිමාල් නොදැවී 116, සොහග් ගාෂි 164/3)
බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 136 කදී කඩුලූ 4 ට 438 (ජහුරුල් ස්ලාම් 20, මොහෙම්ඞ් අෂ්රාෆුල් නොදැවී 189, මොමිනුල් හක් 55, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 152)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හරි ප්‍රබල තත්වයක ඉන්නවා ඒ කණ්ඩායම (දී)
මම නම් හිතුවේ අපේ කණ්ඩායම ඉනිමකින් සහ ළකුණු 200කින්වත් දිනයි කියලා. (නි)
ඔවුන්ගේ හැකියාවට අපි ඔවුන්ට සුභ පතනවා. (නි)
අපේ කොල්ලන්ට ඔවුන්ගෙන් හුගක් දේවල් ඉගෙනගන්න තිබෙනවා. (නි)
කන්න ඕනෑ හොදට, මුල අමතක වෙන සමහර කට්ටියට මොළේ පෑදෙන්නම. (නි)
බංගලාදේශයෙනුත් කයි වගේ. (නි)
බංග්ලාදේශයට සුභ පැතුම්! (නි)