මොහෙමඞ් අෂ්රාෆුල් (නොදැවී 143) සහ මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 92) පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 153 ක නොබිඳුණු සම්බන්ධතාව ගොඩනැගීම නිසා ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (10) තේ විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 330 ක් ලබා සිටියේය.

ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම  ඕවර 135 කදී කඩුලූ 4 ක් දැවී 570 (දිමුත් කරුණාරත්න 41, තිලකරත්න ඩිල්ෂාන් 54, කුමාර් සංගක්කාර 142, ළහිරු තිරිමාන්න නොදැවී 155, ඇන්ජලෝ මැතිව්ස් 27, දිනේෂ් චන්දිමාල් නොදැවී 116, සොහග් ගාෂි 164/3)

බංග්ලාදේශ පිල පළමු ඉනිම  ඕවර 106 කදී කඩුලූ 4 ට 330 (ජහුරුල් ස්ලාම් 20, මොහෙම්ඞ් අෂ්රාෆුල් නොදැවී 143, මොමිනුල් හක් 55, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 92)