(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු ගමන් කළ යතුරුපැදිය වේරහැර වැලිපාරේ දී සුඛෝපභෝගී රියක හැපීමෙන් එක් සිසුවකු මියගොස් අනෙක් සිසුවා බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
සම සෞඛ්‍ය පීඨයේ අවසන් වසර අවසන් පරීක්ෂණය සඳහා ඔවුන් දෙදෙනා යතුරුපැදියෙන් යමින් සිට ඇති අතර මියගිය සිසුවා වලස්මුල්ලේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි. අනතුර සම්බන්ධයෙන් සැකපිට සුඛෝපභෝගී රියේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd