IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අවසන් 11 දෙනාගේ සංයුතිය ගැන සිතන්නේ කී‍්‍රඩාංගණයේ තණතීරුව පිරික්සීමෙන් පසුවයි

හම්බන්තොටදී මේ මස 18 වැනිදා ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ අවසන් 11 දෙනාගේ සංයුතිය පිළිබඳව අවසන් තීරණයට එළඹෙන්නේ තරගය පැවැත්වෙන ක‍්‍රීඩාංගණයේ තණතීරුවේ ස්භාවය සහ ප‍්‍රතිවාදී කණ්ඩායම පිළිබඳව අවධානය යොමු කිරීමෙන් පසුව බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක මහේල ජයවර්ධන පැවසීය. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව දැනුම්වත් කිරීම වෙනුවෙන් අද (10) පස්වරුවේ කොළඹදී ආරම්භ කළ කණ්ඩායම් නායකයන්ගේ පළමු නිල මාධ්‍යහමුවට සහභාගි වෙමින් මහේල මෙසේ ද පැවසීය. ‘‘ලෝක කුසලාන තරගාවලියේදී නායකයා ලෙස කටයුතු කිරීමට ලැබීම පිළිබඳ මා සතුටු වෙනවා. තරුණ මෙන්ම අත්දැකීම් ඇති ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත අපේ කණ්ඩායම හොඳ සූදානමකින් ඉන්නවා. පළමු වටයේ තරග දෙක පිළිබඳවයි දැන් අවධානය යොමු කරන්නේ, අනතුරුව දෙවැනි වටය, අවසන් පූර්ව තරග සහ අවසන් තරග දක්වා සාර්ථකව ඉදිරියට යෑමයි අපේ සැලැස්ම’’ පාකිස්තානු සංචාරය අතරතුරදී ආබාධයට ලක්වීමෙන් මාසයකට අධික කාලයක් විවේක ගැනීමට සිදුවූ කුමාර් සංගක්කාර සති දෙකකට පමණ පෙර පන්දුවට පහරදීම ඇරඹු අතර සංගක්කාරගේ අත ගොඩක් දුරට සුවවී ඇති බවත් ආබාධයකට ලක්ව සිටි නුවන් කුලසේකර මේ වන විට පුහුණුවීම් ආරම්භ කර ඇති බවත් මහේල පැවසීය. ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් සිම්බාබ්වේ පිලට එරෙහිව සූරියවැවදී පැවැත්වෙන පළමු තරගයේ ශ්‍රී ලංකා පිලේ සංයුතිය සහ මහේල ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන්නේ ද යන ප‍්‍රශ්නයට මහේල මෙසේ පිළිතුරු සැපයීය. ‘‘කණ්ඩායමේ සංයුතිය පිළිබඳව අවසන් තීරණයට එන්නේ තණතිරුව සහ කණ්ඩායම පිළිබඳ අවධානය යොමු කිරිමෙන් පසුවයි. සංචිතයේ තුන් ඉරියව් ක‍්‍රීඩකයන් සිටීම නිසා සංයුතිය පිළිබඳව ප‍්‍රශ්නයක් වෙන එකක් නෑ’’



අදහස් (0)

අවසන් 11 දෙනාගේ සංයුතිය ගැන සිතන්නේ කී‍්‍රඩාංගණයේ තණතීරුව පිරික්සීමෙන් පසුවයි

නුවන් Tuesday, 11 September 2012 07:37 PM

සංජීව, ඔබ හරි. ඒත් මට නම් අපේ කණ්ඩායම ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. (නි)

:       0       0

සිසිර Tuesday, 11 September 2012 09:55 AM

වරුණ ඔයා කොහේද ඉන්නේ... (ස)

:       0       0

රියාස් Tuesday, 11 September 2012 09:59 AM

සංගක්කාර තුවාලවුණේ නම් ඉන්දියාව සමග තිබුණු තරගයේදී..!(නු)

:       0       0

දයාන් Tuesday, 11 September 2012 10:18 AM

දැන් ඔහොම කිව්වට පස්සේ තමයි ඇඩෙන්නේ . සුපර් 8 වටයට ආවොත් තමයි පුදුමේ... (ස)

:       0       0

විමුක්ති Tuesday, 11 September 2012 10:32 AM

කාට පැරදුනත් කමක් නෑ ඉන්දියාවට පැරදෙන්නේ නැතුව.. (ස)

:       0       0

සුරංජිත් Tuesday, 11 September 2012 10:39 AM

මහේලගේ තීරණය හරි. අපිට මේ පාර ලෝක කුසලානය දිනන්න පුලුවන්. අපේ කණ්ඩායමට ජය වේවා! (නි)

:       0       0

නුවන් Tuesday, 11 September 2012 09:40 PM

මහේල අයියේ, හැමදේටම වැඩියෙන් මේ පාර මවුබිම ගැන හිතන්න. (නි)

:       0       0

දර්ශන Tuesday, 11 September 2012 09:34 PM

ලෝක කුසලානයට කළ දේ නම් මේකට කරන්න එපා. (නි)

:       0       0

හිල්මි Tuesday, 11 September 2012 03:36 PM

හොදම කණ්ඩායමක් මේ පාර තෝරලා තියෙන්නේ (නි)

:       0       0

තිළිණ Tuesday, 11 September 2012 11:07 AM

වරුණ-කොහොමත් තරංග 20-20 සංචිතයේ නෑ.ජීවන් මෙන්ඩිස් කණ්ඩායමේ ඉන්නවා.ඒ වගේම හැමදෙනාම අපේ කණ්ඩායමට බනින්නේ නැතුව මේ වෙලාවෙ කණ්ඩායම දිරි ගන්වන්න..මොනදේ උනත් ඒ අපේ කණ්ඩායම.අපේ රටේ නම ගෙනියන ක්‍රීකට් කණ්ඩායම..මම හදවතින්ම සුබ පතනවා අපේ ක්‍රීකට් කණ්ඩායමට. (ස)

:       0       0

ගයාන් Tuesday, 11 September 2012 11:08 AM

විමුක් ඇත්ත කතාව , කාට පැරදුනත් කමක් නෑ ඉන්දියාවට නැතුව (ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 11 September 2012 11:58 AM

කාටවත් පැරදෙන්න එපා..!!(නු)

:       0       0

දිනේෂ් Tuesday, 11 September 2012 04:28 PM

අවසාන තරඟය ශ්‍රී ලංකාව හා පකිස්තානය අතරයි.. (ස)

:       0       0

තුෂාර Friday, 14 September 2012 08:25 PM

වටිනා තීරණයක්

:       0       0

තාරක Friday, 14 September 2012 08:33 PM

ඒ වැඩේ නම් හොදයි

:       0       0

ලක්ෂාන් Tuesday, 11 September 2012 12:59 PM

ජය වේවා ශ්‍රී ලංකා! (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 11 September 2012 01:08 PM

බල බලා ඉන්න එපා. පළවන ඹ්වරයේ ඉදලම වේගයෙන් බැට් කරන්න. එතකොට ජය මාවත පෑදෙනවා සිකුරුයි. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 11 September 2012 01:14 PM

ලෑල්ල දම දමා ඉන්න ඒපා . පලවන ඕවරයේ ඉදලම වේගයෙන් බැට කරන්න .ඒතෙකාට ජය මාවත පෑදෙනවා පිකුරුයි (ස)

:       0       0

සිල්වා Tuesday, 11 September 2012 01:31 AM

ලෝක කුසලානය මුදලට පාවා දෙන්න නම් එපා. (නි)

:       0       0

සංජීව Tuesday, 11 September 2012 02:00 PM

දැන් ‍මේකේ ප්‍රතිචාර දාලා ඉන්න කට්ටිය එකතු කරලා කණ්ඩායමත් හැදුවා නම් අපි ගොඩ. (නි)

:       0       0

වරුණ Tuesday, 11 September 2012 07:48 AM

තරංග වෙනුවට ජීවන් මෙන්ඩිස් ආවොත් නේද හොද? (නි)

:       0       0

නිමන්ක Tuesday, 11 September 2012 02:09 PM

ඉන්දියාවටනම් කප් එක දෙන්න එපා.. (ස)

:       0       0

සමන් Tuesday, 11 September 2012 08:04 AM

තණතීරුව පිරික්සීමෙන් පසුව මහේල අයියේ, මොකද කරන්නේ? සමහරවිට අපිට ඔයා ගැනත් තීරණයක් ගන්න වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

කුරේ නාවලගේ Tuesday, 11 September 2012 08:15 AM

දැන් කණ්ඩායම හොදයි කිවුවට අන්තිමට කියයිද දන්නේ නැහැ 'අපේ තේරීම් කමිටුව අපිට හොද කට්ටියක් දුන්නේ නැහැ' කියලා. (නි)

:       0       0

සංජය Tuesday, 11 September 2012 08:17 AM

ආයිත් අපිට ලෝක කුසලානය නැති වෙයිද? (නි)

:       0       0

සජී Tuesday, 11 September 2012 02:14 PM

මල්ලිලා ගැහුවා වගේ අයියලත් ගහයිද දන්නේ නෑ.. (ස)

:       0       0

සංජය Tuesday, 11 September 2012 08:17 AM

අපිට ලෝක කුසලානය නැති වුණා.. (ස)

:       0       0

සිසිර Tuesday, 11 September 2012 09:00 AM

මහේල කොහොමත් කතාවට දක්ෂයි ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site