
( රංජිත් රාජපක්ෂ)
අවිවාහක තෙමස් ගැබිනියක් තම නිවසේ මල් පාත්තියක් තුළ වළ දැමුවේ යැයි කියන බිලිදු කළලයක් නුවරඑලිය මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ජයරත්න මහත්මිය ඉදිරියේදි අද ගොඩ ගත්තේය.
26 හැවිරිදි එම අවිවාහක ගැබිණි තරුණිය ගබ්සාවෙන් පසුව ප්‍රතිකාර ලබා ගැනිමට නුවරඑලිය මහ රෝහල වෙත පසුගිය (31) දින ඇතුලත් වි ඇති අතර , රෝහලේදි වෛද්‍යවරුන් විසින් ඇය පරික්ෂා කිරිමෙන් අනතුරුව ඇයට ගබ්සාවක් සිදු වි ඇති බවට වෛද්‍යවරුන් විසින් නුවරඑලිය පොලිසියට කරන ලද දැනුම් දිමක් මත පරීක්ෂණ අරඹා තිබේ.
නුවරඑලිය පොලිසියේ නිලධාරින් විසින් ඇය පදිංචි නිවස සහ නිවස අවට (01) දින පරික්ෂා කිරිමේදි එම තරුණිය විසින් වල දැමුවේ යැයි කියන කළලය වල දමා තිබු ස්ථානය හදුනාගෙන මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේදි ගොඩග ගත්තේය.
ගොඩගත් කළලය පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නුවරඑලිය පොලිසිය නියෝග කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇය ගැබිනියක් කර හැංගිලා ඉන්න පිරිමියාටයි දඬුවම් හිමිවිය යුත්තේ.
මෙවැනි දේ ඉඳහිට ඇහෙනවා නම් තනි පුද්ගලයෙකුට බැර කරන්න පුළුවන්. ඒත් නිතර ප්‍රවෘත්තිවලින් ඇහෙනවා නම් සමාජ පරිහානියක ලකුණු තමයි මේ...