(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ අනුබද්ධිත සංවිධාන සියල්ලක්ම යළි පණ ගැන්වීම සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව අරඹන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.
නීතිඥ සංගම් ,වෘත්තීයවේදීන්ගේ සංවිධාන, වෘත්තීය සමිති, පරිසර සංවිධාන, විද්වතුන්ගේ සමිති ඇතුළු සියලුම සංවිධාන යළි බල ගැන්වීමේ කටයුතු රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මෙලෙස ආරම්භ කෙරෙයි .
ඉදිරි මාස හයක කාලයේදී පක්ෂයට සම්බන්ධ තරුණ හා කාන්තා සංවිධාන ද සම්පූර්ණයෙන්ම නවීකරණය කර වත්මන් යුගයට ගැලපෙන ලෙස ප්රතිසංවිධාන කිරීම ද රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කෙරේ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ,උපනායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ඉහත ප්රතිසංවිධාන කටයුතු සිදුවේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන පක්ෂ, මොන විදියට ප්‍රතිසංවිධානය කළත් පෙනෙන තෙක් මානයක ඉදිරි දැක්මක් ඇති නායකයෙකු නෑ. හැමෝටම හොඳ හොඳ අදහස් පහළ වෙන්නේ විපක්ෂයේ ඉන්නකොට විතරයි. ආණ්ඩු බලය ලැබුණු ගමන්ම ඒ බුද්ධිමත් අදහස්, රටේ ඉදිරි දැකුම් ඔක්කොම ඉවර වෙලා නැවත බූරු, ගොන් අදහස් ඉස්මතු වෙනවා. අපේ රටට සාපේක්ෂව බොහෝ පසුපසින් සිටි බංගලිදේශය අද වනවිට ආසියාවේ වේගවත් දියුණුවක් ලබමින් පවතින රටක් බවට පත්වෙලා. අපි දිනෙන් දිනම වල පල්ලට යනවා. එදා මෙදා දක්වා ඊට දායක වූ සියළු දේශපාලකයින්ට සහ ඔවුන්ගේ පරපුරට හෙන නොගසා තියේවිද?
දැන් යන්නේ බඩගාගෙන... අවුරුද්දෙන් පස්සේ හොම්බෙන්..
නැකතකටද?
අවුරුදු තිස් ගණනකට පස්සේ කීවානම් තමයි නිවැරදි. අයින් වෙන්න "බය නැති" කීව නායකයා ඇතුළුව ඔය කට්ටිය එක්කනම් අලුත් ගමනක් යන්න වෙන්නේ ආපස්සටම තමයි.
කිසිම තේරුමක් නැති, අනාගතයක් නැති, ජයග්‍රහණයක් ගැන හිතන්නවත් බැරි මෝඩ ක්‍රියාවක්...
පරිසර කාරයෝ කරත්තේ ඇදගෙන යන්න කැමැති වෙලා වගේ... !!!
දැන් කවුද මට බැන්නේ?