අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් රෙදිපිළි,එළවළු , සපත්තු,පළතුරු ආදිය ගැනීමට ආ බාල මහලු තරුණ පිරිස් වලින් කොළඹ පිටකොටුව හා තදාසන්න නගරවල කඩසාප්පු හා වීදි අද (5) පිරී ගියේය.
දුම්රියෙන්,බස්රියෙන් ත්‍රීරෝද රථයෙන් හා පෞද්ගලික වාහන වලින් ආ පිරිස් කඩ සාප්පු වල රෙදි තෝරන්නට වූහ. නිමි ඇඳුම් ගැනීම බොහෝ දෙනාගේ උත්සාහය විය.
ඇතැමෙක් රෙදි කඩවලට ගොස් කමිස කලිසම් ආදිය ගැලපේ දැයි ඇඟට තබා බැලුහ. ඇතමෙක් දෑතින් බඩු පුරවාගත් මලු ඔසවාගෙන ගියහ.
තරුණයන් බොහෝ විට පැමිණ සිටියේ තරුණියන් ද සමගය.
ඇතැම් වෙළදුන් පැවසුවේ වෙළදාම සරු බවයි. තවත් වෙළෙන්දෙක් පැවසුවේ මෙදා අවුරුද්දවත් හොදට කන්න පුළුවන්නම් කොච්චර හොඳද කියා ය.
එළවළු මිලට ගැනීමට ආ ජනයාගෙන් මැනිං වෙළඳ පොළද පිරී ගියේය.
විදේශ සංචාරකයෝද පිටකොටුවේ තැන තැන දක්නට ලැබිණි.
මහා සාප්පුවේ මුදලාලිගේ සිට පදික වේදිකාවේ රසකැවිලි විකුණන්නා දක්වා ඉතාම කඩිසර බවක් දක්නට ලැබුණි.
රට පළතුරු බොහෝ විය. ලංකාවේ පලතුරු එතරම් දක්නට නොලැබිණි. මාළුවලට වඩා කරවල මිල ඉහළ ගොස් තිබිණි.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
71න් පස්සේ අවුරුදු අපිව කෑවා. පාලකයෝ අවුරුදුයි රටයි දෙකම කෑවා.(නදී)
අවුරුදු 30 ක් වවාගෙන කෑ යුද්ධයක් නිමාකරලත්, බඩු මිළ අසාමාන්‍ය ලෙස ඉහල යෑම පාලනය කරලත්. රටේ පාරවල්, ගුවන් තොටුපලවල්, වරායවල් හදලත් සමහරුන්ගේ ඇස් පේන්නෙ නෑ. දේශපාලන කුහක කම හා වෛරය නිසා. මතක තියාගන්න 1977 තේ එකක් ශත 05 1994 ඒක රූපියල් 5/- යි සරල උපමාවක් විතරයි. 1977 හාල් සේරුව රුපියල් 2/- යි 1994 ඒක රුපියල් 25/- යි තම තමන්ගේ පාලන සමයන්හිදී කවර දාවත් බඩු මිළ ඉහල නොදැම්මා සේ කථාකරන අය පිළිබඳ ඇත්තේ කණගාටුවක් නොව පිළිකුලක්.(නදී)
යුරෝපේ මිනිස්සුත් ජීවත් වෙන්නේ අමාරුවෙන් තමයි.(නදී)
කුරුවිට. ඉක්මනටම චිකිත්සක වෛදයවරයෙක් ලගට ගිහින් මොලේ පරික්ෂා කර ගන්න. සමහර විට සුව කරන්න බැරි මොලේ අමාරුවකින් පෙළෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි රුපියල් 5000/= ක් විතර අරගෙනම යන්න. හැම දෙයක්ම දැන් මුදල් වලින් කරන්න සිද්ද වෙලා තියෙන්නේ.(නදී)
ඇසල, අද රටේම දනස්කන්දය බෙදිලා යන්නේ ඉතාම සුළු පිරිසක් අතේ කියල හිතන්නවත් මොලයක් නැද්ද? (නදී)
බොදු බල සේනාවට මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ ප්‍රණාමය! (නි)
ඇසල, අද රටේ ධනස්කන්දය බෙදිලා යන්නේ ඉතාම සුළු පිරිසක් අතරේ කියලා හිතන්නවත් මොලයක් නැද්ද? (නි)
අවුරුද්දත් කිට්ටු කිට්ටු .... සල්ලි වලට තට්ටු තට්ටු ...... (නි)
ලංකාවේ රැකියා කරලා ලැබෙන මුදල හරියට තුන් වේල කාලා ඇදලා ඉන්නත් අමාරුයි. (නි)
අපට නිදහසේ ජීවත්වෙන්න මග සාදා දුන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු සියලු ත්‍රිවිධ හමුදාවට අප හැමගේ උත්තමාචාරය! රණවිරුවනි, අප ඔබට සදා ණයගැතියි. (නි)
අජිත්, අද අපේ රුපියලේ අගය මොන තරම් බාල්දු වෙලාදා? (නි)
බඩුමිල අඩු රටක් ලෝකේ කොහෙවත් නැහැ. මිනිස්සු මහන්සි වෙලා මුදල් හම්ඹ කරන්න ඕන. සරත් ෆොන්සේකා මහතා ඇතුලු හමුදාපති වරුන්ට සහ ජනාදිපති තුමාට පින්සිද්ද වෙන්න මරන බිය නැතිව මිනිස්සු ජීවත් වෙන බව අමතක කරන අය වයසක දෙමාපියන්ටත් ඔය විදිහටම ගරහනවා. වැරදි දේවල් විවේචනය වරදක් නැහැ ඒත් ගැරහීම නොකළ යුතුය.(නදී)
නිමල්, මටත් කියන්න තියෙන්නේ අරකම තමයි.(නදී)
ෆොන්සේකා සර් නැත්නම් මේ රට ඉවරයි.. තමන්ගේ ජීවිතේ පරදුවට තියලා මේ රට බේරගත්තේ ඒකටනේ... (ස)
කැටවල ලංකාවේ ආර්ථිකය හොදනම් යුරෝපයට වෙලා මොකට දුක් විදිනවද. යන්නකෝ ලංකාවට.ගිහින් පිළිවෙලක් වෙන්නකෝ..කව්රුවත් එපා කියන්නේ නැහැ. (ස)
යුරෝපය ලංකාවට සමකරන්න බැ..(ස)
එස්සර අපි ගල්ෆ් වල ඉදලා නිවාඩුවට යනකොට ලංකාවට අරන් ගියේ ඉලෙක්ට්‍රොනික් උපකරණ. අද අපි අරන් යන්නේ කිරිපිටි, සීනි, පරිප්පු, හාල්, කරවල, රින්සෝ පවුඩර්, ඇදුම් පැළදුම්... (නි)
සෞදි සිංහ, එහෙනම් යන්න ලංකාවට, මුස්ලිම් රටවලට ඔහේ වගේ අය පය ගහන්නත් හොඳ නැහැ. සෞදිය අපිරිසිදු වෙයි. (නි)
අපේ ගරු ජනාධිපතිතුමාට පින්සිද්ධ වෙන්න මිනිසුන් සතුටින් ඉන්නවා. (ස)
රජයේ ඇමති කෙනෙක් මේක දැක්කොත් මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
ඇසළ, මොකටද එහෙනම් රට ගියේ? (නි)
ජෙනරල් සරත් ෆොන්සේකා ජීවිත පරිත්‍යාගයෙන් නිදහස් කර දුන්න රට දේශපාලකයන් විසින් විනාසයෙන් විනාසයට පත් කරනවා. (නි)
මේ පුවත ලියල තියෙන්නේ හරියට කොළඹට ප්‍රථම වතාවට ආපු කෙනෙක් වගේ.(ස)
අනේ කුරුවිට වගේ මෝඩයක්! බඩු මිල වත් දන්නේ නැතිවද? නැත්නම් ඇස් අමාරුවද? එහෙම නැත්නම් වෙන අමාරැවක්ද?(නදී)
නිමල් ඇයි ඔයා ජයට අවුරුදු කන්නේ. නය ගෙවන්නේ පොලිසියෙන්ද? (නදී)
අපොයි කුරුවිට මේ මොනවා කියනවද? (නදී)
අද අවුරුදු කන්න මගුල් ගෙයක් කන සල්ලි යනවා. ඒත් මොනවා කරන්නද? පොඩි උන්ට අපේ චාරිත්‍ර වාරිත්‍ර ටික වත් උගන්වන්න එපායැ. ඒ නිසා නය වෙලා හරි අවුරුදු කනවා .(නදී)
මුස්ලිම් රෙදි කඩයකට ගියොත් තමන්ට කැමති පරිදි සාදාරන මිලකට බඩු ගත හැක. ඇයි අපේ සිංහල කඩ මේ වගේ නැත්තේ...? (ස)
2009 ට කලින් යුද්ධේ තිබුනට මෙතරම් බඩු මිල ඉහල ගියෙත් නැහැ. අතේ මිටේ මුදල් හිඟ උනෙත් නැහැ. ශාන්තලාල් නන්දලාල් කුරුවිටල ජීවත් වෙන්නේ ලංකාවේ නොවෙයි කියලයි මට හිතෙන්නේ.(නදී)
කුරුවිට ලංකාවේද ඉන්නේ.(නදී)
කෙටියෙන්ම කියනවා නම් ලංකාවේ මිනිසුන්ට දවස් හතෙන් සියලු දේවල් අමතක වෙනවා...එක නිසා පහුගිය දේවල් කතා කිරීම නිෂ්පල දෙයක්...(ස)
කුරුවිට සහෝදරයා අද ලංකාවේ මිනිස්සු සතුට පස්ස පැත්තේ හංගගෙන ඉන්නේ .(නදී)
බඩුමිල ගණන් වැඩියි. අනේ මන්ද රට පෙරටලුනේ.(නදී)
එරබොදු මල් පොට්ටු පොට්ටු..(ස)
කුරුවිට, පොන්සේකාට පින් සිද්ද වෙන්න.
කුරුවිට සහෝදරයට බනින්න එපා. මීට අවරුදු තුනකට කලින් (2009) ඔය කියන පළාතේ සාප්පු යනවා තියා බලු බල්ලෙක්වත් හිටියේ නැහැ .(නදී)
සියලුම කුහකයන් වෙතට! අවුරුදු 30ක් පුරාවට කොටියන්ගෙන් අපේ සියලු රටවැසියන් විඳපු දුක අමතක වුණාද? අපට නිදහසේ ජීවත්වෙන්න මග සාදා දුන් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු සියලු ත්‍රිවිධ හමුදාවට ගුණමකු නොවන අප හැමගේ උත්තමාචාරය! ජනාධිපතිතුමනි, අප ඔබට සදා ණයගැතියි. (නි)
සෞදි අරාබියේ බඩු මිළ තුන් ගුනයකින් වැඩිවෙලා. අදටත් අපේ රටේ බඩු මිළ අඩුයි. කුරුවිට ඕවා දන්නේ නැහැ.(නදී)
හරි හමන් සාප්පුවකට ගියා නම් කණකරත් උගස් තියලා තමයි එන්න වෙන්නේ (නි)
සැමටම සුභ අලුත් අවුරුද්දක් වේවා (දී)
අතිගරු ජනාදිපතිතුමා නොහිටින්න කන්න තිබුන කොටින්ගේ බෝම්ඹ. කුරුවිට මහතාට මතක තිබුනට ගොඩකට 2009 ට කලින් කාලය අමතකවෙලා, අපේ අයට කොහොම හරි කන්න තිබුනොත් සේරම හරි.(නදී)
උදාවන සිංහල හින්දු අලුත් අඋරුද්ද ලංකාවාසී සැමට වාසනාවන්ත දිනක් පතමි. අවාසනාවන්ත අතීතය අමතකකර සිංහල,දෙමළ, මුස්ලිම්, මැලේ සියලු දෙනා එකට අත්වැල් බැඳගෙන ලකමව දිරියෙන් සුරකිමු. සැමට ජය පතමි. (නදී)
පැෂන් බාග් ප්‍රශ්නේ නිසා පිටකොටුවෙන් වත් බඩු ගනිමු.(නදී)
අද බයක් සැකක් නැතුව මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න පුලවන්. බඩු ගන්න තමයි බැරි. ටිකක් ඉවසලා ඉමු.(නදී)
එදා බෝම්බ නිසා අවුරුදු නැහැ. අද බඩු මිළත් එක්ක අවුරුදු කන්න බැහැ. ඕකනේ වෙලා තියෙන්නේ. (නි)
අපි යුරෝපයේ දකින ආර්ථිකය අනුව ලංකාවේ ආර්ථිකය ගොඩක් හොදයි. අපේ ජනාධිපතිතුමාට පින් සිදුවෙන්න ලංකාවේ මිනිස්සු ජීවත් වෙනවා මරන බයක් නැතුව. දුෂණය අඩුකරගත්තොත් තවත් හොදයි. ඔබ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ට නායකයෙක්. (නි)
මේකත් ඔය තරම් ලොකු දෙයක්ද. කවදද පිට කොටුවේ සෙනග නැති වුනේ? 77 ට පෙර පෝලිම් යුගයේත් පිටකොටුවේ ඔය වගේ සෙනග හිටියනේ .(නදී)
සෞදි අරාබියේ යුද්දයක් තිබ්බෙත් නෑ ඇත්තෙත් නෑ පෙට්‍රල් ලීටරයක් රු 15.00 යි හාල් රු 165.00, පරිප්පු රු 300, සීනි රු 150.00, බෝංචි රු 265.00, කැරට් රු 220.00, කුඩා ටින් මාළු රු 150.00, මේ ජෙඩා නගරයේ කිලෝ එකක අවම මිල තමයි. සෞදි මිනිස්සු ජීවත් වෙන්නෙත් බොහොම අමාරුවෙන්.(නදී)