IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අවුරුද්දට ආස්මී හදන හැටි

සිංහල හා හින්දු අලුත් අවරුද්ද නිමිත්තෙන් නිවෙස්වල ගෘහණියන් කාර්ය බහුලව නිවසේ කටයුතු සිදු කරමින් සිටියි.මාතලේ ප්‍රදේශයේ ආවේණික රස කැවිල්ලක් වන ආස්මි පිළියෙළ කරගන්නා ආකාරය සොයා අප මාතලේ බණ්ඩාරපොළ  කවුරුත් දන්නා ආස්මි ආච්චි සොයා ගියෙමු.

ඇය නමින් ප්‍රේමවති ගුණරත්න (86) මහත්මියයි.වයස අවුරුදු 16 දි පමණ රසකැවිලි සැදිමට පටන් ගත් බවත් තම දෙමාපියන්ගෙන් ලද දැනමුද ගනිමින් තම උපන් හපන්කම් අනුව මෙම රස කැවිලි සැදිමට පටන් ගත්තාය.ඈ වැඩි ඇල්මක් දක්වන්නේ ආස්මි සැදිමටය. 

ආස්මි සැදිමට ගන්නා ද්‍රව්‍ය,

  • හාල් පිටි කිලෝ2යි.

පොල් ගෙඩි 2ක පොල්

දවුල් කුරුදු කොළ

අවශ්‍ය පමණට පොල් තෙල්

සිනි

කැමති ඩයි වර්ගයක්

ආස්මි සදා ගන්නා අකාරය.

හාල් කොටාගෙන කිහිපවරක් පෙනේරයකින් හලාගන්න.ඉන්පසු දවු කුරුදු කොළ පොල් වතුර මිශ්‍ර කර නානු සාදා ගත යුතුය.සදාගත් නානු පිරිසිදු භාජනයක දමා හාල් පිටි සමග මිශ්‍ර කරගෙන අතින් හෝ සුදුසු ආකාරයෙන් සකස් කරගති හිල් ඇති හැන්දකින් රත්වු තෙල් ඇතිලියට දමා රවුම් කිහිපයක් වක් කර අඩක් බැදුණු පසු බා ගන්න.ඉන් පසු දින කිහිපයකින් පසුව හෝ නැවත ගැඹුරු තෙලේ බැදගෙන ආස්මි සිනි රත්කර කැමති ඩයි වර්ගයකින් යොදා පැණීමිශ්‍රණයක් සකස් කරගෙන විවිධ රටාවන් ඹස්සේ එය සකස් කර ගත හැකි අතර අවුරුදු මේසයට රස කැවිල්ලක් ලෙස භාවිතා කළ හැක.



අදහස් (7)

අවුරුද්දට ආස්මී හදන හැටි

කමල් Monday, 09 December 2013 05:22 PM

සාදන ආකාරය ගැන වීඩියෝ දර්ශනයකුත් තිබුනා නම් ගොඩක් සතුටුයි (නි)

:       0       1

කමල් Monday, 09 December 2013 05:25 PM

දවුල් කුරුදු වෙනුවට වෙන විකල්පයක් ගන්නා බැරිද? (නි)

:       0       0

තෙශාන් Monday, 08 April 2013 12:45 AM

අවුරුද්දට ගෙදර ඉන්න තිබුනා නම් කොයිතරම් හොඳද කියලා හිතුනා. මම අබුඩාබි වලනේ. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 13 April 2013 11:00 PM

හරිම රසවත් කෑමක්. පල කළ සැමට තුති....!!!! (නි)

:       0       0

ශාමිකා Thursday, 11 April 2013 08:46 AM

ආච්චිගේ ෆෝන් නොම්බරය දෙන්නකො ... (නි)

:       0       0

රෙශානි මතගවීර Thursday, 09 April 2015 02:24 PM

හරිම රස කෑමක්.දවුල් කුරුඳු නොදා ආස්මි හදන්න බැරිද? (නි)

:       0       0

Ranjith Madurapperuma Thursday, 20 April 2023 11:17 AM

පාරම්පරික අවුරුදු කෑම ගැන සොයා ගොස් ජනතාව දැනුවත් කිරීම පිලිබඳ ව ඔබට බොහොම ස්තුතියි ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 824 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site