IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අවුරුදු සිරිතින් හැදියාවට මුල් තැන

"හැදියාවට මුල්තැන දෙන අවුරුද්දකට මුල පුරමු" යන තේමාව යටතේ මෙවර ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත දහම් පාසල, සංගීත සහ නර්තන පන්තිවල ඉගෙනුම ලබන දරු දැරියන් ඉදිරිපත් කල සිංහල අවුරුදු උළෙල ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පසුගිය 13 වෙනි දින කිංස්බරි නගරේදී පැවැත්විණි.

සිංහල සංස්කෘතියේ සහ සභ්‍යත්වයේ අනුපමේය හරපද්ධතියේ අගය එංගලන්තයේ උපන් ශ්‍රී ලාංකික දරු දැරියනට මැනවින් අවබෝධ කර දෙන්නට මෙම අවුරුදු උත්සවය අවස්තාවක් කර ගැනීම මෙවර බක්මහ උළෙල සංවිධානය කිරීමේ මුඛ්‍ය පරමාර්ථය වු බව සංවිධායක මඬුල්ල පවසති.

මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්, සහකාර මහකොමසාරිස් නෙවිල් ද සිල්වා ඇතුළු මහකොමසාරිස් කාර්යාල නිලධාරීන් කිහිප දෙනෙක් ද උත්සවය සඳහා ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගී වුහ. එදින දවස පුරාම දහම් පාසලේ දරු දැරියන් සහභාගීවූ සම්ප්‍රදායික ක්‍රීඩා තරඟ සහ ඔවුන්ගේ දක්‍ෂ  තාවයන්  එළිදැක්වූ ගායන, නර්තන සහ දේශනා ඇතුලත් විවිධ ප්‍රසංගයක්‌ ද පැවැත්විණි.

මීට වසර 25කට පෙරාතුව ලන්ඩන් නගරයේදී සිංහල අවුරුදු උත්සවයක් පැවැත්වීමේ මුලාරම්භය ඇතිවුනේ සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ මුලිකත්වයෙනි. විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් එදා ආරම්භ කෙරුන සිංහල අවුරුදු උළෙල ඉන් පසුව සෑම වසරකම අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කිරීමට විහාරස්ථ දායක කාරකාදීන් කටයුතු කළහ. වැඩිකල් නොයා කිංස්බරි බක්මහ උළෙල මුළු යුරෝපයේම විශාලතම ශ්‍රී ලාංකික සංස්කෘතික උත්සවය බවට පත්වන තරමට ජනප්‍රියත්වයට හා පැසසුමට පත්විය. ශ්‍රී ලාංකික සියලුම ජනකොටස් මෙන්ම වෙනත් ජාතීන්ද කිසිම භේදයකින් තොරව එකට එකතුවී ඉසුරුමත් ශ්‍රී ලාංකික සංස්කෘතියේ අගය බෙදා හදා ගැනීමට කිංස්බරි සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික බක්මහ උළෙල උපයෝගී කර ගත්හ. එදා මෙදා තුර බ්‍රිතාන්‍යය පුරාම පිහිටුවා ඇති සියළුම ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයන් සහ සමිති සමාගම් මඟින් ඉතා අලංකාර අන්දමට සිංහල අලුත් අවුරුද්ද සැමරීමේ උත්සව සැණකෙළි පවත්වති. මේ හැම උත්සවයකම මුලිකත්වය දෙනු ලබන්නේ එංගලන්තයේ ඉපැදී හැදෙන වැඩෙන සිංහල දරු දැරියන්හට ශ්‍රී ලංකාවේ චාරිත්‍ර ධර්මයන්ගේ වටිනාකම පිළිබඳව අවබෝධයක් ලබාදීමසඳහාය . එම හැම උත්සවයක් සඳහාම හැකිපමණ  ශ්‍රී ලාංකික දරුදැරියන් සහභාගී කරවාගැනීමට දෙමව්පියන් සහ සංවිධායිකින් ඉමහත් උත්සාහයක් ගනිති.

මෙවර කිංස්බරි බක්මහ උළෙල සඳහා සහභාගී කරවා ගන්නා ලද්දේ දහම් පාසලේ සහ විහාරස්ථ සංගීත සහ නර්තන පන්තිවලට සහභාගීවන දරු දැරියන් පමනක්වීමද විශේෂත්වයකි. 

එමෙන්ම දහම් පාසලේ දරු දැරියන්ගේ යෝජනාවක් අනුව චන්දන සහ ශර්මිලා විතාන විසින් අධ්‍යක්ෂණය කල 

"විජවාතරණය"  තේමා  කරගත් වේදිකා නාට්‍යයක්ද ඉදිරිපත් කෙරුණි. සම්පුර්ණයෙන්ම සිංහල දෙබස් සහිත එම නාට්‍යය සඳහා ළමුන් 65 දෙනෙකු සහභාගී වුහ.

 

බක්මහ උළෙල සාර්ථක කර ගැනීම සඳහා අතිමහත් වෙහෙසක් දරු දහම් පාසලේත්, නර්තන සහ සංගීත පන්තිවලත් ගුරුමණ්ඩලය ඇතුළු දෙමව්පියන් සහ විවිධ ආකාරයෙන් උදව් උපකාර කල සියලුම දෙනාටත් අනේක වාරයක් පින් අනුමෝදනා කරන බව පියදස්සී හිමියන් පැවසුහ.

 



අදහස් (0)

අවුරුදු සිරිතින් හැදියාවට මුල් තැන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site