හිරු මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම සිදුවන සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නොනගතය අද පස්වරු 7.05 ඇරැඹිණි.
සියලු දෙනා පරණ අවුරුද්දට කා බී, ලිප ගිනි නිවා සියලු වැඩ අවසන් කළහ.
සිංහලෙන් නොනගතය හෙවත් පුණ්‍ය කාලය ද, දෙමළෙන් ‘විෂු‘ කාලය ද ලෙස හැඳින්වෙන මේ කාලයේ පන්සල්, පල්ලි, කෝවිල් ආදියට ගොස් වතාවත් සිදු කරති.
නැකත් නැති සමය නොනගතය ලෙස ජ්‍යොතිෂයේ හැඳින්වෙයි.
රටපුරාම සාමකාමී අවුරුද්දක් සමරන බවට වාර්තා ලැබෙමින් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සූර්යග්‍රහ මන්ඩලයේ නමි මීන සහ මේස රාසි ගැන විදයාවේ උගන්වලා නැහැ. රාශි ගැන හොයා ගත්ත විද්‍යඥයා කවිද?(නදී)
කොයි පල්ලියටද යන්නේ. මුස්ලිම් පල්ලියටද ක්‍රිස්තියානි පල්ලියද ?. මේ දොගොල්ලටම අවුරුදු නැහැනේ.(නදී)
මම 2006 ඉඳන් අවරුදු කාල නෑ. ලංකාවෙත් නෑ. ඉන්න අයට සුබ අලුත් අව්රුද්දක් වේවා.!(නදී)
කැමැති පල්ලියකට යන්න පුළුවන්. (නදී)
වසර තුනකින් මට දරු දෙන්නා එක්ක අවුරුදු සමරන්න බැරි වුණා. ලබන වසරේදී අපි එකතු වෙලා අවුරු සමරන එකයි මගේ අලුත් අවුරුදු ප්‍රාර්ථනය. ශ්‍රී ලංකාවාසි සැමටත්, විදෙස්ගත ඔබ සැමටත්, ලංකාදීපයටත්, ලැබූ අලුත් අවුරුද්ද සාමය සතුට සම්පත සපිරි බත බුලතින් පිරි නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
අපේ රට සාමකාමී අවුරුද්දක් සමරන බව ඇහෙනවිටත් දැනෙන්නේ ඉතා සතුටක්. මේ සතුට අපට උරුම කරදෙන්න දිවිනොතකා සේවයකළ අපේ වීරෝදාර රණවිරුවන්ට අපි හිසනමා ආචාර කරනවා. (නි)
සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා ...! (නි)
ශ්රී ලංකාවාසි ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! (නි)
අපි ලංකාවාසී හැමදෙනාටම සාමෙන් සතුටින් ඉන්න කියල සුබ පතමු. (නි)
අනේ පවු සදරුවන්, ඔයා ගැන හරිම දුකයි (නි)
ෆසීල්, වරද්දගන්න එපා මේක බෞද්ධ හින්දු අවුරුද්ද නොවේ. මේකට කියන්නේ සිංහල දෙමල අවුරුද්ද කියලා. (නි)
අපි ඉන්නේ ලංකාවේ. සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද නැකත් වලට සීමාවෙගන යනවා. පොඩි දරුවෝ ඉන්න ගෙවල්වල අවුරුදු උණුසුම ටිකක් තියෙනවා. අලුත් ඇඳුම් , නිලා කූරු , රතින්ඤ වැඩියෙන් ගන්නේ පොඩි දරුවන් ඉන්න දෙමවුපියෝයි . රෙදි කඩවල සෙනග පිරිලා . ඒගොල්ලන් ඇවිද ඇවිද බලන්නේ අඩු මිල රෙදිපිළි. මිනිස්සුන්ට අවුරුද්ද අවශ්‍යයි එත් සල්ලි නැතිනිසා අවුරුද්ද සමරන්නේ සුළුවෙන්. විශේසයෙන් අපිවගේ රජයේ සේවකයෝ සහ විශ්‍රාමිකයෝ. එදිනෙදා කුලී කරන අය ගැන මොන කතාද?(නදී)
ලංකාදීප ඔන්ලයින් හමුවන සියලු මිතුරු මිතුරියන්ටත් ,ලංකාදීප කතුතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ හිතවතුන් සැමටත්,ලක්වාසී සැමටත් , විදේශගතව සිටින හිතවත් සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !(නදී)
මේනකා සොයුරිය කනගාටුවෙන්න එපා. ඔයා වගේ සොයුරියන් විදෙස්ගතව තවත් ඉන්නවා. ඔයාලා විදෙස් ගතවෙලා ඉන්නේ විනෝදයට නොවෙයි, පවුලේ අනාගතය වෙනුවෙනුයි. ඉතින් ලබන වසරේ දරු පැටවුන් සමග අලුත් අවුරුදු සමරන්න ඔබට වාසනාව සහ නිරෝගී සුව ලැබේවා ප්‍රාර්ථනා කරනවා.(නදී)
මම හිතන්නේ පසීල් දන්නේ නැතුව අහන්නේ. පසීල් මේක සිංහල දෙමල අලුත් අවුරුද්ද ( ආගමක් නෑ ) සිංහල දෙමල ඕනෙම ආගමක ඉන්න අය තමන්ගේ ආගමික ස්ථාන වලට යනවා. දෙමල, බෞද්ධ අය ඉන්නවා. සිංහල-හින්දු අය ඉන්නවා. සිංහල-කතෝලික අය ඉන්නවා. .සිංහල-බෞද්ධ අය ඉන්නවා. සිංහල කියන්නේ බෞද්ධම නෙමෙයි.(නදී) .
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! සැම මුවක් අගම ලස්සන හිනාවක් පහල වේවා. කඳුලින් තොර හැඟුමින් පිරි ලස්සන හෙටක් හැමදාමත් ඔබ සැමටත්.(නදී)