ලන්ඩන් නගරයේ හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කරන ලන්ඩන් බක්මහ උළෙල අටවැනි මෙවර වරටත් පවත්වන ලදී. ලන්ඩන් බෞද්ධ විහාර විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන් සමඟ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රීලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ ලන්ඩන් නියෝජිත නලින් පෙරේරා සහ කාර්ය මණ්ඩලය ද හවුන්ස්ලෝ නගරයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි සීමා මල්හෝත්‍රා, නගර සභා නායක ජග්දිස් ශර්මා, නගරාධිපති ප්රිටම් ගරුවල්, පලාතේ නගර නගර සභා මන්ත්‍රීන්, ලංකා බැංකු කලමනාකාර ධම්මික මුටුකුඩආරච්චි ඇතුළු සම්භාවනීය අමුත්තන් ආරාධිත අමුත්තන් ලෙස සහභාගීවුහ.
ලන්ඩනයේ ඇති අධික සීතල දේශ ගුණයද නොතකා මෙවර අවුරුදු උත්සවය සඳහා සිංහල,දෙමල සහ මුස්ලිම් ජාතික ශ්‍රී ලාංකික දෙමව්පියන්, දරු දැරියන් සහ හිතමිත්‍රාදීන් විශාල පිරිසක් සහභාගී වුහ.
කනාමුට්ටිය බිදීම,අලියට ඇස තැබීම,මීටර් 100 දිවීම, බැලුම් පිපිරවීම, විකට ඇදුම් තරගය වැනි සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසක් මෙන්ම අවුරුදු කුමරිය තරගය ඇතුළු ළමා සහ වැඩිහිටි කණ්ඩායම් ඉදිරිපත් කල නර්තන අංගයන් ඇතුළත්වූ අවුරුදු උළෙල ඉතා අලංකාරවත්විය.
මෙහිදී ඉදිරිපත් කල සියලුම නැටුම් අංගයන් පුහුණු කරන ලද්දේ ලන්ඩන් නුවර මදු මාරසිංහ, බර්මින්හැම් නුවර කස්මි දිසානායක සහ ක්‍රොයිඩන් නගරයේ රෝහිනී යන නර්තන ශිල්පීන් විසිනි.
අවුරුදු කුමරිය තරගය සංවිධානය කරන ලද්දේ මනෝජා අල්මෙදා විසිනි. විස්තර කථන අසිරි බණ්ඩාර සහ ශිරාන් අල්මේදා විසින් සිදුකරන ලදී.
හවුන්ස්ලෝ ජනහඬ පදනමේ සභාපති ශ්‍රීලාල් ඩයස් ඇතුළු සියලුම සාමාජික මහත්වරු මෙවර අවුරුදු උත්සවයේ සියලුම වැඩකටයුතු සංවිධානය කිරීම සඳහා සහාය වුහ.



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වික්ටෝරියා විතරක් නෙමෙයි, බොහෝ ප්‍රාන්තවල අවුරුදු උත්සවය ජයටම සැමරුවා. (නි)
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්දිගෝ නගරයේ සිංහල අවුරුදු උත්සවය 14 වැනිදා උදේ 10 සිට පැවැත්වුණා. (නි)
අපේ කම දැනෙනවා හරිම සතුටුයි.(නදී)
හරිම ලස්සනයි. කොයිතරම් වාසනාවන්තද පිටරටක මේ වගේ කරන්න ලැබීම ගැන? (නි)
දුරු රටක සිටියත් අපේ සිංහල සිරිත් විරිත් අමතක නොකළ ඔබට අපෙන් සුබ අලුත් අවුරුද්දකට උණුසුම් සුභ පැතුම් ! (නි)
සෝමදාස,ඉතාම වැදගත් ආරංචියක් ඔබ දාල තියෙන එක. (නි)
අංග සම්පුර්ණ අවුරුදු උත්සවයක්. ඉතාමත් අලංකාරයි! (නි)