IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අවුරුදු අනතුරු වැඩිවේ

ගතවූ පැය විසි හතරක කාලයේදී හදිසි අනතුරු වලට ලක්වූ පුද්ගලයන් ‍256 දෙනකු කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් බවත් ඉන් 130 දෙනකු නේවාසිකව සිටින බවත් ජාතික රෝහලේ නියෝජ්‍ය අධයක්ෂ වරයා පවසයි. මේ අතර රිය අනතුරු වලට ලක්වූ පුද්ගලයන් 45 ද, ගෘහස්ථ අනතුරුවලින් තුවාල ලැබූවන් 40 ක් ද, ගෘහස්ථ හිංසනයට ලක්වූවන් 18 ක් ද, මත්පැන් පානය හේතුවෙන් අනතුරට ලක්වූ නම දෙනකු හා මල් වෙඩි පත්තුකිරීමේදී තුවාල ලැබූ දෙදෙනෙක් ද සිටිති. රෝහල් ආරංචිමාර්ග අනුව පසුගිය වර්ෂයේ අවුරුදු නැකැත් තිබූ පැය විසිහතරක කාලයේදී සිදුවූ අනතුරු වලට වඩා මෙවර සිදුවූ අනතුරු සියයට හතරකින් ඉහළ ගොස් ඇත..



අදහස් (0)

අවුරුදු අනතුරු වැඩිවේ

රියාල් Sunday, 14 April 2013 03:25 PM

අනේ තව බාර් එකක් ඇරියා නම් තව අනතුරු ටිකක් වැඩි කරගන්න තිබුනා. අපරාදේ රටට එන බඩු වලට වඩා රෝගීන්ට මීට වඩා වියදමි වෙන බව අපේ ඇමතිලාට නොතේරෙන හැටි.(නදී)

:       0       0

සමන් Sunday, 14 April 2013 04:14 PM

අවුරුදු දවස් වලමයි මේවා වෙන්නෙ? (නි)

:       0       0

මුතුකුඩ Sunday, 14 April 2013 06:53 PM

උද්ධමන වේගයත් සමග මිනිස්සු අවුරුදු කන නිසා රෝහල්ගත වීමේද ඉහළ තත්ත්වයක් පැවතීම පුදුමයට කරුණක් නොවේ. (නි)

:       0       0

සංදීප් Sunday, 14 April 2013 07:04 PM

සියළුම ශ්‍රී ලංකාවාසීන්ට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

කමල් Sunday, 14 April 2013 07:24 PM

මෙවර ජනතාව දැනුවත් වෙලා මදී වගේ නේද? (නි)

:       0       0

ඵසල් Sunday, 14 April 2013 08:20 PM

හලාල් එක තහනම් කරපු කට්ටිය මත්පෙන් තහනම් කරානම් මේ අනතුරු ගණනින් ටිකක් අඩුකර ගන්න තිබුනා. නේද? හලාල් තහනම් කරපු එකේ තියන ලාබ මොනවාද?(නදී)

:       0       0

අජිත් Sunday, 14 April 2013 09:52 PM

හැමදේම වැඩිවන කාලේ ඕක විතරක් අඩුවෙලා මොකටද? (නදී)

:       0       0

සෙන්තිල් Sunday, 14 April 2013 11:22 PM

ෆසල්,ඔබ කියන්නේ මත්පැන් ඇයි හලාල් නොකෙරුවේ කියලා නේද? මත්පැන් කියන බීම ,ඉස්ලාම් ආගමින් හරාම්(තහනම්)කොරපු දෙයක්. ඉතින් තහනම් කරපු දෙයකින් හලාල් කියන දේ බලාපොරොත්තු වෙන්න බැහැ නේද? එහෙම බලනකොට නම් මේ හරාම් කරපු මත්පෙන් බොන්නේ නැතුවම හිටියොත් මේ වගේ අනතුරුවල ප්‍රමාණයත් අවම කරගත හැකියි නේද? (නි)

:       0       0

ලාල් ගලබඩ ලේක්කෝ නුවර Monday, 15 April 2013 12:49 AM

අපේ කට්ටිය ධර්මෙන් පැහැදී ඉන්නේ ලද හැකි හැම විටදී බීමට ලොල් වෙන්නේ දුරාචාරයම හිස් මුදුනින් පිළිගන්නේ අඹුවනේ ඇයි මුන්ව හුරතල් කරවන්නේ? (නි)

:       0       0

ජෙෆ් Monday, 15 April 2013 01:02 AM

අසේල, අනතුරු වන්නේ අවුරුදු වලට විතරද? (නි)

:       0       0

ජෙෆ් Monday, 15 April 2013 01:19 AM

ෆසල්, අනතුරු වන්නේ අවුරුදු වලට විතරද? (නි)

:       0       0

ජීවන් Monday, 15 April 2013 01:43 AM

එක දවසක් අවුරුදු තිබිලා ඔහොම අනතුරු වෙනවා නම්,සතියක් අවුරුදු තිබුනා නම් කොහොමට අනතුරු වේවිද මන්දා......... (නි)

:       0       0

බන්දුල Monday, 15 April 2013 02:52 AM

රේගුවේදී අර ස්ප්‍රීතු අල්ලගත්තේ නැත්නම් ඔය ගණන තවත් වැඩිකරගන්න තිබුනා. (නි)

:       0       0

ප්‍රේමසිරි Monday, 15 April 2013 03:42 AM

පිස්සු වැඩ ‍නොකර පළමුව තමන් ගැන හිතන්න (නි)

:       0       0

සරත් Monday, 15 April 2013 05:00 PM

අපේ රටේ මේ අවුරුදු අනතුරු සාමාන්‍ය දෙයක්. නමුත් රජයවත් පුද්ගලික අංශයවත් මැදිහත් වෙලා ජන මාධ්‍ය මගින් ආරක්ෂාව ගැන පුළුල් ප්‍රචාරයක් දෙනවා නම් අනතුරු අවම කරන්න පුළුවන්. (නි)

:       0       0

හිල්මි Monday, 15 April 2013 04:52 AM

සියළුම ශ්‍රී ලංකාවාසීන්ට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site