ගතවූ පැය විසි හතරක කාලයේදී හදිසි අනතුරු වලට ලක්වූ පුද්ගලයන් 256 දෙනකු කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් බවත් ඉන් 130 දෙනකු නේවාසිකව සිටින බවත් ජාතික රෝහලේ නියෝජ්‍ය අධයක්ෂ වරයා පවසයි. මේ අතර රිය අනතුරු වලට ලක්වූ පුද්ගලයන් 45 ද, ගෘහස්ථ අනතුරුවලින් තුවාල ලැබූවන් 40 ක් ද, ගෘහස්ථ හිංසනයට ලක්වූවන් 18 ක් ද, මත්පැන් පානය හේතුවෙන් අනතුරට ලක්වූ නම දෙනකු හා මල් වෙඩි පත්තුකිරීමේදී තුවාල ලැබූ දෙදෙනෙක් ද සිටිති. රෝහල් ආරංචිමාර්ග අනුව පසුගිය වර්ෂයේ අවුරුදු නැකැත් තිබූ පැය විසිහතරක කාලයේදී සිදුවූ අනතුරු වලට වඩා මෙවර සිදුවූ අනතුරු සියයට හතරකින් ඉහළ ගොස් ඇත..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ තව බාර් එකක් ඇරියා නම් තව අනතුරු ටිකක් වැඩි කරගන්න තිබුනා. අපරාදේ රටට එන බඩු වලට වඩා රෝගීන්ට මීට වඩා වියදමි වෙන බව අපේ ඇමතිලාට නොතේරෙන හැටි.(නදී)
අවුරුදු දවස් වලමයි මේවා වෙන්නෙ? (නි)
උද්ධමන වේගයත් සමග මිනිස්සු අවුරුදු කන නිසා රෝහල්ගත වීමේද ඉහළ තත්ත්වයක් පැවතීම පුදුමයට කරුණක් නොවේ. (නි)
සියළුම ශ්‍රී ලංකාවාසීන්ට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! (නි)
මෙවර ජනතාව දැනුවත් වෙලා මදී වගේ නේද? (නි)
හලාල් එක තහනම් කරපු කට්ටිය මත්පෙන් තහනම් කරානම් මේ අනතුරු ගණනින් ටිකක් අඩුකර ගන්න තිබුනා. නේද? හලාල් තහනම් කරපු එකේ තියන ලාබ මොනවාද?(නදී)
හැමදේම වැඩිවන කාලේ ඕක විතරක් අඩුවෙලා මොකටද? (නදී)
ෆසල්,ඔබ කියන්නේ මත්පැන් ඇයි හලාල් නොකෙරුවේ කියලා නේද? මත්පැන් කියන බීම ,ඉස්ලාම් ආගමින් හරාම්(තහනම්)කොරපු දෙයක්. ඉතින් තහනම් කරපු දෙයකින් හලාල් කියන දේ බලාපොරොත්තු වෙන්න බැහැ නේද? එහෙම බලනකොට නම් මේ හරාම් කරපු මත්පෙන් බොන්නේ නැතුවම හිටියොත් මේ වගේ අනතුරුවල ප්‍රමාණයත් අවම කරගත හැකියි නේද? (නි)
අපේ කට්ටිය ධර්මෙන් පැහැදී ඉන්නේ ලද හැකි හැම විටදී බීමට ලොල් වෙන්නේ දුරාචාරයම හිස් මුදුනින් පිළිගන්නේ අඹුවනේ ඇයි මුන්ව හුරතල් කරවන්නේ? (නි)
අසේල, අනතුරු වන්නේ අවුරුදු වලට විතරද? (නි)
ෆසල්, අනතුරු වන්නේ අවුරුදු වලට විතරද? (නි)
එක දවසක් අවුරුදු තිබිලා ඔහොම අනතුරු වෙනවා නම්,සතියක් අවුරුදු තිබුනා නම් කොහොමට අනතුරු වේවිද මන්දා......... (නි)
රේගුවේදී අර ස්ප්‍රීතු අල්ලගත්තේ නැත්නම් ඔය ගණන තවත් වැඩිකරගන්න තිබුනා. (නි)
පිස්සු වැඩ නොකර පළමුව තමන් ගැන හිතන්න (නි)
අපේ රටේ මේ අවුරුදු අනතුරු සාමාන්‍ය දෙයක්. නමුත් රජයවත් පුද්ගලික අංශයවත් මැදිහත් වෙලා ජන මාධ්‍ය මගින් ආරක්ෂාව ගැන පුළුල් ප්‍රචාරයක් දෙනවා නම් අනතුරු අවම කරන්න පුළුවන්. (නි)
සියළුම ශ්‍රී ලංකාවාසීන්ට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! (නි)