අවුරුදු 21 ට වැඩි සෑම සිංගප්පූරු වැසියකුටම සිංගප්පූරු ඩොලර් 300ක පාරිතෝෂිකයක් (බෝනස් මුදලක්) ගෙවන බව සිංගප්පූරු මුදල් අමාත්‍යවරයා ඉකුත් දා නිවේදනය කළේය.
පසුගිය වසරේ අයවැයෙන් සිංගප්පූරු ඩොලර් බිලියන 10ක (ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 7.6) අතිරික්තයක් ලැබී ඇති බවත් එහි ප්රතිලාභ සිංගප්පූරු වැසියන්ට හිමි විය යුතු බවත් සඳහන් කරමින් සිංගප්පූරු මුදල් අමාත්‍යවරයා ඒ බව කීය.
පාර්ලිමේන්තුවේදී තම අයවැය කතාව කරමින් සිංගප්පූරුවේ මුදල් අමාත්‍ය හෙන්ග් ස්වී කීත් අයවැය අතිරිකත්යක් වාර්තා වී ඇති බවත් අවුරුදු 21ට වැඩි සෑම සිංගප්පූරු පුරවැසියකුටම අදාළ අතිරිත්කයේ ප්රතිලාභ හිමිවිය යුතු බවත් කීවේය.
විශේෂ අවස්ථාවලදී ලබාදෙන මූල්‍ය ත්‍යාග සිංගප්පූරුවේ මැන්ඩරීන් භාෂාවෙන් ‘හොන්ග්බාඕ’ යනුවෙන් හඳුන්වන අතර අමාත්‍යවරයා බෝනස් මුදල විස්තර කළේද ‘හොන්ග්බාඕ’ වදන යොදාගනිමින් වීම විශේෂත්වයකි.
බෝනස් මුදල ගෙවීමේදී සිංගප්පූරු රජයට සිංගප්පූරු සිංගප්පූරු ඩොලර් මිලියන 700ක (එක්සත් ජනපද ඩොලර් මිලියන 533ක) පිරිවැයක් දැරීමට සිදු වේ. ජනතාවගේ ආදායම් තක්සේරු කිරීමෙන් අනතුරුව මෙම බෝනස් මුදල ගෙවන බව වාර්තා වේ. මේ අනුව මේ වසර අවසන් වනවිට සිංගප්පූරුවේ ලක්ෂ 27 ක පිරිසකට මෙම බෝනස් මුදල හිමිවනු ඇත.
ආදායම සිංගප්පූරු ඩොලර් 28,000 හෝ ඊට අඩු අගයක් හෝ ගන්නේ නම් එම පිරිසට සිංගප්පූරු ඩොලර් 300ක බෝනස් මුදලක් හිමි වේ. ආදායම සිංගප්පූරු ඩොලර් 28,001ත් සිංගප්පූරු ඩොලර් 100,000ත් අතර නම් එම පිරිසට සිංගප්පූරු ඩොලර් 200ක බෝනස් මුදලක් හිමිවන අතර ආදායම සිංගප්පූරු ඩොලර් 100,000 ඉක්මවන පිරිසට හිමිවන්නේ සිංගප්පූරු ඩොලර් 100ක බෝනස් මුදලකි.
සිංගප්පූරු රජය පසුගිය එනම් 2017 මූල්‍ය වර්ෂයේදී අපේක්ෂා කළාට වඩා ආදායම් ලබමින් සිංගප්පූරු ඩොලර් බිලියන 9.61ක ආදායම් අතිරික්තයක් වාර්තා කළේය.
අතිරික්ත මුදලෙන් ඩොලර් බිලියන 5ක මුදලක් එරට දුම්රිය යටිතල පහසුකම් අරමුදලට යොදවන බව මුදල් අමාත්‍යවරයා කීය. තවත් මුදලක් වැඩිහිටි ජනතාව වෙනුවෙන් ද තවත් මුදල් විවිධ ආබාධ තත්ත්වල සිටින ජනතාවගේ දෛනික කටයුතු සඳහා ද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රක්ෂණ වැඩසටහනක් සැකසීම සඳහා තවත් කොටසක් ද යොදවන බව සිංගප්පූරු මුදල් අමාත්‍යවරයා තවදුරටත් කීය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සල්ලි නම් කාගේ කාගේත් සාකුවලට ගිය නිසා අපිට නම් හැමදාම ලැබෙන්නේ හොම්බෙන් යන බාඕ නේ?
අපේනම් ඉතින් දියවන්නඔයේ ඉන්න "හරකුන්ට" ජිවිතකාලේටම බෝනස් ගෙවන්නේ චිරාත් කාලයක් තිස්සෙනේ සිංගප්පුරුවට ඕක අලුත් දෙයක් උනාට. ඒ අතින් බැලුවාම අපි කොච්චර දියුණු රටක්ද අම්මපා....
සිංගප්පුරුවට ඇත්තේ අය වැය අතිරික්තයක්. අපට ඇත්තේ කිසිදා පියව ගත නොහැකි අය වැය හිඟයක්.
අනේ අපි කවදාක පීනමුද ඒ ගංඟේ......
අපේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉන්න අය මෙහෙම හිතනවා ඇති; "අයියෝ මේ සිංගප්පුරු මන්ත්‍රීවරු පල් මෝඩයි. අපි එහෙමනම් ඒ සල්ලි ජනතාවට දෙන්නේ නෑ. අපි ගසා කනවා."
1996 සිට 2008 පමණ වනතුරු ඕස්ට්‍රේලියාවේ බජට් එක අතිරික්තව තිබුනාට සතයක්වත් රටවැසියන්ට දුන්නේ නැහැ. ඒ වෙනුවට නොයෙකුත් දීර්ඝ කාලීන සංවර්ධන වැඩ වලට යෙදුවා . නමුත් 2009 ලෝක ආර්ථික අවපාතයට ඔස්ට්‍රේලියාව පත් වීම වැලක්වීමට කියා සෑම දරුවෙකුටම ඩොලර් 900 ගානෙත් සෑම බදු ගෙවන්නෙකුටම 900 ගානෙත් බෙදුවා . ඒකෙන් චීනය දියුණු උනා මිසක් ඔස්ට්‍රේලියාවට පලක් නොවුන බව තමයි කියවුනේ .මොකද බලාපොරොත්තු රහිත මුදලක් අතට ලැබුනාම බොහෝ දෙනෙක් ඒවායින් මිලදී ගත් දේවල් හදා තිබුනේ චීනයෙයි . එකල විපක්ෂය කිව්වේ මේ මුදල ගණිකා ඇසුරකට වියදම් කලොත් පමණක් ඕස්ට්‍රේලියාවේ රැඳෙන බවත් බඩු මුට්ටු මිලදී ගැනීමෙන් චීනය පොහොසත් වන බවත් ය . ඒ කියමන ඇත්ත බව තේරෙන්නේ 2009 ට පසු තවමත් අතිරික්තයක් නොලැබීම නිසයි .
ලංකාවේ අපිටනම් හැමදාම බෝනස් හම්බ වෙනවා.
මේවා නිකම්ම පහල වෙන ප්රතිලාභ නෙවෙයි. කාර්යක්ෂම වැඩකරන ජනතාව , දුෂණයෙන් තොර දේශපාලකයන් සහ මනා දැනුමෙන් පරිපුර්ණ ක්‍රියාශීලි පරිපාලක නිලධාරීන්ගෙන් පොහොසත් රටක සරු අස්වැන්න. බලයට ආපු ගමන් රටේ සම්පත් ගෙදරට ගොඩ ගහගන්න දුෂිත දේශපාලකයන්, කොයි වෙලේ බැලුවත් ඈනුම් යවන ගමන් ඉන්න රජයේ සේවකයන් , උගත්කම තිබුනත් වෘත්තියට අදාළ ප්‍රායෝගික හැකියාවන් නැති නිලධාරින් සහ තවමත් යුද්ධය ගැන කතා කරමින් මිසක් ඉදිරියක් ගැන සැලසුම් නැති චන්ද දායකයන් ඉන්න රටකට මේවා මැජික්. !
මෙහෙත් දැන් මීළඟ අවුරුදු දෙකේ වයි පයි දීල බ්‍රේස්ලට් බැඳලා පයින් යන උන්ට බයිසිකල් දීල බයිසිකල් වල යන උන්ට කාර් දීල එහෙම ඉවර උනාම බලපල්ලකො බෝනස් දෙන හැටි?
කන්තෝරු වල අයට පඩි දීගන්න බැරිව ඉන්න ලංකාවේ අපිට නම් දිවියලෝක තියෙනවා කියන එකටත් වඩා හීන කතාවක් මීක. ඇත්තටම පුදුමයි.
බටහිර රටවල් වලට විරුද්ධව බොරුව ට කෑගහන ඇතැම් ඊනියා දේශප්‍රේමින් නිසා ශ්‍රී ලංකාව දියුණු බටහිර රටවල් වලින් ඈත්වුනා. බටහිර රටවල් ආදර්ශයට ගත යුතුයි කියන නිගමනය වෙනුවට දියුණු ආසියාතික රටවල් වලින් අපට බොහෝ දේ ඉගෙන ගත හැකිව තිබුනා. සිංගප්පුරුව හොඳම උදා හරණයක්. ලංකාදීප පුවත් පත සපයන තොරතුර ට අනුව අයවැය පරතරය නිමා කොට අතිරික්ත ධනයක් රටට ලබා දෙන්න එරට පාලකයින් සමත් වුයේ බොහෝ කලක සිට දුෂණය පිටු දකින්න ඒ රටට හැකි වූ නිසයි. පිරිසිඳු කම අතින් බැලුවත්, විනය අතින් බැලුවත් තාක්ෂණය අතින් බැලුවත් අපහට යුරෝපයෙන් ජර්මනියත් ආසියාවෙන් සිගප්පුරුවත් උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. අවාසනාවකට මෙන් දේශපාලන වාසි තකා වෙනත් රටවල ප්‍රතිපත්ති වලට බැණ වදිමින් තමන්ගේ මඩිය පමණක් තර කරගන්න උත්සාහ කරන දේශපාලකයින් සිටින ශ්‍රී ලංකාවට සිංගප්පුරුව සැමදාටමත් සිහින රාජ්‍යයක්ව පවතිනවා නොඅනුමානයි.
අර්ජුන මහේන්ද්‍රන්ටත් ලැබෙන්න ඇති.
අපිත් සිංගප්පූරුව වගේ තමා. පොඩි වෙනසකට තියෙන්නෙ, සිංගප්පූරුව ජනතාවට බෝනස් ගෙවනව, අපි රටම එකතුවෙලා මන්ද බුද්ධික 225 දෙනෙකුට පාරිතෝශික ගෙවනව. ඒක තමා අපේ මන්ද බුද්ධික රැල නිතරම වේදිකා වල කිව්වෙ 'ලංකාව සිංගප්පූරුවක් කොරනව' කියල.
මේ අතිරික්තයේ අපේ බැඳුම්කරේ සල්ලිත් තියනවද දන්නැහැ? හනේ හපොය් ලංකාවට ගිය කල !
එරට තිබෙන ජීවන වියදමේ හැටියට මෙමුදල එක්තරා සහනයක්
මාරු සිංගප්පූරුවේ එවුන් ලංකාවෙන් හොරකම් කරලා, 21 ට වැඩි පුරවැසියන්ට බොනසුත් දෙනවා. ලංකාවේ එවුන්ගේ ලොකුකම වැඩි හින්ද එක එකාට වැඩ පවර පවර ඉන්නවා... විශ්වවිද්‍යාල වල ඉන්න වුන් හිතන් ඉන්නේ වුන් තම මුළු ලෝකෙම නොම්මර එකේ වැඩ කාරයෝ කියාල. එත් හැමදාම පිකටින් එකක්. මහ බැංකු අධිපතිකමට එකෙක් ලංකාවෙන් හොයාගන්න බැහැ. ලංකාවේ ඉන්න නොම්මර එකේ වැඩකාරයෝ දන්නේ ඉගෙන ගෙන පිකටින් කර කර ඉන්න විතරයි. පිටරට එවුන් ඇවිල්ල ඔලුවට අත හෝදලා යනවා.
සින්ගපොරේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ කවදාවත්, අතිරික්තයක් තිබුනත් ජනතාවට ලැබෙන්නේ නැහැ,
අවුරුදු 21 ට වැඩි සෑම ලාංකිකයෙකුටම ඩොලර් 300ක පාරිතෝෂිකයක් (බෝනස් මුදලක්) ගෙවන බව ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා ඉකුත් දා නිවේදනය කළේය. පසුගිය වසරේ අයවැයෙන් රුපියල් බිලියන 10ක (ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 7.6) අතිරික්තයක් ලැබී ඇති බවත් එහි ප්රතිලාභ ශ්රීෟ ලංකා වැසියන්ට හිමි විය යුතු බවත් සඳහන් කරමින් මුදල් අමාත්‍යවරයා ඒ බව කීය. පාර්ලිමේන්තුවේදී තම අයවැය කතාව කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර අයවැය අතිරිකත්යක් වාර්තා වී ඇති බවත් අවුරුදු 21ට වැඩි සෑම පුරවැසියකුටම අදාළ අතිරිත්කයේ ප්රතිලාභ හිමිවිය යුතු බවත් කීවේය. විශේෂ අවස්ථාවලදී ලබාදෙන මූල්‍ය ත්‍යාග ලංකාවේ සිංහල භාෂාවෙන් ‘දානය’ යනුවෙන් හඳුන්වන අතර අමාත්‍යවරයා බෝනස් මුදල විස්තර කළේද ‘මල දානය’ වදන යොදාගනිමින් වීම විශේෂත්වයකි.
අපිට නම් මෙහෙම දෙයක් කවදාවත් අහන්න ලැබෙන එකක් නෑ. කවදාහරි මේ වගේ අතිරික්තයක් ලැබුණත් ඒක අපේ දේශපාලකයෝයි, රජයේ ඉහළ නිලධාරිනුයි ගන්න සැලසුම් හදනවා මිසක් මේ වගේ ජනතාව ගැන හිතලා නම් තීන්දු ගන්න එකක් නෑ. ඒකයි ලංකාවෙ හැටි...
එහෙ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ...
අපේ රට උදාහරණයකට අරන් සිංගප්පුරුව දියුණු වුනා.. මෙන්න ප්‍රතිඵල ..
අනේ වාසනාවන්!!! අපේත් පොහොට්ටුව පිපිලා. අපිටත් හොඳ කලක් යාවි සිංගප්පුරුවට වගේ ...
ඔන්න ලංකාවේ නම් අපිව හූරන් කන ආණ්ඩුවක් තියෙන්නේ. කියක් හරි හම්බ කරගත්තොත් නඩු දමනවා. බදු ගහනවා.
අපේ කට්ටියත් අපිට වැඩි වෙච්ච හරිය සිංගප්පූරුවෙන්ම කෙනෙක් ආනයනය කරලා බෙදලා දුන්නේ මහා බැංකුවේ වැඩි හරියයි. ඒ කියන්නේ අපිට (රට කරන උදවියට) තියනවා. සිංගප්පූරුවට වැඩිය අාදායමක්...
අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ.....
එක සිංගප්පූරු වැසියෙක් ඒ බෝනස් මුදල මදි හින්දා අපේ ලංකාවේ මහා බැංකුවෙන් චූටි බෝනස් පාරක් දා ගත්තා....
එහෙම දීමනා ලෙබෙන්න නම් සිගප්පූරු යටත් විජිත සමයක තමයි
ඇයි නැත්තේ අපෙත් ගෙවනවා... අපිට නෙමෙයි මේ රට කන අයට...
එහෙ මහබැංකු අධිපති ලංකාවෙන් ගිය කෙනා නෙවෙයි නේද?
වෙනස මේකයි - නීතිය තදින්ම ක්‍රියාත්මකයි, නීතිය කාටත් පොදුයි, කැබිනට් එකේ ඉන්නේ ඉහළින්ම උගත් පිරිසක් (15 දෙනයි), අන්‍යාගමිකයි (ව්‍යවස්ථාව සහ ආගම් දෙක එකිනෙක සම්බන්ධ නැහැ), ඉස්කෝලවල ආගම උගන්වන්නෙත් නැහැ.
අපිට නොමිලේ ලැබෙනවා නම් ඕනෙ දෙයක්. අපි වගේ කම්මැලි ජාතියක්. සිංගප්පූරුවට වඩා සෑම දෙයක්ම (ඇල්වතුර පවා) තියෙදිදී පිටරටින් එනතෙක් බලා ඉන්නවා.
අපිට බෝනස් නම් ඕනෑ නැහැ. එත් පිටරට වලින් ණය අරගෙන රට ණය බරක හිර කරන්නේ නැතිව රට පාලනය කළා නම් ඇති.