මන්නාරම ඇතුළු වන්නියේ අවතැන් වූ මුස්ලිම්වරුනට සාධාරණය පතා මුස්ලිම්වරු සිය දහස් ගණන් අද අනුරාධපුරය, වවුනියාව, කොළඹ හා තවත් බොහෝ පළාත්හි සිකුරාදා යාඥාවෙන් පසුව උද්ඝෝෂණය කළහ.
ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලියූ සංදේශයක් ඔවුන් වෙනුවෙන් මන්නාරම ඉස්ලාම් ආගමික මණ්ඩලයේ සභාපති එම්. ජුනයිඞ් මහතා විසින් ජනපති කාර්යාලයට බාරදෙනු ලැබීය.



1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් ජනතාව යනුවෙන් හදුන්වනේ නෑතිව මුස්ලිම් වරුන් ලෙස හදුන්වමින් සුලු ජනකොටසක් උලුප්පා පෙන්වන්නේද අප විසින්මය මෙය නිවරදි විය යුතු කරුනකි.හිමි වරුන් පුජක වරුන් විනිශ්යකරවරුන්,ජනාදිපතිවරුන්,දිසාපතිවරුන්, මෙසේ වරුන් යන පදය යෙදෙන්නේ සමාජයේ සෑලකිය යුතු කන්ඩායම්කටය (අ)
මන්නාරම ප්‍රදේශයේ ඉඩම් ප්‍රශ්නයේදී මුස්ලිම් අය ගිහින් දෙමළ ගමට ගැහුව, ඊට පස්සේ අධිකරණයෙන් දෙමළ අයට අයින් වෙන්න සති තුනක කාලයක් දුන්නා කියල මුස්ලිම් අය අධිකරණයටත් ගැහුවා.LTTE එක ඒ දවස් වල උතුරු නැගෙනහිර හිටපු දෙමළ නොවන හැමෝටම ඉවත් වෙන්න දුන්නේ පැය 24යි. දැන් මුස්ලිම් අය කියන්නේ දෙමළ අයටත් පැය 24න් ගමෙන් අයින් වෙන්න කියලද? අනිත් එක මුස්ලිම් අයට විතරක් නෙවෙයි උතුරු නැගෙනහිර සිංහල අයටත් ඉඩම් අහිමි වුනා. දැන් මුස්ලිම් බහුතරයක් ඉන්න නැගෙනහිර පළාතේ අදටවත් සිංහල, දෙමළ අයගේ ඉඩම් අයිතිය තහවුරු වෙලා තියෙනවාද? ඇත්තටම මේ අය ඊයේ උද්ගෝෂණය කලේ මෙයාලගේ බලය පෙන්නල අධිකරණයට අපහාස කරපු රිෂාඩ් බදූර්දීන් ඇමතිවරයාට එරෙහි පරීක්ෂණ යටපත් කරන්න. තවත් විදිහකට කියනව නම් මුස්ලිම් අය ඊයෙත් කලේ අධිකරණයට අපහාස කරපු එක. මෙතන අදහස් දැක්කම පේනව අපේ සිංහල අය සමහරු තාමත් මුස්ලිම් අයගැන හරියට තේරුම් අරගෙන නෑ කියන එක. එයාලට කියන්නේ පරිස්සමෙන්, කල්පනාවෙන් ඉන්න කියන එක තමයි. මෙහෙම ගියොත් සිංහල අපේ දකුණේ ඉඩම් අයිතියට ගන්න දවස වැඩි ඈතක නැති වෙන්න පුළුවන්.(නු)
නිමල් අපට ඉන්දියාවට යන්න වෙයිද අයිතිය ඉල්ලන්න!!(නු)
අමතක කරන්න එපා. යාපනයේ, වව්නියාවේ සහ කිලිනොච්චියේ මුස්ලිම්වරු 100000 ට වඩා හිටපු බව. (ස)
නිමල් අපට බය නැතිව සෞදියෙ පකිස්තානෙ ගිහිල්ලා කියන්න පුළුවං..ඒත් අපි ඉපදුණු රට තව රටකට පාවා දෙන්න දේශ ද්‍රෝහී වෙන්න එපා..!!(නු)
උප්පැන්න සහතිකයේ, ජාතික හැදුනුම්පතේ, ගුවන් ගමන් බලපත්‍රයේ ශ්‍රී ලාංකික යැයි සදහන් ඕනෑම පුද්ගලයෙක් අපේ රටේ පුරවැසියෙක්! ඒ අයට යම්කිසි අසහනයක් උනානම් ඒ සම්බන්දව සොයාබලා එයට නියමිත සහනයක් ලබාදෙන්න රජය බැදී ඉන්නවා. අපි සියලු දෙනාම එකාවන්ව රට යහපත් විදිහට ගොඩනගන්න දිරි දෙමු.(නු)
මැද පෙරදිග සිංහල අපිට ඔය අයිතිය තියෙනවද ? ලංකාවේ කාට්ටන්කුඩියේ ඔය අයිතිය තිබෙනවද ? සිංහල අපේ දේශපාලන බෙදිල්ල නිසා සිංහල අපිට කවදා හරි මුහුදට පනින්න වෙන්නේ. අල්ලපු ගෙදර වටේ වැට ඉන්න වෙනස් උනහම මිනී මරාගන්න හොර සිංහල සමාජ වාදියෝ බොරුවට කෑගහනවා. කවදා හරි දෙමළ කතා කරන ඔය දෙගොල්ලොම එකතුවෙලා අපිට ගහනවා. (ස)
මෙතන ඇමතිවරයෙක් සම්බන්ධ දෙයක් නොවෙයි තියෙන්නේ. ප්‍රභාකරන් 1990දී එක රැයින් මුස්ලිම්වරුන් එලවා දැම්මා. ඒ අහිංසක මිනිසුන් මන්නාරමට ගිහින් පදිංචි වෙලා ගෙවල් දොරවල් නැතිව සරණාගතයන් විදිහට අවුරුදු 20ක් ජීවත්වුනාට පස්සේ දැන් ආයේ ඒ ගොල්ලන්ව මන්නාරමෙන් එළවා දමන්න හදනවා. කරුණාකර ජාතිවාදීව මේ ප්‍රශ්ණය දිහා බලන්න එපා. ජාතිය මොකක් වුනත් මේ අයත් මිනිස්සු, ශ්‍රී ලාංකිකයෝ. උදවු නොකළත් කමක් නැහැ, කරුණාකරලා ජාතිවාදය නම් අවුස්සන්න හදන්න එපා. මතක තියා ගන්න දිට්ට ධම්මවේදනීය කර්මය තමුන්ට පළ දිය හැකි බව.... (නි)
වවුලගේ ගෙදර ගියානම් එල්ලිලා හිටපන් කීවලු...(නු)
මෙන්ඩිස් මහත්තයෝ ඔබ තුමා මෙච්චර කල් ඉන්න ඇත්තේ මොන ලිඳේද කියලයි මම මේ කල්පනා කලේ. දන්නේ නැද්ද LTTE එක සිංහල අයව වගේම මුස්ලිම් අයවත් උතුරෙන් එළවල දැම්ම කියල ඉතින් මුස්ලිම් අය කොහොමද LTTE එකට එකතු වෙන්නේ? අනිත් එක තමන් අමාරුවේ වැටෙන වෙලාවේ විතරක් “අපි ශ්‍රීලාංකික“ කියන මුස්ලිම් අය අනිත් වෙලාවට කියන්නේ “අපි මුස්ලිම්වරු“ කියලනේ. ඒ වුනාට යුද්දේ දවස් වල මුස්ලිම් අය කීයෙන් කී දෙනාද රට වෙනුවෙන් හමුදාවට බැඳිල යුද්දෙටවත් ගියේ? යුද්දෙට ගියේ නෑ කියන්නෙත් ඉතින් වක්‍රා කාරයෙන් LTTE එකට උදව් කලා වගේ තමයි. යුද්දේ යන දවස්වල මුස්ලිම් අය කලේ සිංහල අයගේ අනුකම්පාවෙන් ප්‍රයෝජන අරගෙන දරු මල්ලෝ 7-8 හදාගෙන දකුණේ සිංහල අයට කලින් අයිති වෙලා තබුන ගම්,නගර,මහා මාර්ග දෙපස ඉඩම් අල්ල ගත්ත එක. එදා උතුරේ යුද්දේ නිසා මුස්ලිම් අය දකුණේ කරපු යුද්දේ ගොඩක් සිංහල අය දැක්කේ නෑ කියමුකෝ. ඒත් අදටත් නොදකින එකනේ පුදුමේ? (ස)
සිංහල අය ප‍්‍රතිචාර දක්වන්න කලින් හිතන්න,මේ පින්තුර බලන්න,වටහා ගන්න මේය සංවිදානාත්මකයි, ජාතිවාදියි (1.මුස්ලිම්වරුනට සාධාරණය. 2.අනුරාධපුරය, වවුනියාව, කොළඹ හා තවත්.. 3.සිකුරාදා යාඥාවෙන් පසුව උද්ඝෝෂණය කළහ)තනකොල කනවා වගේ ප‍්‍රතිචාර දක්වන්න එපා ජාතිවාදය අවුස්සලා තියෙන්නෙ කවුද...? මුස්ලිම්වරු යන්න හා අවතැන් වූවන් යන්න දෙකක් මුස්ලිම්වරු රටපුරා උද්ඝෝෂණයේ තව එකක්..මන්නාරම.. කොළඹද..? තියෙන්නෙ (දී)
කව්රුවත් ජාතිවාදය අව්ස්සන්නේ නැහැ (දී)
ටිකක් බයත් හිතෙනවා (දී)
ඔසන් සලාම් - දෝහා, ඔබගේ අදහස ඔබට සාධාරණ ඇති.. (කොටින් අපිව මැරුවත් ඔවුන්ට යටත්වන්නේ නෑ කියන හැගීමෙන් තමයි එදා ඔවුන් හිටියේ)ඇයි ආවෙ අපිට ආදරයටද කොටින් අපිව මැරුවත් යන්නේ නෑ කියල ඉන්න තිබුණානේ ,හැමදේම වාසියට හරව ගන්න එපා. (ස)
සිංහල බෞද්ධ අපි කවදාවත්ම ජාතීවාදීන් නෙවෙයි.ඒ නිසා අපේ අතින් නම් කවදාවත්ම මුස්ලිම් වරුන්ට අසාධාරණයක් වෙලා නැහැ. අපි කවදාවත්ම ජාතීවාදී නොවුනු පිරිසක්.සමහර සුළු කොටසක් අන්තවාදීන් ඉන්න පුළුවන්.ඒක නැහැ කියන්නේ නැහැ.ඒත් බහුතර සිංහල බෞද්ධ ජනතාව නම් කිසිසේත්ම ජාතිවාදීන් නෙවෙයි.සමහර විට තමන්ගේ සිංහල බෞද්ධකම පැත්තක දාලා මුස්ලිම් මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න යහපත් සිංහල බෞද්ධ බහුතර ජනතාව ඕනෑ තරම් ඉන්නවා. (නි)
අවුරැදු 20 කින් 50 කින් 100 කින් මේ රටට වෙනදේ ගැන එකෙක්කෙනා අනාවකි කියනවා. දැන් සිදුවන ආපදාවල හැටියට තව අවුරැද්දකින් ලංකාව තිබේද යන්න සැක සහිතය. ලෝකය පවතීද යන්න සැක සහිතයි. මුලින් සිතන්න ඕන තමන්ට එච්චර කාලයක් ජීවත් වීම ෂුවර්ද කියලා. සොබාදහම සිදුකරන අනතුරැ මිනිසාට නවත්වන්න බැහැ. රිච්ටර් මාපක 9.0 ක සුනාමිය ලංකාවේ අපටනම් ජීවිතේට අමතක කරන්න බැහැ. ඒ සුනාමියට අහුවුනු අය ඒ වෙලාවේ සිතන්න ඇති එදාම ලෝක අවසානය සිදුවෙනවා කියලා. 2028 වන විට ලෝකයේ විශාල ජල හිගයක් ඇතිවනවා කියලා කියනවා. මුහුදේ තිබෙන ජල ප්‍රමාණයේ හැටියට එවැන්නක් සිදුවේ දැයි හීනෙකින් වත් සිතන්න පුළුවන්ද? එදිනට අපි පනපිටින් සිටීද, එය කියපු අය පණපිටින් සිටීද? සරල ජීවිතයකට පුරැදුවී තමන්ගේ ආගම ගැන විශ්වාසය තමා මැරෙන එකට වඩා මිනිසුන්ට වෙනත් විකල්පයක් මෙලොව නැත. (දී)
සිංහලයෙක් වශයෙන් මමත් එනවා ඔබ සමග. මේ මුස්ලිම් ජනතාව දෙමල ඉලම්වාදීන් විසින් පහරදී එලෙව්වට පස්සේ දැන් ඉන්න තැන්වල පදිංචි වෙන්න උනා. කැමැත්තකින් නෙවි. දැන් දෙමල අයට ඉඩ දීල මේ අයට ඉවත්ව යන්න කියා උසාවියෙන් කියනවා . මේ මිනිස්සුන්ගේ ඉඩම් තාම වෙනත් අය අල්ලාගෙන. මේ මිනිස්සු අරාබි කාරයෝ හෝ තලේ බන් ල නොවේ. අපේ රටේ ඉපදුන අපි ටත් වඩා ත්‍රස්තවාදය නිසා හැමදේම නැති වෙලා අසරණ උන මිනිස්සු. යුද්දේ ඉවර වෙලත් තවත් සැරයක් අවතැන් වෙන්නද කියන්නේ ? (දී)
වෙළඳාමෙ ආපු අරාබිවරුන් සිංහල ගැහැණුන් විවාහ කර ගත්තේ නැත්නම් අද මුස්ලිම් ජාතියක් ලන්කාවෙ නෑ. අපි මුස්ලිම් වුනාට අඩක් සිංහල. අපේ මව් භාෂාව අරාබිත් නෙවෙයි. (දී)
මුස්ලිම් අයට ලංකාවේ කිසිම අයිතියක් නෑ. එක මුලින්ම දැනගන්න. අරාබියේ අවරුදු ගානක් හිටියත් අපිට ඒ රටවල ඉඩමක් සල්ලිවලට ගන්න දෙනවද??? මුස්ලිම්, දෙමළ ජාතිවාදය නිසා හැමදාම බැටකාපු අසරණ සිංහල මිනිස්සුන්ට මොකද වෙන්නේ?? තමන්ගේ රටේ ඉන්න තැනක නෑ. අද ප්‍රධාන නගරවල අනවසර ලෙස පදිංචි වෙලා ඉන්නේ මුස්ලිම් මිනිස්සු. පාරේ යන්නවත් බැරි විදිහට ගෙවල් කඩ හදලා, ඒ මදිවට පාර මැදට වෙලා ඉන්නවා යන්න බැරි වෙන්න. මන හිතන්නේ මුස්ලිම් මිනිස්සු ටික අරාබියටම යැව්වා නම ඕන තරම් ඉඩ තියනවනේ එහේ. මක්කමටත් ලගයිනේ..(ස)
අවතැන් මුස්ලිම්වරුන්ට සාධාරණය ඉටු කළ යුතුයි. නමුත් අධිකරණයට තර්ජනය කිරීමට ඉඩදිය යුතු නැහැ. අධිකරණය තීන්දුවකින් අසධාරණයක් වුණා නම් කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම මිස තර්ජනය කිරීම හෝ උද්ඝෝෂණය කිරීම නොවේ! (නි)
එම්.අයි. හසන් 2012-07-29 02:02:04 කුවේණිගෙ යක්ෂ ගෝත්‍රය හැර අන් සියලුදෙනා ඉන්දියාවට, අරාබියට සහ යුරෝපෙට යන්න ලෑස්ති වෙන්න.. අදහස් ප්‍රකාශ කිරීමට පෙර සිතා බලන්න.. කමල්.(නු) යක්ෂ ගෝත්‍රිකයො විතරක් නෙවේ ලංකාවේ නාග දේව වගේ තවත් ගෝත්‍ර තිබුණා.සිංහලයන් වැඩිදෙනෙක් පැවතෙන්නෙ මේ අයගෙන්.විවිධ කාලවල ලංකාවට සංක්‍රමණය වුණු සුලු පිරිසක් විවිධ සංස්කෘතික අංග මෙරටට ගෙනාවා. සිංහලයන් ඒවයෙ හොද කොටස් භාර ගත්තා (බුදුදහම වගේ දේවල්).ඒ වගේම ආපු ජන කොටස් ඉක්මණින්ම දේශීය කරණය වුනා මිසක් ඉන්දියාවට කත් අදින්න ගියේ නෑ.මුස්ලිම් අය ලංකාවට ඇවිත් දැන් අවුරුදු දාහක් වුනත්,සියයට අනූවක්ම දේශිය ජන කොටසක් වුණත් තාමත් ලාංකිකයන් හැටියට හිතන්නෙ නැහැ. ඒකනෙ ඔහේලා පකිස්තාන ක්‍රිකට් ටීම් එක දිනන කොට හුරේ දාන්නෙ.වෙනම ඊලමක් ඉල්ලල යුද්ධ කරපු ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයොවත් ඉන්දියාවට ඔච්චර ගැති නැහැ. ඒකයි අපි ඔහේලට යන්න කියන්නේ.තව එකක්. ලංකාව වෙනුවෙන් මැරුණ ඉස්ලාම් ආගම ඇදහු අය සියලු දෙනාම පාහේ මැලේවරු. මුවර් නෙමෙයි. (නි)
නිමල්! ඔලුවක් තියෙන මිනිහෙක් වගේ කතා කරන්න..ඔයාගේ පරම්පරාවම ජාතිවාදී කල්ලියක් වගේ පේන්නේ. (නි)
ඔබගේ අදහස් දැක්වීම ස්තුතියි!. සොභාව ධර්මයේ නීතියට මේ ලෝකයේ සෑම නීතියක්ම යටත්. ඔබගේ අදහස් සොභාව ධර්මයේ නීතියේ අනුමැතිය සදහා යොමුකර ඇත. (නි)
මොහොමඩ් රිස්වාන්, අමිලව ලංකාවට අවශ්‍ය නැත...(නු)
සිංහල බෞද්ධයන් හැමදාමත් හැමෝටම හොදින් සැළකුවා. බංගලාදේශ වගේ රටවල තමයි බුද්ධාගමේ අයට ගහ ගහ එළවන්නේ. හැමෝම මුස්ලිම් වුනේ නැතිනම් ඒ රටවල් වල ජීවත් වෙන්නත් අමාරුයි. අපේ රටේ මුස්ලිම් අය අපිට කියන්න ඕනේ නැහැ සාධාරණයක් කරන්නකියලා. මෙහේ මුස්ලිම් අයට සිංහල අයට වඩා සාධාරණය වෙන ඕන තරම් අවස්තාවල් තියෙනවා. මුස්ලිම් අය මතක තියා ගන්න මේ ටික. මුස්ලිම් බහුතරයක් ඉන්න කිසිම රටක් මේ ලෝකේ සාර්ථක වෙලා නැහැ. හැම රටකම මරාගෙන මැරෙන ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒ නිසා ඔය කෙළවරක් නැතිව ගැටව් බෝකරන එක නවත්තලා මේ රටට ගැලපෙන විදියට හිතන්න. ඔය ප්‍රශ්න නිකන්මම විසදෙයි එතකොට. (ස)
පස්සෙ වැඩේ කර ගමු.. කවුරුත් එකතුවෙලා රිසානා නපික් බේර ගන්න කියලා අදාල රජයට බල කරමු..? (නු)
මුස්ලිම් සහෝදරවරුනි, ඔබ අනිත් අයගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න කලින් ඔයාලත් සාධාරණ වෙලා ඉන්න.. අපි දන්නවා නැගෙනහිර පැත්තෙ වෙන්නෙ මොනවාද කියලා.. ඔයගොල්ලන් සමබර වූ විට සිංහලයන් උදව් කරයි..!!(නු)
රැවන්, ජිනීවා ප්‍රශ්නෙදි ලංකාවේ නම රැක දුන්නේ කවුද? මුස්ලිම් රටවල්...... ඔයා නොදන්නවා වුණාට මුස්ලිම්වරුන් කියන්නෙත් සිංහලයන්ම තමයි. (නි)
ඔයාල මුස්ලිම්ලට කියන්නේ අරාබියට යන්න කියලා. එතකෙට බෞද්ධයන්ට කියන්න වෙන්නේ ඉන්දියාවට යන්න කියලා. මොකද බුදු හාමුදුරුවෝ ලංකාවේ නොවෙයිනේ. ඉන්දියාවෙනේ. එහෙනම් ඉන්දියාවට ගිහින් ඉන්න තමයි වෙන්නේ. (ස)
මුස්ලිම් අයට ලංකාවේ කිසිම අයිතියක් නෑ. අතීතයේ පටන් මුලු ලෝකෙම මුස්ලිම් ලෝකයක් කීරීමේ අන්ධ අරමුණකින් ක්‍රියා කරන මොවුන් කවදාවත් වෙනත් ජාතිකයකුට අරාබියේ අතිවාසිකමක් කියන්න තියා තමන්ගේ ආගමවත් අදහන්න ඉඩක් දෙනවද? ඔබ ලංකාව කවද හරි ඇෆ්ගනිස්තානයක් වෙන්න ඉඩ දෙනවද? ලෝකය පුරා තිබුණු බෞද්ධ රටවල් අල්ලගත්ත වගේ ලංකාවත් අල්ලා ගැනීමේ පූර්ව ක්‍රියාකාරකම් ගැන ජනතාවත් රජයත් තේරුම් ගත යුතුයි. (නි)
අපි ලාංකිකක නේද? කියලා මතක් වෙන්නෙ මොකක් හරි කරදරයක් උනාම තමයි හැමෝටම...(නු)
තමන්ට යමක් උනාම තමයි ලාංකික කියලා මතක් වෙන්නෙ.. (නු)
මුස්ලිම් අය එයාලට ඕන ඕන විදියට දැන් නටන්න හදනවා,. දෙමළ සිංහල අය ගහගන්නකොට දෙපැත්ත කොටවපු එකයි එයාලා කළේ. තව ටික දවසකින් දෙමළ සිංහල අපට මුහුදට පනින්න තමයි වෙන්නේ. (නි)
මෙයාලා දැන්ම ඉදලා උද්ඝෝෂණ පටන් අරගෙන කදා හරි රටට පිළිල වේවි (ස)
මුස්ලිම්, ද්‍රවිඩ අයට කුඩම්මගේ සැලකිලි වත් තියෙනවා. සිංහල අයට....? කව්රු උනත් දේශපාලන චන්ඩි කම් දාන්න එනවනම් ඒවා බැහැ. මෙතන උත්සහ කරන්නේ අධිකරණයට හානි කරපු අලාභ කරපු ඇමති බධුද්දීන්ව ජාති භේදයකින් තොරව සිංහල, දෙමල, මුස්ලිම් දේශපාලකයන් එකතුවී ආරක්ෂා කර ගැනිමයි. සියලු දේශපාලකයන්ට තරු පේන්න දෙන්න ඕන හොද සිර දඩුවමක්. නැත්නම් හරි වැරැද්ද කෙසේ වෙතත් එස්. බි.ට එක විධියකටත් බධුද්දීන්ට තව විධියකටත් සැලකුවොත් එස්. බි. නැවතත් කියාවි පරණ උධාන වාක්‍යයම (දී)
අරාබියට ගිහින් අයිතිය ඉල්ලන එක හොඳයි. (ස)
මහ ගමණක ආරම්භය. මේ පළමුවැනි අදියර. (ස)
අපිට ඉතින් කුඩම්මගේ සැලකිලි තමයි. වැඩක් නැහැ කාට කිව්වත්. ප්‍රභාකරන් නිසා අවුුදු 30 ක් දුක් විදපු අපිට දැන් දුක්වෙන එක වැඩක් ද ??(ස)
කමල් තමන්ගේ ගතිය පෙන්නන්න එපා අනුන්ට..(නු)
සිංහලයෝ ජාතිවාදීන් වුණා නම් අද ලංකාවේ සුළු ජාතින් නැහැ ! ඔය අනික් රටවල වගේ ලංකාවේ ජිවත්වෙන සියලු දෙනාම එහෙනම් සිංහල . මුස්ලිම් අය උද්ෂෝෂණ පටන්ගන්නෙම සිකුරාදා දේව මෙහෙයෙන් පස්සේ .ඒගොල්ලෝ හිතන්නේ මුස්ලිම් නිසා ඒ ගොල්ලොන්ට විශේෂ වරප්‍රසාද තියෙන්න ඕනෑ කියලා. දෙමළ අයත් තාම අනාථ කඳවුරුවල ඉන්නවා. මොකද මෙයාලට මේ හදිස්සියයෙම උද්ඝෝෂණ කරන්න මතක් වුණේ? ඇයි නැතිවුණ අයිතීන් ඉල්ලලා උතුරේ උද්ඝෝෂණ කරන්නේ නැත්තේ . තාම සැගවුන කොටි ඉන්න නිසාද ?ඔයගොල්ලන්ගේ ලුණු ගොරක මදි අපිව නම් තම්බන්න. සිංහල මිනිස්සු ඉන්දියාවෙන් ඇවිත් පදිංචි වුණා කියලා හිතන අය කියන්න බලන්න, ඉන්දියාවේ කොයි ප්‍රදේශයේද සිංහල කතා කරන මිනිසුන් ඉන්නේ කියලා ? අර කවුද මේකේ ලියල තිබුනා වගේ, අපේ අය තාම අදුනා ගත්තේ නැහැ මුස්ලිම් කියන්නේ කවුද කියලා. අදුනා ගන්නකොට පරක්කු වැඩිවුණා වෙන්න පුළුවන් ! ! ! (නි)
ඉතිහාසය හොදින් බලන්න....කමල්.. (නු)
කමල් හරියටම හරි.. එත් මෙයාල එයිද?(නු)
ඊළග ඊලාම් යුද්ධයේ ඇරඹුම වෙයිද?(නු)
මෙහෙම කරන්නෙ දෙමළ අයට වගේ මෙයාලටත් වෙනම පාලනයක් ඕන වෙලාද දන්නෙ නැහැ.. (නු)
ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වත්ද (දී)
මෙයාලත් අඩව්වක් අල්ලන්න ලේස්තිවෙන්නේ මේ සැරේනම් කල්පනාවෙන්. (ස)
ලාංකික මුස්ලිම්වරුන්ට සාධාරණයක් ලබාදෙන්න. (ස)
මේ හැම ජාතියක්ම ඉපදෙන මැරෙන මිනිස්සු කියලා හිතන්න... පළමුව රට ගැන හිතන්න...(නු)
මේ කොහෙද අවතැන් වෙලා ඉන්නෙ.. දෙමළ මිනිස්සු තාම කදවුරුවල.. ඊට වඩා ලොකු ප්‍රශ්ණයක්ද මේක..?(නු)
මුස්ලිම්වරු කියන්නෙ කවුද කියලා අපේ අය තවම හරියට හදුනාගෙන නැහැ...(නු)
අප රටේ අතලොස්සක්වූ සමහර අයගේ ඔළුවේ අරක්ගෙන තිබෙන ජාතිවාදී මහජාතී ආකල්පය නිසා සමහර රටේ සමහර ප්‍රශ්නයන් ගැන හරිහැටි අවබෝධයක් නැතිව මෙහි කමෙන්ට්ස් පවා ලියා තිබෙනවා. ඕනෑම ප්‍රශ්නයකදී එය හරියාකාරව දැනගෙන කිවලිවිය යුතුයි. උතුරේ සහ මන්නාරම ප්‍රදේශවල පදිංචිව සිටි දහස් ගණන් මුස්ලිම් ජනතාව 1990 දී කොටි ත්‍රස්තවාදීන් විසින් අතේ කුඩා ෂොපිං බෑග් එකට දැමිය හැකි බඩු පමණක් අරගෙන යන්න කියා එලෙව්වා. ඔවුන් එලවන්න හේතුව ඇයි ? රජයට සහ හමුදාවට විරුද්ධව කොටින් සමග එකට වැඩකරන්න රජය සමග යුද්ධ කරන්න එක්වෙන්න කියපු ඉල්ලීම අපේ මුස්ලිම් අය ප්‍රතික්ෂේප කළ නිසාවෙන් ඔවුන්ට පැය 24 තුල පිටවෙන්න කියා කොටීන් අණ කළා. මෙසේ සිදුවුණේ අපි ශ්‍රීලාංකිකයෝ කොටින් අපිව මැරුවත් ඔවුන්ට යටත්වන්නේ නෑ කියන හැගීමෙන් තමයි එදා ඔවුන් හිටියේ...නමුත් අද යුද්ධය අවසන් නිසා නැවත ඔවුන්ගේ ගම්වලට යන්න කැමතියි. නමුත් එසේ යන්න තවමත් බැරිවී තිබෙනවා. ඒ නිසාම නැවත ඔවුන්ව යලි පදිංචි කරවීම සදහා පියවර ගන්න රජයට බලකිරීමට තමා ඔවුන් මෙසේ උද්ඝෝෂණ කරන්නේ....මෙය මානුෂික පැත්තෙන් බලනචා මිසක් ජාතිවාදී පැත්තෙන් බැලීම සාධාරණද ? ඇමති සහ ඔහුගේ පවුලේ අය පවා එසේ කොටීන් විසින් එලවන ලද සරනාගතයන් බව දැනගත යුතුයි....කොටීන් නිසා ගිලිහී ගිය තමන්ගේ ගේදොර ඉඩම් නැවත ලබාගැනීමට අදත් ඔවුන්ට සටන්කරන්න සිදුවෙලා.... (ස)
මේගොල්ල මේ වනතෙක් රට පාවා දුන්නේ නැහැ.. ඔවුන් වෙනුවෙන් සාධාරණයක් කරන්න..?(නු)
මොනවා උනත් මේ අය රට පාවාදුන්නෙ නැහැ..(නු)
ජාතිවාදයක් රටේ නොමැති බව මේ අදහස් දැක්කම පේනවා (දී)
සිංහල දෙමළ මුස්ලිම් අපි ඔක්කොම ලාංකිකයෝ. ඒත් එමතන මේ අය දඟලන්නේ මේගොල්ලන්ගේ කෙනාව බේරාගන්න. සිංහලයෝ ජාතිවාදී කිව්ව එක මේගොල්ලො කරපු වැරැද්දක්, නීතිය කාටත් එක සමානයි. (අ)
අනේ ඉතින් කාට කියන්න ද මේ ගොල්ලෝ අවතැන්ලු (ස)
ඔය අර ඇමැතිගෙ කට්ටිය. නැතනම් මේ එකපාරට මොකද මේවා මතක් වෙන්නේ. (අ)
තව අවුරුදු 250කින් සිංහල - මුස්ලිම් ගැටුමක් ඇති වෙනවා. පුංචි පවුල රත්තරං සංකල්පය නිසා තමයි සිංහලයන්ට මෙහෙම විනාශයක් වුණේ. (නි)
ඔබට එක අවස්ථාවක් දුන්නා. (ස)
මම ඉන්නේ සෞදි අරාබියේ. නමුත් මේ රටේ ජාතිය හරිම නපුරුයි. මොකද අපි හොඳට වැඩ කළේ නැති නිසා අපි හොඳට වැඩ කළොත් එයාලා පුදුම ආදරෙයි. මුස්ලිම් ජාතිය එහෙම තමයි. නමුත් අපේ ජාතිය බොරුවට කෑගහන මිනිස්සු. අපේ වගේ මිනිස්සු හින්දා තමයි අපේ ගෑණු ඇවිල්ලා රට රටවල් ගානේ දුක් වෙන්නේ. අපේ කොන්ද පණ නැති සිංහල මිනිස්සුනේ කොන්ද කෙලින් තියා ගන්න. ඊට පස්සේ අනුන්ට දොස් කියන්න. (ස)
මේගොල්ලේ මහා අන්තවාදී අය. තවත් අවුරුදු ගණනක් යද්දී මුළු ලෝකේ පුරාම කැරලි ගහයි. (අ)
වෙන අඩු මොනවද අපිට ? (ස)
අහක යන නයි දාගත්තෙ අපි නම් නෙමෙයි..!!(නු)
අපේ ලංකාවත් ඉවරයි වගේ.
උසාවියට ඇගිල්ල දික්කරන්න කාටවත් බැහැ.. මම උසාවියට ගරු කරනවා.. කළ වරදට සමාව අරගෙන රාමසාන් මාසෙ පිනක් දහමක් රකගන්න..(නු)
ඇයි එයාලා අවතැන් වුනේ. අර ඇමති වරයා බේරාගන්න ද මෙයාලා උද්ඝෝෂණය කරන්නේ. (ස)
ඔහුන්ට සහනයක් සැලසේවා (දී)
නිමල් ලලිත, ජානක,සෑම්,සුජිත් නිශාන්ත හේවගේ ඔබ,කුමාරි ඔයා හරි..මෙතන සිතන්න දෙයක් තියෙනවා මෙයාලා මුස්ලිම් යන්න පැහැදීලිව මතුකරලා තියෙනවා Photos බලන්න අනික සංවිදානත්මකයි ..(මුස්ලිම්වරුනට සාධාරණය...අනුරාධපුරය, වවුනියාව, කොළඹ ) මෙය භායානකයි.. මෙතන දේශපාලනයත් තියෙනවා..ප‍්‍රතිචාර දක්වන අය හොදින් කියනවනම් බලනවනම් හොදයි. (ස)
අනේ ජාතිවාදී මෝඩයනි, කපිතාන් තුවාන් මීඩින් කියන්නේ කවුරුද කියලා දන්නවාද? ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බුද්ධි අංශයේ නායක කපිතාන් නිලාම් මොන ජාතිකයෙක්ද කියලා දන්නවද? නිකන් කුහක වෙන්න එපා. තමුන් දාන මෝඩ අදහස් වලින් මුලු සිංහල ජාතියටම අවමානයක් වෙන බව මතක තියාගන්න. එල්.ටී.ටී. එක හිටියනම් හොඳයි කියන සමන් වගේ සිංහල කොටි හින්ද තමයි ප්‍රභාකරන්ට පුලුවන් උනේ අරන්තලාවේ අමු අමුවේ භික්‍ෂූන් ඝාතනය කරන්න. යූ.එන්. එක ලංකාව යුධ අපරාධ කලා කියලා යෝජනා සම්මත කර ගන්නකොට ලංකාවට පක්ෂව ඡන්දය දුන්නේ මුස්ලිම් රටවල්ද නැත්නම් ඔහේලා ගැතිවෙන සුද්දන්ද? (නි)
මගේ හොඳම යාළුවාත් මුස්ලිම් ජාතිකයෙක්...අපි ඔයාලා සමඟයි.. (ස)
නිමල් අපි පළමුව ලාංකිකයෝ දෙවනුව මුස්ලිම ජාතිකයි. අද අරාබියේ රැකියා දෙන්නේ මුස්ලිම් සිංහල කියලා බළලා නෙවෙයි. ඔබ දන්නවද අරාබියේ වැඩිපුරම ඉන්නේ ලංකාවේ සිංහල සහෝදරයන් කියලා. තව දෙයක් ඔබගේ අදහස් අනුව මුස්ලිම් ජාතිකයන්ට අරාබිය නම් ඔබට කොහේද ? (ස)
කමල්, අපි දන්නේ නැහැනේ ලංකාව ඔයාගේ තාත්තාගේ කියලා. ඔයාට මුස්ලිම්වරු අරාබියට යවන්නත් ඕනේ, අරාබියෙන් ඉඩම් ගන්නත් ඕනේ. හරි, අපි වැඩේට බහිමු. මුස්ලිම්වරු අරාබියට යවලා, දෙමළ ජනතාව තමිල් නාඩුවට යවලා, කතෝලිකයන් වතිකානුවට යවලා ලංකාව සුද්ධට විකුනමු! (නු)
කරුණාකර මේ ප්‍රශ්නය නිරාකරණය කර දෙන්න (දී)
මෙයාලට වෙච්ච අසාධාරණයක් නෑ..මෙයාලාගේ හැටි තව ටික දවසකින් බලාගන්න පුළුවන් වේවි... (ස)
මුස්ලිම් සහෝදර වරුනේ ප්‍රශ්නයකට ප්‍රශ්නයකින් උත්තරදීම තවත් ප්‍රශ්න ඇතිවීමක් නේද ? (ස)
මුස්ලිම්වරු කියලා කියන්නෙ ඇයි එ අයට විතරක්. එහෙනම් සිංහලවරු දෙමලවරු බර්ගර්වරු යනුවෙන් අනිත් අය හන්දුන්වමු. මුසල්මානුවන් මුස්ලීමුන් යනුවෙන් හැදින්වීම සුදුසුය.(නු)
කුවේණිගෙ යක්ෂ ගෝත්‍රය හැර අන් සියලුදෙනා ඉන්දියාවට, අරාබියට සහ යුරෝපෙට යන්න ලෑස්ති වෙන්න.. අදහස් ප්‍රකාශ කිරීමට පෙර සිතා බලන්න.. කමල්.(නු)
මුලින්ම කියන්න ඕන සිංහලය ජාති වාදී නොවන කෙනෙක් කියලා.නැතිනම් අපි මුස්ලිම් අයට මේ රටට ඇවිල්ල පදිංචි වෙන්න දෙයිද?නමුත් ප්‍රශ්නය කියන්නේ අපේ ඒ හොඳ කම ප්‍රයෝජනයට ගෙන අයුතු ප්‍රයෝජන ගැනීමයි.ඒක නිසානේ රටේ ස්වදේශික ජාතීන්ගේ ජන අනුපාතයට තර්ජනයක් වෙන විදියට කටයුතු කරන්නේ. ඒ අතරේම හොඳ අයත් ඉන්නවා.කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි.... (ස)
ඉපදෙන ආගම මොනව වුනත්. ඉපදුනේ ශ්‍රී ලංකාවෙනම්. ඔවුන් ලාංකිකයෝ. සාධාරණය ඉටුවේවා. (ස)
අමිල ඔබ වගේ අය ලංකාවට අවශ්‍යයි (දී)
මංජුලා හරි .... (ස)
බොරුවට ඔය කරන්නේ. ඇමතිව බේරගන්න. (ස)
මන්නාරමේ සරණාගත ප්‍රශ්නය එකක්, නමුත් සංවිධානාත්මකව කරන පෙළපාලිය පිටිපස්සේ තියන දේශපාලනය මොකක්ද කියල අපට දැනගන්න ඕන. (දී )
මුස්ලිම් සහෝදරවරු මට කියනවද ලංකාවයි පාකිස්ථානයයි මැච් ගහලා ලංකාව පරාදවෙලා පකිස්ථානය දිනුවහම රතිඥා පත්තුකරන්නේ ඇයි කියල....? (දී)
අසාධාරණය වෙනුවෙන්,.. පීඩාවට පත්වූ පිරිස සමග එක්වෙමු (දී)
මංජුලා,කාංචනා ඔය දෙන්නගේ කතාවලට මාත් එකඟයි.... (ස)
අපි මේයට වඩා බුද්දිමත් වෙන්න ඕනේ නේද මෙයාලත් 1990 ලොකු අසාදාරනයක් උනා කියල අමටක කරන්න එපා දැන් ගැටුම් අවසන් නිසා මේ සහෝදරුන්ටත් අපි සාධාරණේ ඉෂ්ඨ කරමු ලාංකිකයෝ විදියට අපි සැමදෙනාම සහජීවනයෙන් එකට ජීවත්වෙමු අයෙත් රට ගිනිගොඩකට තල්ලු නොකර විශ්වයම ගම්මානයක් වෙනකාලේ සීමා මායිම අමතකකරමු මේ ප්‍රශ්ණෙට දේශපාලනේවත් ජතිවාදෙවත් ගාවගන්න එපා .......නමෝ බුද්ධාය !!(නු)
රටේ පවතින නීතියට උඩින් යන්න ලැස්ති වෙන්න එපා. (දී)
ඉහත තිබු බොහොමයක් ප්‍රතිචාර දකින විට මට ඇති වන්නේ දුකකි. ඒ තුල බොහොමයක් ජාතිවාදය ඉලිප්පීමක් විනා වෙන කිසිවක් නැත. පැමිණි පිරිසගේ ප්‍රශ්නය ගැන නොව ඒ දෙස ආගමික ඇසකින් බැලීම ඛේදයකි. මම මුස්ලිම්වරයෙක්මි. ඒ මා ඉපදෙන්නට පෙරාතුව පතාගෙන ආ නිසා නොවේ. සිංහල වූ ඔබද එසේමය.ලොව බිහිවන සැවොම එසේමය. අප ඉපදුනේ මුස්ලිම්වරයකු, බෞද්ධයකු, ක්‍රිස්තියානි ජාතිකයකු ලෙස නොවේ. හුදු මිනිසකු ලෙස පමණි. සෑම ආගමක්ම දේශනා කරන්නේ යහමග මිස මිනිසා නොමග යොමු කිරීමට නොවේ. එම නිසා ප්‍රශ්නය ඇත්තේ අප අදහන ආගමෙහි නොව එය පිළිපදින්නන් වන අප සතුවය. එසේ නම් සිංහල වූ ඔබ සම මුස්ලිම්වරුන් හැමෝටම වඩා මේ රටට ආදරේ කරන බව කිව හැකිද? මට සිටින යහළුවන් සියලු දෙනාම වගේ සිංහලයන්ය. ඔවුන් මා දෙස තවත් යාළුවෙකු මිස අන්‍යගමිකයෙකු ලෙස බලා මේ වනතෙක් වචනයක් කියා නැත. ඔවුන් නියම බෞධයන්ය. සිදු වූ වරද නිසා ඇතිවූ ප්‍රතිවිපාක ලාංකිකයන් වන අපට අමතක කිරීමට නොහැක. මා මෙහි පැවසූ සියලු දෙය මුස්ලිම්වරුන්ටත් එකසේ පොදුය. අන්තවාදී නොවී මනුෂ්‍යවාදීව සිතන්න. කවුරුන් වැරදි කලත් හුදු මිනිසකු ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
සුදේශ් එහෙනම් ගොඩාක් පරිස්සම් වෙන්න... (ස)
අපේ සිංහල අයට වෙන අසාධාරනයකදී අපේ අය නම් එකතුවෙයිද මෙහෙම.. තව අවුරුදු 10 කින් 15 කින් බලන්න ලංකාවේ සිංහල අයට මොකද වෙන්නේ කියල.. තායිලන්තය, කාම්බෝජය වගේ වේවි.. කවදම හරි ඇෆ්ගනිස්තානයක් වේවි.. (ස)
මුස්ලිම්වරු කියන්නෙ කවුද කියලා අපේ අය තවම හරියට හදුනාගෙන නැහැ... ඔය හරියටම හරි මංජුලා. (ස)
ජාති වාදයෙන් තොරව අපි ඔවුන්ට උදව් කල යුතුයි (දී)
හසාන් හරි, ලංකාවේ නියම අයිතිය තියෙන්නේ වැද්දන්ට තමයි. (නි)
කමල්, ඔයාගේ සමහර ප්‍රතිචාර කියවන්නත් ලැජ්ජයි. යන්තම් එක යුද්ධයක් ඉවර වුණා විතරයි. ඔයාලා හදන්නේ තවත් යුද්ධයක් පටන් ගත්නද? ලංකාවේ අපි හැමෝම ලාංකිකයෝ, සහෝදරයෝ...... (නි)
යුද්දෙන් බැට කෑවා මදිවට දැන් ඉන්න හිටින්න තැනුත් නැති වෙලා (දී)
කාට උනත් සාධාරනය ඉටු විය යුතුයි. අධිකරණය ට අපහාස කලාට බදුර්දීන්ට නියමිත දඬුවම් දෙන්න ඕන. මෙයාලා පාරට බැහැලා ඉන්නෙ බදුර්දීන්ගෙ වරද වහගන්න නම් අදාල හැමෝටම දඬුවම් දෙන්න ඕන. (දී)
ෂිහාන්, ඔබතුමා කියන්න යන්නේ ඒ බුද්ධි අංශ නිළධාරීන් මුස්ලිම් කියලද? නෑ. ඔයාට වැරදිලා. එයාලා මැලේ ජාතිකයන්. මැලේ අයගෙත් ආගම ඉස්ලාම් වුනාට එයාල මුස්ලිම් අය වගේ, “අපි මුස්ලිම් වරු“ කියල පටු විදිහට හිතන කොට්ඨාශයක් නෙවෙයි. මැලේ අය ගොඩක් විවෘතව හිතන පතන කොටසක්. ඇත්ත කතාව තමයි මුස්ලිම් අය යුද්ධයට දක්වපු දායකත්වය ගොඩක් අඩුයි කියන එක. අනිත් එක මුස්ලිම් රටවල් අපට ඡන්දේ දුන්නේ බටහිර රටවල් එක්ක තියෙන තරහට මිසක් අපිට තියෙන හිතවත්කමකට නෙවෙයි. ඒක තමයි ජාත්‍යන්තර දේශපාලනය කියන්නේ. ඒක තේරුම් ගන්න බලන්න. මුස්ලිම් රටවල් ඡන්දෙ දුන්න කියලත් අපි දිනුවේ නෑනේ. ඉතින් දුන්න නුදුන්න කියලා ඒකේ මොකුත් වෙනසක් නෑ. හැබැයි ඊට පස්සේ ලංකාවේ මුස්ලිම් අය දඹුල්ලේ අනවසර පල්ලියට ඉඩ දෙන්න කියල ඉල්ලුවේ ජිනීවා වල ඡන්දේ දීපු එක මතක් කරලා. මොකක්ද ඒකෙන් තේරුම් යන්නේ? මුස්ලිම් අය කියන්නේ රට ගැන හිතනවට වඩා හුදු ආත්මාර්තය ගැන සිතා කටයුතු කරන පිරිසක් කියන එක නේද? මුස්ලිම් අයගේ ඉඩම් ප්‍රශ්න කතා කරන්න ඉස්සර වෙලා උතුරු නැගෙනහිර ඉඩම් අහිමි වෙච්ච සිංහල අය ගැන කතා කරල ඉන්න. දැන් ලංකාවේ සිංහල අය ගැන හොයන්න කතා කරන්න තමයි කවුරුවත්ම නැහැ. මුස්ලිම් අය එයාලගේ ඉඩම් ප්‍රශ්න උසාවියට ගිහිල්ලා බේරා ගන්න. දෙමළ ගම් වලට පැනලා ගැහුවා කියලවත්, දෙමළ අයට කොටි ලේබල් ගැහුවා කියලවත්, උසාවියට ගල් ගැහුවා කියලාවත්, මිනිස්සුන්ට හිරි හැර වෙන විදිහට පාරවල් අවහිර කරලා පෙලපාලි ගියා කියලාවත් ඉඩම් ප්‍රශ්න විසදෙන්නේ නෑනේ. (නි)
නිමල් අපි අරාබියට ගිහින් අපේ ප්‍රශ්ණ කියන්නම් ඔයාල ගිහිල්ලා ඉන්දියාවට කියන්න..මෝඩ අදහස් කියන්න ඉස්සර ඉතිහාසය නැවත ඉගෙන ගත්තොත් හොදයි ......... (දී)
පව් අපි උදව් කරමු (දී)
අපි ඔක්කම ශ්‍රී ලාංකිකයෝ ,ලංකාව බේරගන්න මුස්ලිවරුත් දිවි පුලා තියෙනවා , මේක අපේ ජන්ම භූමියයි (දී)
ටිකක් සැලකිලිමත් විය යුතුයි. (දී)
අපි එකා වගේ ඉන්න ඕනේ. එකතු වෙලා උදව් කරමු. (දී)
ලංකාවෙ එදා යුද්ධ වෙලාවෙ පකිස්ථානය, ඉරාකය ගොඩක් උදව් කළා.. සුදුමහත්වරු ආවෙ නැහැ.. මේවා මේ සිංහල සමහරුන්ට නොතේරුණාට ආණ්ඩුව හොදට දන්නවා...!!(නු)
පාලකයිනි ඔන්න. කැමැත්තක් කරන්න (දී)
නිමල්, ඇයි මුස්ලිම්වරු අරාබියට යවන්න කියන්නේ. දෙමළ ප්‍රශ්නය නිසා දෙමළ අය ඔක්කොම ඉන්දියාවට යැව්වද ? ක්‍රිස්තියානි භක්තිකයන් බටහිරට, මම හිතන්නේ ඔබ අහසින් පහත්වෙලා. දැන් ලංකාවේ කිසිකෙනෙක් අරාබි රටවලට යවන්න එපා. (ස)
ඔය තියෙන්නේ, ඉඟුරු දීල මිරිස් ගැනීම. මේවත් මුලින්ම කපල දැම්මේ නැත්නම් ඉතින් තවත් හිසරදයක් තමයි අපේ රටට. දේශපාලකයන්ගේ අනුවණ ක්‍රියා නැති කරලා පිළියමක් දැම්මේ නැත්නම් ඉවරයි. අපේ ප්‍රතිචාර ඒ අයත් කියවනවා ඇති නේද? (නි)
දැන් හිතෙනවා LTTE එක තිබුණනම් හොඳයි කියලා..ඒ කාලේ මේ උද්ඝෝෂකයෝ කොහෙද හිටියේ.. (ස)
ලෝකය පුරා තිබුණු බෞද්ධ රටවල් අල්ලගත්ත වගේ ලංකාවත් අල්ලගැනීමේ පූර්ව ක්‍රියාකාරකම් ගැන ජනතාවත් රජයත් තේරුම් ගතයුතුයි. අනුන්ගෙ දේශයන්ට අයිතිවාසිකම් කීම මඟින් අතීතයේ පටන් මුලු ලෝකෙම හම්බ ලෝකයක් කීරීමේ අන්ධ අරමුණකින් ක්‍රියා කරන මොවුන් කවදාවත් වෙනත් ජාතිකයෙකුට අරාබියේ අතිවාසිකමක් කියන්න තියා තමන්ගේ ආගමවත් අදහන්න ඉඩක් දෙනවද...? ඔබ ලංකාව කවද හරි ඇෆ්ගනිස්තානයක් වේන්න ඉඩදෙනවද......? (ස)
මුන් ලෝකේ කොහේ හිටියත් මෙහෙමයි . ගිනිතියනවා . වර්ගේ හතයි thamayi. (deeP
මෙතන ඇමතිවරයෙක් සම්බන්ද දෙයක් නෙවෙයි තියෙන්නේ. ප්‍රභාකරන් 1990දී එක රැයින් මුස්ලිම්වරුන් එලවා දැම්මා. ඒ අහිංසක මිනිස්සු මන්නාරමට ගිහින් පදිංචි වෙලා ගෙවල් දොරවල් නැතිව සරණාගතයන් විදිහට අවුරුදු 20ක් ජීවත්වුනාට පස්සේ දැන් ආයේ ඒ ගොල්ලන්ව මන්නාරමෙන් එලවා දාන්න හදනවා. කරුණාකර ජාතිවාදීව මේ ප්‍රශ්ණය දිහා බලන්න එපා. ජාතිය මොකක් වුනත් මේ අයත් මිනිස්සු, ශ්‍රී ලාංකිකයෝ. උදවු නොකලත් කමක් නැහැ, කරුණාකරලා ජාතිවාදය නම් අවුස්සන්න හදන්න එපා. මතක තියා ගන්න දිට්ට ධම්මවේදනීය කර්මය තමුන්ට පළ දිය හැකි බව.... (දී)
අපි ඔක්කොම ලාංකිකයෝ.. ලංකාව බේරාගන්න සියලුදෙනාම කැපවී තියෙනවා.. මේක අපේ ජන්ම භූමිය..!!(නු)
මුස්ලිම් වරු සාධාරණයි (දී)
හැම කෙනාටම නිදහසේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා... ජාතිවාදය අවුස්සලා රට සවුත්තු කරන එක වැරදි... රටේ අනිත් ප්‍රශ්න අමතක කරන්න කරන දෙයක්ද ????..... (ස)
එල්.ටී.ටී.ඊ. එකෙන් එලෙව්වනම් ඇයි මෙච්චර කල් බලාගෙන හිටියේ උද්ඝෝෂණය කරන්න. ? ප්‍රභාකරන් ඉන්න කාලේ කිසිම සද්දයක් නැතුව ඉදලා දැන් දගලනව නේද ? (ස)
මන්නාරම හිටපු මුස්ලිම්වරු විතරක් නොව සිංහල සහෝදරවරුත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදියෝ එලවලා දැම්මා. (ස)
නිමල්, ඔයාලා වගේ හිතන අය නිසා ලංකාවෙ ජාතිවාදය තුරන් කිරීම බොරැවක්.. ශ්‍රී ලංකන් ඔබගේ අදහස මසුරන් වටී..(නු)
ලංකා.. ඔයා ලිදේ ඉන්න ගෙම්බා වගේනෙ.. අරාබි රවටල් කීයක දැං ක්‍රිස්තියානි පල්ලි තියෙනවාද? මුස්ලිම්වරුන්ට ඕන නම් එදා එල්.ටී.ටී.ඊ එකත් එක්ක එකතුවෙලා සිංහලාට විරුද්ධ වෙන්න තිබුණා..නමුත් හැමවෙලේම මුස්ලිම් අය හිටියෙ එල්.ටී.ටී.ඊ යට විරුද්ධවමයි...!!(නු)
මහා ජාතිය විසින් සුළු ජාතිය තලන්න හොද නැහැ. (දී)