(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව, සෙට්ටිකුලම ප්‍රදේශයේ වගා ළිඳකට වැටුණු වලි අලි හතරදෙනකු බේරා ගැනීමට වවුනියාව වනජිවි නිළධාරීන් විසින් පියවර ගනු ලැබීය.
වවුනියාව වනජිවි නිළධාරීන් පැවසූවේ විශාල අලි දෙදෙනකු හා අලි පැටවුන් දෙදෙනකු ළිඳකට වැටී ඇති බවට ලද තොරතුරක් මත අදාල ප්‍රදේශයට ගොස් එම වල්අලින් බේරා ගැනීමට හැකිවු බවයි.
බැකෝ යන්ත්‍රයකින් ළිඳේ කොටසක් කපා අලි ගොඩ ගැනීමට කටයුතු කළ බවද වනජිවි නිළධාරීන් සඳහන් කළහ.
වනජිවි නිළධාරීන් පැවසූවේ ආහාර සොයා පැමිණි අලි රංචුව 26 වැනිදා රාත්‍රියේ වගා ළිඳට වැටෙන්නට ඇති බවට සැක කරන බවයි.
ගවයින් බැලීමට ගිය පිරිසක් පළමුව අලි රංචුව ළිඳට වැටී ඇති බව දැක වව්නියාව වනජිවි නිළධාරීන් දැනුවත් කොට තිබිණ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අලි පවුලම වගා ළිඳේ