තමා අත් අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 27 වැනිදා අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මහතා ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කෙරෙයි.
ඒ අනුව පෙත්සම අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, ඊවා වනසුන්දර සහ රෝහිණී මාරසිංහ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතය.
නීතිමය පදනමක් නොමැතිව තමාව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින හෙයින් එය වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමින් ඉල්ලා ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ, පොලිස් ස්ථානාධිපති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා නීතිපති නම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ගිය සුමානේ අල්ලපු ගෙදරින් කුකුලෙක් ඉස්සුවා. අනේ මන්දා..මට හරි බයයි...මටත් හිතයි මේ වර්ගයේ පෙත්සමක් දාන්න මාව අල්ලන්න එපාකියලා. (බ)
දින 100 ට කරන වැඩ සම්බාරය, අනේ අනිච්චන් (නදී)
ඇයි මේතරම් බය? (නි)
කෙහෙල් කැන වැට පැනලා (බ)
දයා, දින 100 ට කල වැඩ සම්භාරය ඔබට පෙනුනේ නැද්ද? බදු මිල අඩු කල, ඉන්ධන මිල අසාමාන්‍ය ලෙස අඩු කල, වැටුප් 10000 කින් වැඩි කලා. ගැබිණි මව්වරුන්ට පෝෂණ රුපියල් 20000 ගෙවීමට පටන් ගැනීම,සමුර්ධි දීමනාව දෙගුණ කිරීම , 19 වන සංශෝධනය තුලින් ස්වාධීන කොමිශන් සභා පිහිටුවීම. තම ඕනද දයා? (ස)
ඔන්න හොරුන්ට අපුරු අවස්ථාව. දැන්ම ඔහොම නියෝගයක් අරන් තියගත්තම ඕනෑම හොරකමක් බය නැතිව කරන්ට පුළුවන් වෙයි. මේක පනතක් හැටියට ගෙනත් සම්මත කරන්නකෝ.(ම)
මේක හරි වැඩක් වුණානේ..ගිය මාසේ කිවුවේ ' කෝ ඔය කියන හොරු ඇල්ලුවාද...?' කියලා.දැන් කෑගහනවා ' හොරු අල්ලනවා ...මකුණෝ කනවා ' කියලා.තමන්ගේ හෘද ශාක්ෂිය දන්නවා ඇති තමන් වැරදිකරුවෙක් කියලා.ඒකතමයි ඔච්චර බය.හොඳයි අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා.මොනවා වුණත් මේ තීන්දුව රටේ අනාගතයේ දිශානතිය තීරණය කරන එකක්ම වේවි. (නි)