බදුල්ලේ දුෂ්කර පාසලක සංගීතය ඉගැන්වීමට ව්‍යාජ සහතික මත ගුරුවරුන් ගත්තැයි චෝදනා ලැබ සිටි එස් කලුබණ්ඩා නම් විදුහල්පති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සිංගප්පුලි මහතා විසින් නිදහස් කරනු ලැබීය.
විදුහල්පතිගේ නීතීඥයන්ගේ තර්කය වූයේ ව්‍යාජ ලියවිලි මත පත්වීම කර ඇත්නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඊට එරෙහිව පරීක්ෂණයක් නොකලේ ඇයි ද යන්නයි.
එම චෝදනාව ගොතන ලද්දකියි නීතීඥවරයා කියා සිටියේය.
නඩුව පවරා තිබුණේ අල්ලස් කොමිසමෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඹ්වා මොනවද.ගාල්ලේ සමහර බාලිකා පාසල්වල ලක්ෂ 5-6ට ළමයි ගන්නේ.මෙවා හොයන්න කවුරුවත් නෑ. (අ)
ඒත් ඒ දරුව්නට සංගීතය ඉගෙනගන්න තියෙන අවස්ථාව අහිමිවුණු එක ගැන නම් කවුරුවත් කතා නැහැ (නි)
විදුහල්පතිවරු අල්ලස් ගන්නව කියල මේ ඈහුවමයි.(නදී)
විදුහල්පතිවරුන්ට ගුරුවරුන් බදවා ගන්න බලය තිබෙනවාද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
සංගීතය කියන්නේ ගුත්තිල මූසිල කාලයේ ඉඳන් පැවත එන පැරණිම කලාවක්!සිසුන් ඇතුලත් කරගන්න අල්ලස් ගන්නවා- නම් සංගීත ගුරුවරයෙක් පාසලකට ගන්න අල්ලසක් ගත්තටඇති වරදකුත් නැහැනේ (අ)