(මනෝප්‍රිය ගුණසේකර)

මෝටර් රථයකට නව ලියාපදිංචි සහතිකයක් ලබාදීම සඳහා රුපියල් ලක්‍ෂ 02 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට රජයේ සේවකයකු නොවන පුද්ගලයකුට එරෙහිව පවරා තිබු නඩුවේ සාක්කි විභාගය අතරතුරදීම සිය චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා නියම කළේය.

වාහන ලියාපදිංචි කරදීම සඳහා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි වී ඇති තම සේවාදායකයා රජයේ සේවකයකු නොවන බව පවසමින් නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්තිකරු නඩු විභගය අතරතුරදීම නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.

චෝදනා ඔප්පු කොට නොමැති බව තීරණය කරමින් නඩු විභාගය අතරතුරදීම මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ සමන් කුමාර විතානගේ මහතාය.