අමල් වික්‍රමරත්න
අල්ලස් නීතිය, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සහ වත්කම් නීතිය පසුගිය වසර 23 තිස්සේ කිසිදු සංශෝධනයකට ලක්වී නැතැයි එම කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා විසින් එම නීති පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා කැබිනට් අනුමැතිය මේවනවිට ලබාදී ඇති බවත් එම සංශෝධන නීති කෙටුම්පත් සම්පාධකතුමිය වෙත යවා ඇතැයිද පැවසීය.
මේවනවිට පුද්ගලික අංශයේ අල්ලස් ගැනීම් වරදක් ලෙස නීතියේ සලකන්නේ නැහැ.එය වරදක් බවට පත්කරන නීති සම්පාදනය කිරීමට අවශ්‍ය මුලික කටයුතුද මේ වනවිට ආරම්භ කර ඇතැයිද ශ්‍රී ලංකාව තුළ අල්ලස හා දූෂණය තුරන් කිරීම උදෙසා ජාතික ක්‍රියාකාරි සැලැස්මක් සකස් කිරීමටද තීරණය කර ඇතිබවද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස් කොමිසමට පරීක්ෂණ සඳහා සේවය සපයන්නේ පොලිස් නිලධාරීන් නේද? ඒ අය අවංක, විශිෂ්ට සේවා වාර්තා තියෙන අයද කියලා පරීක්ෂා කරලද ගන්නේ? මං අහල තියෙනවා පගාවක් දීලා පගා චෝදනාවලින් බේරෙන්න පුළුවන් කියලා. ඒකයි එහෙම ඇහුවේ.
අල්ලස් ගැනීම,දූෂණ ය ලංකාවේ නිතිගතවෙලා නේ තියෙන්නේ. දේසපලනයට එන්න ඒක සුදුසුකමක් නේ