(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ )
අල්ලස් හා දුෂණ නඩු සෘජුවම මහාධිකරණයේ ගොනු කිරීම සහ කොමිෂන් සභාවක ඉදිරිපත්වන සාක්කි අල්ලස් හෝ දුෂණ නඩු සඳහා අදාල කර ගැනීමට බලය පැවරෙන පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට අද (09) ඉදිරිපත් කෙරිණි.
මෙතෙක් කල් මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ අල්ලස් හෝ දුෂණ නඩු මින් ඉදිරියට සෘජුවම මහාධීකරණය හමුවේ ගොනු කර වරදකරුවන්ට දඩුවම් නියම කිරීමට බලය පැවරෙන අල්ලස් (සංශෝධන) පනත් කෙටුම්පත මින් එකක් වේ.
අනික් පනත් කෙටුම්පත වනුයේ පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන ) පනතයි.
එමගින් කොමිෂන් සභාවක් ඉදිරියේ පැවැති විමර්ශනනයකදී හෝ පරීක්ෂණයකදී රැස් කරන ලද සාක්කෂි අල්ලස්හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභෘව විසින් සලකා බලා ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමට එම කොමිසමට බලය පැවරේ.
අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය විසින් මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බූමරංගයක්, ගැහුවා වගේ ඕක මෙයලගේම බෙල්ලට වැදෙනවා.. මෝඩයින් මෙච්චර කාලයක් ඉඳලා මෙයාලගේ කාලේ ඉවර වෙන්න යනකොට තමුන්ගේම වල තමුන්ම කපාගන්න හදනවා.
පනත අවලංගු කරන්න කියල උසාවි යයිද දන්නේ නෑ. එහෙව් කට්ටියක්නේ අපි විහින්ම පත් කරලා යවලා තියෙන්නේ.