නිමන්ති රණසිංහ
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ කොටුව පොලීසියේ අපරාධ අංශයේ පොලිස් කොස්තාපල්වරයකු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (10) නියෝග කළේය.
නීති විරෝධී කටයුත්තක් සිදුකළැයි චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ සේවකයකුගේ ජංගම දුරකතනය සහ ජාතික හැදුනුම්පත භාරයට ගෙන නඩු නොදමා ඒවා ආපසු ලබාදීම සදහා රුපියල් 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලු බව කියන සිද්ධියට අදාළව මෙම සැකකරු අල්ලස් කොමිසෙමන් අත්අඩංගුවට ගෙන තිබිණ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නිලූක පෙරේරා නම් පොලිස් කොස්තාපල්වරයෙකි.
මෙම සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ කාර්යාල කාර්ය සහායකයකු වූ නයිවල අප්පුහාමිලාගේ දුමින්ද සේනාරත්න නම් පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd