බිමල් ශ්‍යාමන් ජයසිංහ
රුපියල් 20,000ක අල්ලසක් ගත්තේයැයි කියන ලංකා විදුලි බල මණ්ඩලයේ නිකවැරටිය විදුලි අධිකාරීවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
නිකවැරටිය සත්ව ආහාර නිශ්පාදන ආයතනයකට තෙකලා විදුලිය ලබා දීම සඳහා එම අල්ලස ඉල්ලා ලබාගෙන ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න, වැඩේ... ගෙදරම යන්න!
ප්‍රාදේශීය සභා තුල තදින්ම අල්ලස් ගැනීම සිදුවෙනවා නිවාස සැලසුම් අනුමත කිරීමේදී සර්වේ පිඹුරු අනුමත කරගන්න ගියාම අල්ලස් නොදී කරගන්න බැරි තත්වයක් තිබෙනවා.
අවුරුදු 20 කට ඉස්සර අපේ ගෙදරට 3 ෆේස් ගන්නත් වයරින් කරපු බාස් රුපියල් 1000ක් අපෙන් ඉල්ලගෙන කාටදෝ දුන්නා. ඒ දවස් වල 1000ක් කියන්නේ දැන් 10000ක් විතර. එහෙම බැලුවම අපිට ලාභයි.
හුඟක් දෙපාර්තමේන්තුවලින් වැඩ කරගන්න අල්ලස් දෙන්නම ඕන. පුදුම රටක් මේක. කිසිම පාලනයක් නැහැ.
වැඩි දෙනෙක් ගෙදර යවන්න වෙයි