පොලිස් අධිකාරීවරයකුගේ නිල නිවාසයේ විදුලි බිල ගෙවීමට කුට්ටිගල ව්‍යාපාරිකයකුගෙන් අල්ලස් ගත්තේයැයි අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති කේ. චින්තනවංශ මහතා ලබන 22 දක්වා රිමාන්ඩ් කරන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් නිල්මිණි විතාරණ මහත්මිය අද (14) නියෝග කළාය.
සැකකරු ව්‍යාපාරිකයාගෙන් මුදල් ගනිද්දී ඇඹිලිපිටියේ බැංකුවක දී අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් සඳුදා (13) අත්අඩංගුවට ගනු ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසකට වෙන දේවල් ලංකාවේම, හදවතට එකඟව දන්නවා නම් මොනතරම්ද? (නි)
කාට කාටත් මේවා හොඳ පාඩම් (නි)
වැඩිකල් යන්න කලින් ඇත්ත එළියට එයි. ඔය කාගෙ කාගේත් සෙල්ලම් එතකොට එළියට එයි (නි)
ලංකාවේ පොලිස් නිලධාරීන්ට එක්සත් ජාතීන් ගේ සංගමයේ සේවයට ආරාධනා ලැබෙනව. සුදුසු දක්ෂ, අවංක නිලධාරීන් තෝරා යැවීම බලධාරීන් ගේ වගකීමයි. අපේ නිලධාරීන් එම තේරීම නොකර කල් මැරීම නිසා අවස්ථා කීපයකම සුදුසුකම් ඇති නිළධාරීන්ට තමන්ගේ ගේ අවස්ථාව මඟහැරුන. වරදට දඬුවම් දීම වගේම, දක්ෂ නිලධාරීන් තෝරා වසරක පමණ කාලයක් විදෙස් සේවයේ යෙදීමට අවස්ථාව ලබාදීම ඔවුන් ගේ මෙන්ම රටේ ආර්ථිකය ද නංවාලීමක්. (අ)
ලංකාවේ දකුණට යන්න යන්න පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ අර බටහිර ගොපලු චිත්‍ර පටවල ෂෙරිෆ් ක්‍රියාත්මක වෙන ක්‍රමයට ( වෛල්ඩ් වෛල්ඩ් වෙස්ට් ) (අ)
ඕවා ඉතින් සාමාන්‍ය විනෝදාංශ හින්ද කලබල වෙන්න උවමනාවක් නැහැ! (අ)
හරි, දැන් නඩුවේදී කියනවද මේ සල්ලි ගන්න වුණේ ලොක්කගේ විදුලි බිල ගෙවන්නයි කියලා? නඩුවෙන් නිදහස් වුණත් විසුමක් වෙයිද? (නි)