අනුරාධපුර කැකිරාව ලබුනොරුව පාසල තවමත් කටුමැටි මඩුවක පැවැත්වේ.
දෙමාපියන් විසින් තනා දෙන ලද මේ මඩුවේ දරුවෝ 139ක් උගනිති.
ගමේ තිබුණු පොහොර ගබඩාවක හා බහු කාර්ය ගොඩනැගිලි දෙකක් අලුත්වැඩියා කර පාසල ආරම්භ කර ඇත. ගොඩනැගිලි ,ජලය ,විදුලිය ,ගුරු හිගය ,පාසල් උපකරණ ,ක්‍රීඩා පිටි ,මේ දරුවන්ට තවමත් සිහින පමණකි ,පළමු වසරේ සිට පන්ති පැවැත්වෙයි .
ලබුනොරුව ගම පණ්ඩුකාභය කුමරු සැඟවී සිට යුද ශිල්ප හදාරා බළ සේනා රැස්කළ ගමයි .මේ ගම ජයසේන යක්ෂයා ගෙන් පැවතෙන බව කියැවේ ගොවිතැනින් ජිවිත ගැටගසා ගන්න පිරිසක් මෙහි දරුවන්ගේ දෙමාපියෝ වෙති .විදුහල්පති පී .ජේ .පි .කුමාර මහතා තම දරුවන් විදින දුක කියා මඬා වැටෙයි. මේ පාසලේ දරුවෝ ඉගෙනීමට දක්ෂයෝ වෙති .මේ දරුවන් ට සුපිරි පාසල් ඉල්ලන්නේ නැත .නොතෙමි අඩුපාඩුවකින් තොරව ඉගෙන ගැනීමට පරිසරය සකසා දෙන්නයි ඉල්ලති ,මේ පාසලට දරුවන්ට උදව් කිරීමට කැමති අයෙක් හෝ සංවිධානයක් සිටිනම් විදුහල්පති කුමාර මහතාගේ දුරකතනයට 0712515168හෝ ගුරුවරියක වූ සංජිවනි ප්‍රේමරත්න 0711388531කතා කර විස්තර ලබාගත හැකිය .







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර මේ අඩු පහසුකම් මැද ගිනි කූටකේ මේ ළමයින්ට ටයි දාන්න කියන්නේ මොකටද? කොළඹ නුවර ගාල්ල වගේ නගර වලවත් මේ ටයි නැහැ. ඈත පළාත් වල මොකද මේ වැඩ කරන්නේ? (නි)
ගිනි අවුවේ ළමයින්ට ටයි ගැටගැස්සුවාට මොකද ගුරුතුමියක් වගේ පෙනෙන කෙනෙක් නම් උණුසුම අඩුකරගන්න හොඳට ඇඳගෙන ඉන්නවා. (නි)
විවිධ මතවාද එක්ක ගැටෙන එසැණ මිතුරනි, මෙන්න අපට හොඳ අවස්ථාවක්. මොකද කියන්නේ? අරමුදලක් හදලා මේ අහිංසක දරුවන්ගේ හෙට දවස යහපත් කරමුද? අනුකම්පාවට අතහිත දීම උතුම්! (නි)
කෝ මේ පළාත් වල දේශපාලකයෝ. ඉන්නවා නම් ඇයි එයාලට බැරි මේවා ගැන හොයාබලන්න? මේ මිනිස්සුත් රටේ සම්පත්. (නි)
මෙවන් දරුවන් තව කොපමණ නම් ඇද්ද? (නි)
ලංකාදීපයේ කාංචන කුමාර ආරියදාස මාධ්‍යවේදියා දෙන බොහෝ ප්‍රවෘත්ති ඉතා අගය කළහැකිය.වැඩදායකය. ලංකාදීපයට ස්තුතියි ! (නි)
ඔව් ඔව් මේ පළාතේ තමයි අර රණ්ඩු වේවි පාසල් ගොඩනැගිලි විවෘත කරන භවතුන් වැඩ වෙසෙන්නේ . මහත්වරුනි බලන්න ඔබේ ප්‍රදේශයේ පාසල මෙන්න මෙහෙමයි. දැන් ඉතින් මේක මාධ්‍යට හෙළි කල වාර්තාකාර මහතුන්ගේ බෙල්ල මිරිකන්න එපා. (නදී)
ළමයින්ට ටයි දම්මපු එක සහ ගුරුවරියගේ ඇඳුම ගැන අදහස් දක්වපු 'මහත්වරු' ගැන කනගාටුයි! හඳ පෙන්නද්දී ඇඟිල්ල දිහා බලාගෙන කෑ ගහනවා! (නදී)
පිටබැද්දර ජයා හොඳ අදහස, මමත් එකගයි. දරුවෝ ඉන්න හිත උණුවෙන ඕනෑම කෙනෙකුට සුහද ආරාධනා. මේ මගේ ඊ මේල් l එක "[email protected]"
කතාවට් ගියාම අපේ දේශපාලකයෝ හරියට සුරවිමන් මැව්වා වගේ කෑගහන්න්නේ. බලන්නකෝ මේ දරුවන්ට මුලික පහසුකම්වත් නෑ. අරමුණක් නැති පාලකයෝ බිහිකළ අපිම මේ වගේ හොද පණිවිඩයක් ලංකාදීපයේ දැම්මහම් ළමයින් දාලා ඉන්න ටයි එක ගැන කතාකරන එක පුදුමයකුත් නොවේ (නදී)