19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 100% ක් සාර්ථක නොවුණත් එම ව්‍යවස්ථා සංශෝධනයට දායකවූ ව්‍යවස්ථා සම්පාදකයෙක් ලෙස 65% කින් පමණ මෙම ව්‍යවස්ථා සංශෝධනයේ සාර්ථකත්වයක් තමා දකින්නේ යැයි ව්‍යවස්ථා සම්පාදක කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබී ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ජනපති සිරිසේන මහතා ජනාධිපතිවරණයට පෙර පොරොන්දුවූ ලෙසම විධායක ජනාධිපති බලතල සීමාකර අමාත්‍ය මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට වගකියන විධායකයක් මෙම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කර තිබෙන බවද වික්‍රමරත්න මහතා කීවේය.
‘පාර්ලිමේන්තුවෙ සහ ජනපති ධූර කාලය වසර පහකට සීමාකර තිබෙනවා. නමුත් දැන් තනි කැමැත්තට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ. පාර්ලිමේන්තුවේ ධූර කාලයෙන් පළමු වසර හතරහමාර තුළ විසුරුවා හැරීමේ හැකියාවක් නැහැ. ජනපතිගේ මුක්තියද සීමා වෙනවා. ජනපතිවරයා කිසියම් වරදක් සිදුකර ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමේ හැකියාවක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ වැඩි දෙනාගේ කැමැත්ත පරිදි ජනපතිට අගමැතිවරයකු පත් කිරීමේ හැකියාව තිබුණත් අගමැති ඉවත්කිරීමේ බලයක් නැහැ. පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන සරල බහුතර විශ්වාසභංගයකින් අගමැති ඉවත් කළ හැකිවනවා. එසේ නැතිනම් අයවැය පරාජයට පත් වුවහොත් කැබිනට් මණ්ඩලයද ඉවත් වෙනවා. ඇමැතිවරු පත්කිරීම හා විෂයන් ලබාදීම අගමැති උපදෙස් අනුව එකඟතාවයකින් ජනපතිවරයා සිදුකරනවා. ඇමැති මණ්ඩලය උපරිම වශයෙන් 30 කට සීමාකර තිබෙනවා. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු 40 කට සීමාකර තිබෙනවා. ඊළඟ පාර්ලිමේන්තු කාලය තුළ විශාලතම පක්ෂ දෙක එක්ව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව ඇමැතිවරු සංඛ්‍යාව වැඩිකළ හැකියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස්කර තිබෙනවා. එය ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 7 ක් හා සිවිල් පුද්ගලයන් තුන්දෙනකුගෙන් සමන්විත වෙනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාල, එහෙනම් මහින්ද 2005 දී ඡන්දෙ ඉල්ලුවෙත් විධායකය අයින්කරනවා කියලනේ. එතකොට එහෙම කළා නම් යුද්ධය දිනන්න බැරිද? (නි)
කපිල මහත්තයෝ,ඔයා කියනකම් දන්නේ නැහැනේ එහෙම දෙයක් (නි)
සමහර අය නිතරම අතීතය ගැන කියමින් හඬා වැළපෙන්නේ අනාගතයට ඇති බිය නිසාද? (නි)
කපිල සමඟ මම එකඟයි. (නි)
මොනයම් ක්‍රමයකින් හරි දියුණු රටක් වීමට පියවර එසවීම ගැන අපි සියලු දෙනාම සතුටුවිය යුතුය. බල තණ්හාව අඩුකර ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට බලය බෙදා දී දියුණු රටක ව්‍යවස්ථාවක් බවට අපේ රටේ ව්‍යවස්ථාව පත්කරගත යුතුය. ඡන්දදායකයනි, මෙම තත්වය ආපස්සට හරවන්න ඉඩදෙන්න එපා (නි)
ත්‍රස්තවාදයෙන් මුදවාගත් රටට- අවැසිය නිසි මඟ හෙටට (නි)
65% විශිෂ්ටවේ -අවසන් අති විශිෂ්ට අරමුණේ (ම)
එතකොට කලින් කිව්වා නේද 19 සම්මත වුණ ගමන් පාර්ලිමේන්තුව විසුරවලා මහා ඡන්දෙකට යනවා කියලා. දැන් ඒක කරන්න බැරිද? (නි)
ප්‍රධාන පක්ෂ දෙක එක්ව ආණ්ඩුවක් පිහිටුවීමේදී අැමැතිවරු සංඛ්‍යාව වැඩිකර ගැනීමේ හැකියාව නැති කරා නම් තමයි වැඩිය හොඳ, මේගොල්ල පාර්ලිමේන්තු යන්නේ මුළු හදින්ම ජනතාවට සේවය කිරීමට නේ . අපේ දේශපාලකයන්ගේ එකම අභිප්‍රාය ජනතාවට සේවය කිරීම බැවින් එක පක්ෂයකින් ඇමතිවරු 15 සහ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරු 20 සිටියහම ඇතිනේ. 70 කියන්නෙත් පාර්ලිමේන්තුවේ මුළු ආසන සංඛ්‍යාවෙන් තුනෙන් එකක් නේ. (බ)
ඔහොම කියලා බැහැ ජයම්පති මහත්මයෝ. ඉදිරියේ සම්මතවීමට පෙර ඔබතුමා සාදපු ව්‍යවස්ථාව සහ විරුද්ධ පක්ෂ වලින් ඉදිරිපත් කළ යෝජනා අනුව සංශෝධනය කර සම්මත වූ ව්‍යවස්ථාව රටේ ජනතාව ඉදිරියේ තබා කරුණු පැහැදිලි කරන්න. (නි)
19 ව්‍යස්ථා සංශෝධනයේ මේ පාර්ලිමේන්තුව විසුරුවාලීමේ බලතල ජනපතිට අහිමි කරවීම 2002 වගේ කාලෙක වෙලා වලංගු වෙලා තිබුනානම් අද තියෙන්නේ රටවල් දෙකක්.එකිනෙකා දේශසිමාවලට මරාගන්න..මිනිස්සුන්ට මරබියේ බංකර්වල ලගින්න වෙන.එහෙනම් අද ඊලම් දේශය බිහි වෙලා..ප්‍රභාකරන් ඒකෙ රජ වෙලා..කට්ටිය මැරිලා ඉපදුනාට අපි තාම ජිවත් වෙනවා..දේශප්‍රේමී රජයක් බිහි කරගන්න පෙළ නොගැසුනොත් මේ ජයම්පතිලා රට අරාජික කරලා එන් ජි ඕ සහ විදෙස් බලවේගයනට උගස් තියනවා අනිවාර්යයෙන්ම..(බ)
කරුණාකර මේ ටිකත් පැහැදිලි කරන්න. ජනාධිපතිවරණය පවත්වන ලද්දේ පරණ ව්‍යවස්ථාව යටතේය. සංශෝධනය කර සම්මත කළ ව්‍යවස්ථාව බලාත්මක වියයුත්තේ මේ ජනාධිපති ධුර කාලයෙන් පසුව නොවන්නේද? (නි)
යහපාල පෙළපාලි දක්කන් යන්න. නුඹගේ නාස්ලනුව ලෑස්ති පිදුරු ගේනවා. ඒවා. නැතිනම් කියයි යහපලානේ හැටි. කියලා කතරගම දෙවියන්ට වගේ. මුණු සමග නම් තියෙනවද .පහුගිය කාලේ කාපුවා නැතිව. දැන් වමාරන් කනවලු නේද . (බ)
පිවිතුරු යහපාල සමග 100% එකග වෙමි. ඒ විතරක් නෙමෙයි දුර්වල පාර්ලිමේන්තුවක් යුද්ධය ඉවර වනතෙක් කඩා නොවැටී තබා ගන්නත් විධායකයේ අසීමිත බලතල උදවු වුනා. අද බටහිර බලවතුන්ට තිබෙන ලොකුම අවශ්‍යතාව තමයි දුර්වල බලයක් සහිත පාලනයක්. (බ)
යහපාල ඔයා දන්නේ නැති උනාට රනිල් අගමැති කාලේ කරුණාව ආණ්ඩුව පැත්තට ගත්තා. එ්ක නිසා ඔය කියන යුද්දේ ඉවර කරන්න ගොඩක් ලේසි වුනා. නැත්නං මහින්දට වෙන්නෙත් අනිත් අයට වුන දේම තමයි. කවුරු මොනවා කිව්වත් එ්කයි ඇත්ත. (බ)