IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘අලුත්වුණු ජනපති බලතල ගැන ජයම්පති කියයි‘

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 100% ක් සාර්ථක නොවුණත් එම ව්‍යවස්ථා සංශෝධනයට දායකවූ ව්‍යවස්ථා සම්පාදකයෙක් ලෙස 65% කින් පමණ මෙම ව්‍යවස්ථා සංශෝධනයේ සාර්ථකත්වයක් තමා දකින්නේ යැයි ව්‍යවස්ථා සම්පාදක කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබී ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ජනපති සිරිසේන මහතා ජනාධිපතිවරණයට පෙර පොරොන්දුවූ ලෙසම විධායක ජනාධිපති බලතල සීමාකර අමාත්‍ය මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට වගකියන විධායකයක් මෙම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කර තිබෙන බවද වික්‍රමරත්න මහතා කීවේය.

‘පාර්ලිමේන්තුවෙ සහ ජනපති ධූර කාලය වසර පහකට සීමාකර තිබෙනවා. නමුත් දැන් තනි කැමැත්තට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ. පාර්ලිමේන්තුවේ ධූර කාලයෙන් පළමු වසර හතරහමාර තුළ විසුරුවා හැරීමේ හැකියාවක් නැහැ. ජනපතිගේ මුක්තියද සීමා වෙනවා. ජනපතිවරයා කිසියම් වරදක් සිදුකර ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමේ හැකියාවක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ වැඩි දෙනාගේ කැමැත්ත පරිදි ජනපතිට අගමැතිවරයකු පත් කිරීමේ හැකියාව තිබුණත් අගමැති ඉවත්කිරීමේ බලයක් නැහැ. පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන සරල බහුතර විශ්වාසභංගයකින් අගමැති ඉවත් කළ හැකිවනවා. එසේ නැතිනම් අයවැය පරාජයට පත් වුවහොත් කැබිනට් මණ්ඩලයද ඉවත් වෙනවා. ඇමැතිවරු පත්කිරීම හා විෂයන් ලබාදීම අගමැති උපදෙස් අනුව එකඟතාවයකින් ජනපතිවරයා සිදුකරනවා. ඇමැති මණ්ඩලය උපරිම වශයෙන් 30 කට සීමාකර තිබෙනවා. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු 40 කට සීමාකර තිබෙනවා. ඊළඟ පාර්ලිමේන්තු කාලය තුළ විශාලතම පක්ෂ දෙක එක්ව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව ඇමැතිවරු සංඛ්‍යාව වැඩිකළ හැකියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස්කර තිබෙනවා. එය ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 7 ක් හා සිවිල් පුද්ගලයන් තුන්දෙනකුගෙන් සමන්විත වෙනවා.‘

 

 

 



අදහස් (0)

‘අලුත්වුණු ජනපති බලතල ගැන ජයම්පති කියයි‘

අතුල Thursday, 30 April 2015 04:16 PM

යහපාල, එහෙනම් මහින්ද 2005 දී ඡන්දෙ ඉල්ලුවෙත් විධායකය අයින්කරනවා කියලනේ. එතකොට එහෙම කළා නම් යුද්ධය දිනන්න බැරිද? (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 30 April 2015 04:19 PM

කපිල මහත්තයෝ,ඔයා කියනකම් දන්නේ නැහැනේ එහෙම දෙයක් (නි)

:       0       0

වින්සන්ට් Thursday, 30 April 2015 11:03 PM

සමහර අය නිතරම අතීතය ගැන කියමින් හඬා වැළපෙන්නේ අනාගතයට ඇති බිය නිසාද? (නි)

:       0       0

ලසිත Friday, 01 May 2015 12:57 AM

කපිල සමඟ මම එකඟයි. (නි)

:       0       0

ආරියපාල හේවගේ - බදුල්ල Friday, 01 May 2015 01:22 AM

මොනයම් ක්‍රමයකින් හරි දියුණු රටක් වීමට පියවර එසවීම ගැන අපි සියලු දෙනාම සතුටුවිය යුතුය. බල තණ්හාව අඩුකර ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට බලය බෙදා දී දියුණු රටක ව්‍යවස්ථාවක් බවට අපේ රටේ ව්‍යවස්ථාව පත්කරගත යුතුය. ඡන්දදායකයනි, මෙම තත්වය ආපස්සට හරවන්න ඉඩදෙන්න එපා (නි)

:       0       0

දුමින්ද Friday, 01 May 2015 01:37 AM

ත්‍රස්තවාදයෙන් මුදවාගත් රටට- අවැසිය නිසි මඟ හෙටට (නි)

:       0       0

දුමින්ද Thursday, 30 April 2015 01:12 PM

65% විශිෂ්ටවේ -අවසන් අති විශිෂ්ට අරමුණේ (ම)

:       0       0

විජයබාහු Thursday, 30 April 2015 01:43 PM

එතකොට කලින් කිව්වා නේද 19 සම්මත වුණ ගමන් පාර්ලිමේන්තුව විසුරවලා මහා ඡන්දෙකට යනවා කියලා. දැන් ඒක කරන්න බැරිද? (නි)

:       0       0

නිමල් ලාලිත Thursday, 30 April 2015 02:07 PM

ප්‍රධාන පක්ෂ දෙක එක්ව ආණ්ඩුවක් පිහිටුවීමේදී අැමැතිවරු සංඛ්‍යාව වැඩිකර ගැනීමේ හැකියාව නැති කරා නම් තමයි වැඩිය හොඳ, මේගොල්ල පාර්ලිමේන්තු යන්නේ මුළු හදින්ම ජනතාවට සේවය කිරීමට නේ . අපේ දේශපාලකයන්ගේ එකම අභිප්‍රාය ජනතාවට සේවය කිරීම බැවින් එක පක්ෂයකින් ඇමතිවරු 15 සහ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරු 20 සිටියහම ඇතිනේ. 70 කියන්නෙත් පාර්ලිමේන්තුවේ මුළු ආසන සංඛ්‍යාවෙන් තුනෙන් එකක් නේ. (බ)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Friday, 01 May 2015 02:46 AM

ඔහොම කියලා බැහැ ජයම්පති මහත්මයෝ. ඉදිරියේ සම්මතවීමට පෙර ඔබතුමා සාදපු ව්‍යවස්ථාව සහ විරුද්ධ පක්ෂ වලින් ඉදිරිපත් කළ යෝජනා අනුව සංශෝධනය කර සම්මත වූ ව්‍යවස්ථාව රටේ ජනතාව ඉදිරියේ තබා කරුණු පැහැදිලි කරන්න. (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 30 April 2015 02:20 PM

19 ව්‍යස්ථා සංශෝධනයේ මේ පාර්ලිමේන්තුව විසුරුවාලීමේ බලතල ජනපතිට අහිමි කරවීම 2002 වගේ කාලෙක වෙලා වලංගු වෙලා තිබුනානම් අද තියෙන්නේ රටවල් දෙකක්.එකිනෙකා දේශසිමාවලට මරාගන්න..මිනිස්සුන්ට මරබියේ බංකර්වල ලගින්න වෙන.එහෙනම් අද ඊලම් දේශය බිහි වෙලා..ප්‍රභාකරන් ඒකෙ රජ වෙලා..කට්ටිය මැරිලා ඉපදුනාට අපි තාම ජිවත් වෙනවා..දේශප්‍රේමී රජයක් බිහි කරගන්න පෙළ නොගැසුනොත් මේ ජයම්පතිලා රට අරාජික කරලා එන් ජි ඕ සහ විදෙස් බලවේගයනට උගස් තියනවා අනිවාර්යයෙන්ම..(බ)

:       0       0

සරත් ගුණවර්ධන Friday, 01 May 2015 02:52 AM

කරුණාකර මේ ටිකත් පැහැදිලි කරන්න. ජනාධිපතිවරණය පවත්වන ලද්දේ පරණ ව්‍යවස්ථාව යටතේය. සංශෝධනය කර සම්මත කළ ව්‍යවස්ථාව බලාත්මක වියයුත්තේ මේ ජනාධිපති ධුර කාලයෙන් පසුව නොවන්නේද? (නි)

:       0       0

චතුරි Thursday, 30 April 2015 03:08 PM

යහපාල පෙළපාලි දක්කන් යන්න. නුඹගේ නාස්ලනුව ලෑස්ති පිදුරු ගේනවා. ඒවා. නැතිනම් කියයි යහපලානේ හැටි. කියලා කතරගම දෙවියන්ට වගේ. මුණු සමග නම් තියෙනවද .පහුගිය කාලේ කාපුවා නැතිව. දැන් වමාරන් කනවලු නේද . (බ)

:       0       0

මනම්පේරි Thursday, 30 April 2015 03:10 PM

පිවිතුරු යහපාල සමග 100% එකග වෙමි. ඒ විතරක් නෙමෙයි දුර්වල පාර්ලිමේන්තුවක් යුද්ධය ඉවර වනතෙක් කඩා නොවැටී තබා ගන්නත් විධායකයේ අසීමිත බලතල උදවු වුනා. අද බටහිර බලවතුන්ට තිබෙන ලොකුම අවශ්‍යතාව තමයි දුර්වල බලයක් සහිත පාලනයක්. (බ)

:       0       0

කපිල Thursday, 30 April 2015 03:12 PM

යහපාල ඔයා දන්නේ නැති උනාට රනිල් අගමැති කාලේ කරුණාව ආණ්ඩුව පැත්තට ගත්තා. එ්ක නිසා ඔය කියන යුද්දේ ඉවර කරන්න ගොඩක් ලේසි වුනා. නැත්නං මහින්දට වෙන්නෙත් අනිත් අයට වුන දේම තමයි. කවුරු මොනවා කිව්වත් එ්කයි ඇත්ත. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site