
(අංජුල මහික වීරරත්න)
නවීකරණය කරන ලද කොටුව මධ්‍යම බස් නැවතුම්පොල අද (8)නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරෙන බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය කියයි.
කොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සම්පූර්ණයෙන් වසා දමා පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කිරීමෙන් පසු මෙලෙස විවෘත කෙරෙයි.
ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පැවැත්වෙි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
NPP රජයට ජයම වේවා
ඔය කෑගහන්නේ විපක්ති පක්ෂයේ මන්ත්‍රීලට ගිහින් සෙල්ෆි ගන්න කියන්නේ.
හායි බිමල්, මෙතන ලොකු ප්‍රශ්නයක් තමයි කුරුල්ලන්. විශේෂයෙන් කපුටන් සහ පරවියන්. ඔවුන් සෑම තැනකම දැල් සාදමින් ස්ථිරවම එහි වාසය කරනවා. ඔවුන් සංකීර්ණය පුරා දෝෂ ඇති කරනවා. ඔවුන් පරිශ්‍රයට ඇතුළුවීම වැළැක්වීමට බලධාරීන්ට යම් විසඳුමක් තිබිය හැකි නම්, පිරිසිදුව තබා ගැනීම වැදගත් විය හැකියි. (නමුත් ඔවුන්ගේ නිදහස් ජීවිතයට හානි කිරීමට ඉඩ නොදිය යුතුයි.
බිමල්, මේක ඉතා හොඳ දෙයක්. නමුත් මෙවැනි තැනක තව නොපෙනෙන වැඩක් කරන්න තියෙනවා. ඒ තමා දිනපතා මේන්ටෙනන්ස් ප්ලෑන් එක අකුරට කිරීම සහ අලුත් වැඩියාවන් ප්‍රෝ්‍ග්‍රෑම් එකකට දැමීම. අපේ රටේ ඇසෙට් මැනේජ්මන්ට් පැත්ත විශාල දිව්නුවක් ඇති කිරීම අත්‍යවශ්‍යයි. දිවුනු රටවල පාරවල් ගොඩනැගිලි පිරිසිදුවට සහ පිළිවෙලට තිබෙන්නේ මේ නිසයි.
හිඟන්නන්ගෙන් සහ බස්වල යන අපේ මගීන්ගෙන් මෙතැන පිරිසිදුව තබාගෙන යන්න එක ඉතාම අපහසු කාර්යයක්.. විශේෂයෙන් බුලත් විට කන අයගෙන්.
හැම පොදු ස්ථානයක්ම හොඳින් බලා කියා ගැනීම පුරවැසියන් ලෙස අපි කාගේත් යුතුකමක්. අවාසනාවකට සමහර අය එවැනි ස්ථාන අපිරිසිදු කරලා, කඩලා බිඳලා දාලා, විනාශ කරලා දානකම් නින්ද යන්නේ නැහැ. එවැනි අයවලුන් අහු උනොත් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න කටයුතු කරන්න ඕනා පොදු දේපොළ විනාශ කිරීම යටතේ නඩු දාලා. නැතිනම් ජීවිතයට ඒවගේ එවුන්ව හදන්න බැහැ.