IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අලුතින් එන ෆුටී දෙපා වලට වටී

දියවැඩියා  රෝගයෙන්  දෙපාවලට  සිදුවන අවදානම කල්තියා හඳුනාගෙන දෙපා  ඉවත්  කිරිමේ අවස්ථාව පිටු දැකීමට සමත්වන උපකරණයක්  ලොවට  හඳුන්වා දුන්  කොළඹ ජාතික රෝහලේ  වාහිනික ශල්‍යවේද සහ අවයව බද්ධ කිරිම තුවාල සම්බන්ධ මහාචාර්ය අංශයේ වෛද්‍ය  තුසිත කහදුව  සෞඛ්‍ය  ඇමැති  දොස්තර  රාජිත සේනාරත්න මහතා අතින්  විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය.

ෆුටී යනුවෙන් හඳුන්වන මෙම උපකරණය වෙළඳපොළට  ළඟදිම ඉදිරිපත් කිරිමට වෛද්‍ය තුසිත කහදුව  ක්‍රියා කරගෙන යයි. රෝගින්ට  දැරිය හැකි මිලකට  අලෙවි  කිරිම වෛද්‍යවරයාගේ  අභිප්‍රායයි.

ජාත්‍යන්තර සුප්‍රසිද්ධ ජිනිවා නව නිපැයුම් හඳුන්වාදිමේදී වෛද්‍ය  කහදුව මහතා රන් පදක්කමකින් පිදුම් ලබා ශ්‍රි ලංකාවට ගෞරවයක් අත්කර  දුන්නේය‍. මෙවන් උපකරණයක් ලොවට  හඳුන්වා   දුන් ප්‍රථම අවස්ථාව මෙයයි.

දියවැඩියාව හේතුවෙන් දෙපාවල සංවේදිතාව අහිමි වීම, අස්ථි දුර්වලවීම , ස්නායු  දුර්වලවීම යනාදිය හේතුවෙන්  තුවාල හටගෙන අවසානයේදී  දෙපා  ඉවත් කිරිමට  සිදුවන අවස්ථා  කොතෙකුත් අැතැයි ඔවුහු කියති.

දෙපාවල තත්තවය කල්තියා හඳුනා ගැනීම නිසා වෛද්‍ය ප්‍රතිකාර  දෙපා ඉවත් කිරිමේ  අවදානමෙන් මුදවා ගැනිමට හැකි වෙතියි වෛද්‍ය කහදුව කියයි.

සෞඛ්‍ය  අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල,වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර ,ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජාසිංහ,මහාචාර්ය චන්දිත විජයරත්න විද්‍යා හා තාක්ෂණය පිළිබඳ සම්බන්ධීකරණ මහලේකම්  කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක මහාචාර්ය අජිත් අල්විස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා  නේවාසික නියෝජිත වෛද්‍ය ජාකොබ් කුමාරයන් ද  සම්මාන උත්සවයට සහභාගි වුහ.

4 2 3 1



අදහස් (0)

අලුතින් එන ෆුටී දෙපා වලට වටී

ශාන්ත Saturday, 06 June 2015 06:16 AM

විශිෂ්ටයි! (නි)

:       0       0

සරත් Friday, 05 June 2015 06:53 AM

කරුණාකර තවත් විස්තර ඉදිරියට ඉදිරිපත් කරන්න. ලංකාදීපට බොහොම ස්තුති. (බ)

:       0       0

හේමන්ත Friday, 05 June 2015 07:12 AM

මේ වගේ උගත් වැදගත් අය ගැන කතාකරන්න. ජෝකර්ස්ලා ගැන අමතක කරලා. (ර)

:       0       0

සෙලනිකස් Friday, 05 June 2015 07:17 AM

විශිෂ්ටයි! (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 07 June 2015 08:14 AM

මෙවැනි බුද්ධිමතුන් අගය කළයුතුයි. ඒ සඳහා රජයේ අනුග්‍රහය අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි.රටේ ධනය කාබාසිනියා කරන දේශපාලකයන් මේ වගේ දේකටවත් අතහිත දෙනවා නම් අඩුම තරමේ පිනක් රටේ ජනතාව වෙනුවෙන්.(නි)

:       0       0

දිනක්ෂි Friday, 05 June 2015 07:47 AM

මොරටුවෙන් කරන දේවල් හොඳයි. නමුත් ඊට වඩා ගොඩක් වටිනවා මේ වගේ දේවල්. මේවා ඉතින් ජීවිත සමඟනේ. අරව ඉතින් අජීවී දේවල් සමඟනේ. තරහා වෙන්න එපා. (නි)

:       0       0

ශාන්ත විජයමාන්න Friday, 05 June 2015 08:24 AM

බොහොමත්ම අගෙයි. අපේ දෙයක්. (බ)

:       0       0

සුරන් Friday, 05 June 2015 08:54 AM

ඔබට සුබ පැතුම්. සම්මාන දුන්නට වැඩක් නැහැ. තවත් මෙවැනි නිර්මාණ කරන්න මුල්‍යමය අදාර ලබා දෙන්න ඕන .(කේ)

:       0       0

පද්මිණි Friday, 05 June 2015 11:54 AM

මෙය රෝහලකට මිසක් රෝගියාට වැඩක් වේවිද? දියවැඩියාව ඉතාමත් හොඳින් පාලනය කරගෙන සාමාන්‍ය කෙනෙකු විදියට ජීවිතය ගත කරන්න හැකියාව තිබේ. පාද අහිමිවීමේ තත්වය වන්නේ ඉතාම නරක අවස්ථාවයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site