දියවැඩියා රෝගයෙන් දෙපාවලට සිදුවන අවදානම කල්තියා හඳුනාගෙන දෙපා ඉවත් කිරිමේ අවස්ථාව පිටු දැකීමට සමත්වන උපකරණයක් ලොවට හඳුන්වා දුන් කොළඹ ජාතික රෝහලේ වාහිනික ශල්‍යවේද සහ අවයව බද්ධ කිරිම තුවාල සම්බන්ධ මහාචාර්ය අංශයේ වෛද්‍ය තුසිත කහදුව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා අතින් විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය.
ෆුටී යනුවෙන් හඳුන්වන මෙම උපකරණය වෙළඳපොළට ළඟදිම ඉදිරිපත් කිරිමට වෛද්‍ය තුසිත කහදුව ක්‍රියා කරගෙන යයි. රෝගින්ට දැරිය හැකි මිලකට අලෙවි කිරිම වෛද්‍යවරයාගේ අභිප්‍රායයි.
ජාත්‍යන්තර සුප්‍රසිද්ධ ජිනිවා නව නිපැයුම් හඳුන්වාදිමේදී වෛද්‍ය කහදුව මහතා රන් පදක්කමකින් පිදුම් ලබා ශ්‍රි ලංකාවට ගෞරවයක් අත්කර දුන්නේය. මෙවන් උපකරණයක් ලොවට හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව මෙයයි.
දියවැඩියාව හේතුවෙන් දෙපාවල සංවේදිතාව අහිමි වීම, අස්ථි දුර්වලවීම , ස්නායු දුර්වලවීම යනාදිය හේතුවෙන් තුවාල හටගෙන අවසානයේදී දෙපා ඉවත් කිරිමට සිදුවන අවස්ථා කොතෙකුත් අැතැයි ඔවුහු කියති.
දෙපාවල තත්තවය කල්තියා හඳුනා ගැනීම නිසා වෛද්‍ය ප්‍රතිකාර දෙපා ඉවත් කිරිමේ අවදානමෙන් මුදවා ගැනිමට හැකි වෙතියි වෛද්‍ය කහදුව කියයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල,වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර ,ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජාසිංහ,මහාචාර්ය චන්දිත විජයරත්න විද්‍යා හා තාක්ෂණය පිළිබඳ සම්බන්ධීකරණ මහලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක මහාචාර්ය අජිත් අල්විස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය ජාකොබ් කුමාරයන් ද සම්මාන උත්සවයට සහභාගි වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ටයි! (නි)
කරුණාකර තවත් විස්තර ඉදිරියට ඉදිරිපත් කරන්න. ලංකාදීපට බොහොම ස්තුති. (බ)
මේ වගේ උගත් වැදගත් අය ගැන කතාකරන්න. ජෝකර්ස්ලා ගැන අමතක කරලා. (ර)
විශිෂ්ටයි! (නි)
මෙවැනි බුද්ධිමතුන් අගය කළයුතුයි. ඒ සඳහා රජයේ අනුග්‍රහය අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි.රටේ ධනය කාබාසිනියා කරන දේශපාලකයන් මේ වගේ දේකටවත් අතහිත දෙනවා නම් අඩුම තරමේ පිනක් රටේ ජනතාව වෙනුවෙන්.(නි)
මොරටුවෙන් කරන දේවල් හොඳයි. නමුත් ඊට වඩා ගොඩක් වටිනවා මේ වගේ දේවල්. මේවා ඉතින් ජීවිත සමඟනේ. අරව ඉතින් අජීවී දේවල් සමඟනේ. තරහා වෙන්න එපා. (නි)
බොහොමත්ම අගෙයි. අපේ දෙයක්. (බ)
ඔබට සුබ පැතුම්. සම්මාන දුන්නට වැඩක් නැහැ. තවත් මෙවැනි නිර්මාණ කරන්න මුල්‍යමය අදාර ලබා දෙන්න ඕන .(කේ)
මෙය රෝහලකට මිසක් රෝගියාට වැඩක් වේවිද? දියවැඩියාව ඉතාමත් හොඳින් පාලනය කරගෙන සාමාන්‍ය කෙනෙකු විදියට ජීවිතය ගත කරන්න හැකියාව තිබේ. පාද අහිමිවීමේ තත්වය වන්නේ ඉතාම නරක අවස්ථාවයි. (නි)