මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පාමින්, ඇමැති රිෂාඩ් බදුර්දීන් විසින් කරන ලදැයි කියන ක්‍රියා හෙළා දුටු කොළඹ අලුත්කඩේ උසාවි සංකීරණයේ, මහාධිකරණ,උපරිමාධිකරණ, ඇපැල් අධිකරණ හා මහේස්ත්‍රාත් අධිකරණ ඇතුළු අධිකරණවල නීතිඥවරුන් උසාවි කටයුතු වලින් බැහැර සිටීම නිසා කිසිදු නඩුවක් විභාග නොවීය. සියළු නඩු ලබන 23 වැනි දිනට කල් තබන බවත් අද දින නීතිඥවරු රාජකාරීවලින් බැහැරව සිටින නිසා උසාවි කටයුතු සිදු නොකරන බවත් දැන්වීමක් මහේස්ත්‍රාත් අධිකරණයේ අලවා තිබිණි. වෙනදා කාර්ය බහුල අලුත්කඩේ අද දවල් වන විට පාළුවට ගියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එස්බී. විපක්ෂයේ ඉදලා කටවරද්ද ගත්තා කියලා හිර දඩුවම් දුන්නා.. දැං බදුදීන් ඉන්නෙ ආණ්ඩුපක්ෂෙ අපි බලාන ඉන්නෙ දෙන දඩුවම මොකද්ද කියලා..(නු)
කඩේ යන්න කව්රුත් නැද්ද (දී)
මෙතරම් වැදගත් පුවතක් පලකිරීමට ප්‍රමාද උනේ ඇයි? පුවතට ප්‍රසිද්දියක් නොදෙන ලෙස කවුරුන් හෝ නියෝග කලාද? (දී)
ඔය කට්ටියට ඔහොමම ඉන්න වෙයි..!!(නු)
ලංකාවෙ මිනිස්සු තේරුම් නොගත්ත දෙයක් තියෙනවා.ඒ තමයි අපි ක්‍රමයක් (ජාතික ප්‍රතිපත්ති ) පත් කර ගන්නව වෙනුවට හැම වෙලාවෙම බලන්නෙ පුද්ගලයෙක් පත්කර ගන්න.ඉතින් රාජපක්ෂ මහත්තය ආවම ආන්ඩුව,රට එයාගෙ.රනිල් මහත්තය ආවොත් රට එයාගෙ.ජෙනරාල් හරි සෝමවන්ශ මහත්තය හරි ආවොත් රට,ආන්ඩුව එයාලගෙ,නෑයන්ගෙ,දරුවන්ගෙ,.එක්කෙනෙක් පත් වුනාම අනිත් අය කෑ ගහනව එයා අනුගමනය කරන විදිය වැරදියි මාධය්‍ය නිදහස නෑ,නීතිය වල් වැදිල,ඥාතී සන්ග්‍රහ කරනව කියල.එයා පැරදිල අනිත් කෙනා ආවම පැරදුනු කෙනාත් අර දේවල්ම කියනව.ඕක රටාවකට කැරකි කැරකි සංසාර චක්කරේ වගේ යනව.හැබැයි වැදගත්ම දේ මේ කියන ක්‍රමය හදන්න කිසිම පාලකයෙක් ඉදිරිපත් වෙන්නෙ හෝ උනන්දු වෙන්නෙ නෑ ඒක ඔවුන්ට පාඩුයි.මිනිස්සුත් ක්‍රමයකට කැමති නෑ හේතුව ඔවුනුත් පුරුදු වෙලා ඉන්නෙ කාට හරි බලයට එන්න සහයෝගය දීල ඒකෙන් රැකියාවක් ලබා ගන්න,ළමයව හොඳ පාසැලකට දාගන්න,බෝක්කුව පාර හදා ගන්න වගේ අවශ්‍යතා සපුර ගන්න අනෙක් අයට නැති උනත්.(නු)
ඔන්න එහෙනම් ලංකාවේ ඉතිහාසයට තවත් වාර්තාවක් . කාටද ආඩම්බර ??? (දී)
අහිංසක ජනය රවට්ටලා ගාන ගන්න කට්ටිය .පුළුවන් නම් සතියක් ඉන්න . (දී)
වැඩ නොකරත් ගාන අතේ.... (ස.වි)
අපිත් නඩුවක් දාමුද ?? (සවි)
අදට විතරක් හරි පිනක් කර ගත්තා. (ත)
ප්‍රගීත්, මගේ ආචාරය ඔබට.. කාලෙකට පස්සේ වැදගත් උගත් ප්‍රතිචාරයක් කියෙව්වා.. මෙතන අදහස් දක්වන 99% දෙනාගෙ අදහස් කිසිම වැඩක් නැති ඒවා.. (නු)
අපේ රටේ උසාවි වලට තාමත් ගල්ගහන්ව එදා වගේම ,ඉතින් තාම රටේ මිනිස්සු හදාගන්න බැරිඋනා පාලකයන්ට (දී)
හොදයි ඔය වර්ජනය දිගටම කරනවද ඕකට පිලිතුරක් නොලැබුනොත්. නිකන් බොරුව දන්නේ කළු කොට් කාරයෝ අහිංසක ජනතාවගේ සල්ලි රවට්ටලා ගන්න. (දී)
ඔය වර්ජනය දිගටම කරනවද
වැරදි කරුවන්ට දඩුවම් දෙන තෙක් දිගටම ඔහෙම කරන්න.... (ස.වි)
දවස් 2 යි බය වෙන්න එපා (දී)