විනිශ්චකාරවයකුද වන අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල කළ මැර ප‍්‍රහාරය හෙලා දකිමින් අලූත්කඬේ උසාවිය ඉදිරිපිට නීතිඥවරුද විපක්‍ෂ දේශපාලනඥයෝද විශ්ව විද්‍යාල ආචාර්ය සංගම් නිලධරයෝද තවත් පිරිසක්ද උද්ඝෝෂණයේ යෙදී සිටිති. බොහෝ දෙනෙක් පාරේ වාඩි වී සිටිති. ඇතැමෙක් පෙත්සම් වලට අත්සන් ගනිති.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම වෙන්න ගියොත් පොදු ජනතාවම එලියට බහින දවස දුර නෑ. රටේ සබැ යහපාලනයක් නැතිකලේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය. අනේ අපි කුමක් කරම්ද? නිකම්ම බලාගෙන ඉඳල මැරිල යනවා හැර. මිනිසුන් මින්සුන්ට ආදරය කරන ලෝකය අද නැත. හෙට උදවන්නේද නැත. මේ සටන්ද මෙම නටකයේම කොටසක් පමණි. (ස)
නීතියක් සාමයක් නැති රටක් (ස)
තව ඉස්සරහට බස් වර්ජන, රෝහල්වල වර්ජන වගේ හැම එකටම විශ්ව විද්‍යාල ආචාර්‍ය සංගමයත් එකතු වේවි (ස)
රට යන්නේ ඉතා නරක පැත්තකට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා දේශපාලන ඇගිලි ගැහීමි, වලින් අවසාන වන්නේ හමුදාවට ගහනව , ශිෂයන්ට ගහනව , අධිකරණයට ගහනව ,ගුරුවරැන්ට ගහනව , හොදට මතක තියාගන්න වෙනව මේ අංශවල ඉවසීම සීමාව අත ලඟ වෙන්න පුලුවන් . ඉන්ධිරා ගාන්ධිටත් වෙඩි තිබ්බේ ඒයා වඩාම විශ්වාස විධියට ලඟ තියන් හිටපු ආරක්ෂකයෙක් . තල හිටෙවුවොත් තල ලැබෙයි තුත්තිරි හිටවල තල කපාගන්න බැරිවෙයි. අන්තිමට තමන්ටම කරදර වෙයි (ස)
මට පේන විදිහට ලංකාව චොර වේගෙන එනවා.(නදී)
පාලකයන්ට දැන් තේරෙනවා ඇති , ජනතා ශක්තිය, ජය වේවා (ස)
අනේ මෙහෙමත් රටක් (ස)
හේමන්ත හරි ! මටනම් එපාවෙලා ඉන්නේ මේ රටේ වෙන දේවල් දැකලම (ස)
විශ්ව විද්‍යාල ආචාර්‍ය සංගමයට වෙන වැඩ නැද්ද ? (ස)
මන්නාරම් උසාවියේ වෙච්ච සිද්දියටත් උද්ඝෝෂණ, වර්ජන කරානේ...වෙච්ච දෙයක් තියෙනවද ? (ස)
මේ දේවල් බුද්ධිමත්ව බලධාරීන් විසින් අවබෝධකරගත යුතුයි (ස)
උගතුන්ට ගහරණ රටක් (ස)
"කමල් 2012-10-08 11:07:36 දැන් රටේ ඇත්ත නැත්ත හොයාගන්න බැරි තත්වයක් තියෙන්නේ . හැම දේටම එකම කට්ටියක්නේ එලියට එන්නේ" කමල්, ඔබ කියන කතාව ඇත්ත. විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍යය වළලන්නට දායක වූවන් ඉහළම විනිසුරු පුටුවල තබාගෙන තමන්ගේ පාලන කාලය ගතකළ අය අද අධිකරණයේ මළගමට අතගසන්න එන එක විහිළුවක්. දැන් ඉන්න අය වගේම කලින් හිටපු අයත් මේවා වෙනස් කරන්න ජනතාව දුන් කිසිදු අවස්ථාවක් ප්‍රයෝජනයට ගත්තේ නැහැ. අධිකරණය ගණිකා මඩමක් කරන්නට හැදූ එක්කෙනෙක් විශ්‍රාම ගිහින් සම්පූර්ණයෙන් මඩෙන් මතුවුන සුදු නෙළුමක් වගේ බණ කියමින්, මීළඟට ජනපති වෙයි කියා හිතන අය පස්සේ වැටිලා ඇවිදිනවා. එයාට පුළුවන් කාලේ විනිසුරන් පුහුණු කරන ආයතන මැරයින්ට භාරදීලා තිබුන බව අපි පත්තරවලින් කියවලා තියෙනවා. ඔය වගේ අයව ඉහළින් පිළිගන්න පිරිසක් තමා විපක්ෂය කියන්නේ. මෙතනට එන්න ඔය කිසි කෙනෙකුට අයිතියක් නැහැ. අපේ රට කොතරම් අසරණද කියා හිතෙනවා . (නි)
ප්‍රසාද්, ඔබ කවුද කියලා අපිට පැහැදිලියි (නි)
ප්‍රසාද් කියන්නේ කවුද කියලා පැහැදිලියි (නි)
අමල් උද්ඝෝෂණ කරන්න අයිතියක් මහාචාර්‍යවරුන්ට නැද්ද ? (ස)
අපේ පූර්ණ සහයෝගය! (නි)
ලංකාව ඉවරයි ,(ස)
කමල්, රෝහණ, අමල් වගේ මිනිස්සුන්ට තියෙන්නේ අමුතුම ප්‍රශ්න. අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් එල්ල වෙන එක හරි , අධ්‍යාපන ප්‍රතිපාදනව කප්පාදු කරන එක හරි එයාලට කිසිම ප්‍රශ්නයක් නෑ. විශ්විද්‍යාල ආචාර්යවරු පාරට බැහැපු එකගැන ගොඩ දෙනෙකුට බඩේ අමාරුව හැදිලා තියෙන්නේ ඇයි කියලා අපි නම් දන්නවා. (ස)
විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්නේ ඇයි කියල නෙමෙයි අහන්න ඕන , GMOA එකේ මහත්වරු ඇයි මේ වගේ සමාජයට බලපාන ප්‍රශ්නවලට පස්ස ගහන්නේ කියලයි. (ස)
පළාත් සභා ක්‍රමය නිස මේ රටේ මිනිස්සු සැහෙන අපහසුතාවයට පත් වෙලා තියෙන්නෙ. පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න බැරි නම් අඩුම තරමින් එවයේ බලය අඩු කරන එකත් හොද දෙයක්. එකට අධ්කරණය බධාවක් වෙනව නම් ඒ බධාව හොදින් හෝ නරකින් ඉවත් කල යුතුයි. ජනතාවගේ දුක නොතේරෙන අධිකරණ පද්ධතියකින් ඇති වැඩේ කුමක්ද???? (ස)
බලලෝභී දේශපාලනයට සියල්ල යටයි. (නි)
ආචාර්‍යවරුන් නැති තැනක් නෑ දැන් (ස)
කවුරු කාට උදවු කරනවාද කියලා හිතා ගන්න බැහැ
දැන් රටේ ඇත්ත නැත්ත හොයාගන්න බැරි තත්වයක් තියෙන්නේ . හැම දේටම එකම කට්ටියක්නේ එලියට එන්නේ (ස)
ආචාර්යවරු ඉන්නවයි කිවුවට බෑලුවෙ කෑළණිය පෑත්තෙනුත් ඉන්නවද කියලා. (නි)