අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 80 දක්වා වැඩි කරන්නැයි ඉල්ලමින් කැප්පිටිපොළ ආර්ථික මධ්‍යස්ථානයට රැස්වූ සමස්ථ ලංකා ගොවි ජන සංගමය අද උද්ඝෝෂණයක් කළේය. ගොවීහු දහසකට වැඩි සංඛ්‍යාවක් පැමිණ සිටියහ. අද අර්තාපල් තොග මිල රුපියල් 42 කි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වා එච්චර දුරට ඉගෙන ගත්තනම් මේ අයගෙන් 90%ක් විතර කවදාවත් ගොවිතැන් කරන්නේ නැහැ.. ඔය කියන විදිහයට ගොවිතැනටත් අඩුමගානේ උසස්පෙළවත් කරන්න වෙයි.. (නු)
"සිල්වා 2012-10-09 15:31:02 අපේ ගොවීන්ට අල ගෙඩියක් තරම් මොළය නැහැ , වගා කරන්න කලින් වගා සැලසුමක් කළා නම් ඉවරනේ , ඉල්ලුමේ හැටියට තමයි සැපයුම ඕනෑ වෙන්නේ .නැත්නම් භාණ්ඩ මිල පහළ වැටෙනවා" මහත්තයෝ, ඔය කියන දේවල් ගොවීන්ට කරන්න පුළුවන් නම් ඒ මිනිස්සු පොළව එක්ක හැප්පෙන්නේ නැතුව කොළඹ කන්තෝරු වලයි ඉන්න ඕනෑ. ඕවාට තමයි ගොවි කටයුතු පර්යේෂණ ආයතන ආදී කෘෂිකර්ම අමාත්‍යංශයේ ආයතන වල ප්‍රතිපත්ති තීරණ ගන්න ලොකු මහත්වරු පඩි දීලා තියාගෙන ඉන්නේ. (නි)
රට අර්තාපල් ගෙන්වීම නැවැත්තුවානම් ඔය වැඩේට නියම විසඳුමක් ලැබෙනවා (ස)
ඔය ගොවි මහත්වරුත් කට්ටිය දීපු කැරට් අල කෑවද ? (ස)
මඩ සෝදා ගත්කල ගොවියා රජකමටද සුදුසුයි කියන්නේ තනිකර බොරුනේ.මේවත් හොඳ මිලක් දුන්නානම් පිටරටින් බඩු ගෙන්වන්න කිසි උවමනාවක් නෑ . ගොවියෝ නැති තරමට කොමිස් කාක්කන්‍ට ලේසියිනේ (ස)
නියමයි (ස)
ගොවියෝ ගැන කතාකරන්න ගිහිල්ලා අපියි අමාරුවේ වැටෙන්නේ (ස)
ඊලඟට කරණවෑමියන්ගේ උද්ඝෝෂණයද ? (ස)
අපේ රටේ දැන් එක එක වෘත්තිකයෝ පාරට බහිනවා . මේවා ගැන බලධාරීන් ක්‍රියාත්මක නොවුනොත් අනාගතය ගැන ඇත්තටම බයයි (ස)
ගොවියන් විතරක් නෙමෙයි රටේ ඉන්නේ. පාරිභෝගික අපිත් ඉන්නවා. ගොවියන් උද්ඝෝෂණය කරලා මිල වැඩි කර ගත්තහම පාරිභෝගික අපිට ඒවා මිළදී ගන්න අපේ වැටුප් වැඩිකරනවද? (නි)
ගොවියන්ට හොඳ මිලක් දෙන එක හොඳයි. හැබැයි ඊට පස්සේ බඩු ගිනි ගණන් කියලා ආණ්ඩුවට බැනලා වැඩක් නෑ (ස)
මේනම් නියම ගොවියෝ නෙමෙයි ..මේක කුමන්ත්‍රණයක්, මේ ඉල්ලීම් ඉෂ්ඨකරලා දුන්නොත් මිනිස්සුන්ට කියන්න වෙන්නේ අල කයිද කබරගොයි කියන්නයි (ස)
අපේ ගොවීන්ට අල ගෙඩියක් තරම් මොලේ නෑ , වගා කරන්න කලින් වගා සැලසුමක් කරානම් ඉවරනේ , ඉල්ලුමේ හැටියට තමයි සැපයුම ඕනි වෙන්නේ .නැත්නම් භාණ්ඩ මිල පහළ වැටෙනවා(ස)
අලේ බලේ බලන්න බොලේ (ස)
ප්‍රශ්නය හරියට නොදැන අදහස් දාන්න එපා (නි)