
(යොහාන් භාසුර)
නව මිල යටතේ කිරිපිටි හෙට (15) සිට මිලදී ගතහැකි බවත් නව මිල සටහන් කළ කිරිපිටි තොග අද වෙළෙඳපොලට නිකුත් කරන බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයකු පැවසීය.
කිරිපිටි වෙළෙඳපොලට සැපයීමට පෙර කළ යුතු පරීක්‍ෂණ ඇති බැවින් කිරිපිටි වරායෙන් ලැබුණ වාහාම වෙළෙඳපොලට සැපයිය නොහැකි බව කී එම නිලධාරියා තවත් සතියක් පමණ යන විට කිරිපිටි හිඟය පහව යනු ඇති බවත් සඳහන් කළේය.
කිරිපිටි කිලෝවක පැකට්ටුවක් රුපියල් 1195 ක් ද, ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 480 ක් ද, ලෙස නව මිල පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම එකතුවෙලා කිරිපිටි වර්ජනය කරමු
දැන් තේරෙනවා ද පහුගිය දවස්වල කඩවල් වල අලුත් මිලට තිබුණේ පරණ ස්ටොක් බව.
අද ඉඳලා.... ගිය ඉරිදා මේද රහිත බොන්ලැක් ග්‍රෑම්, 400 පැකට්ටුව රු.,565/= මම ගත්තේ. ඒවාට මිල මුද්‍රණය කරල තිබුනේ.
මම තමයි හොඳටම කළේ. !