අලුතින් අධිකරණ පිහිටුවා හෝ අලුතින් නීති සකසා හෝ හොරුන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබල ගැන්වීමේ හා සුභසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා අද (06) ඇල්පිටියේ එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනන දී කීවේය.
“ජනාධිපති තුමත් අගමැතිතුමාත් පොරොන්දූ වුනා ජනවාරි 8 වෙනිදායින් පස්සේ එයාපෝර්ට් වහනවා කියල. එයාපෝර්ට් වහල හොරු අල්ලලා ඒ ගත්ත ඒවා රාජසන්තක කරනවා කිවුව. දැන් ජනාධිපති තුමා කියනවා ඒ හොරුන්ගේ ණය ප්‍රමාණය කෝටි ලක්ෂ 9 ක් කියල. ඒ අයගෙන් ඒවා අයකරගන්න තියෙනවා. ඒව අයකරගන්න මේ අය හිරේ දාල පරීක්ෂණ කරන්න වෙනවා. ඒවා දේශපාලන පලිගැනීම් නෙමෙයි. මේවා චන්ද පොරොන්දු.“ යැයි ද ඔහු කීවේය.
COMMENTS
සැකකාරයින් සියල්ල වැරදිකාරයෝ වියයුතුමයි කියලා නීතියක් ගෙනෙන්න ඇමතිතුමා. (නි)
මුලින්ම බැඳුම්කර වංචාවට දඬුවම් දීලා ඉන්නකෝ (නි)
එහෙම කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.(හේ)
ඒකනම් ඇත්ත. අලුත් හොරු අල්ලන්න නම් අලුත් නීති ඕනෑවෙයි. (නි)
අනේ මෙහෙමත් ඇමතිවරු? අලුතෙන් නීති හදන්න කලින් කරපු වැරදි වලට දඬුවම් කරන්න (නි)
මේකත් රංගනයක්.(හේ)
අවුරුදු 1.5 ක් ලස්සනට ගෙවිලා ගියා වගේ ඉතිරි අවුරුදු 3.5 ත් ලස්සනට ගෙවිලා යාවි. (නි)
රුපියල් කෝටි ලක්ෂ 9 ක් කියන්නේ කජු ඇටවත් කොස් ඇටවත් නෙමෙයි. අසරණ මිනිසුන්ගෙන් බදු පිට බදු ගහලා ගසාකාපු ධනස්කන්දයයි. (නි)
අපට මේ අපේ වැඩ ටිකවත් දවස ඇතුළත කරගන්න බැරුව ඉන්නකොට මේ අය මේ වගේ කතා කියන්න කොහොම වෙලාව හොයාගන්නවද මන්දා? ඒ අතරේම රඟපෑමත් කරනවා. පුදුම මහජන සේවකයෝ. (නි)
කොහොමටත් යුඑන්පිය නීති හදන්නත්, කඩන්නත් දක්ෂයෝනේ. එක් කලෙක අතීතයට බලපාන්න නීතිත් හැදුවේ. (නි)
අපේ රටේ මිනිසුන්ගේ තියන දුර්වලකම තමයි කුල්ල විසිකරලා පෙනේරය ආදරයෙන් රැකබලාගන්න එක. මොන තරම් ධෛර්යය දැම්මත් පෙනේරය විසිකරලා කුල්ල ළංකරගන්න හිත දෙන්නෙ නැහැ. ඒකට මුලික හේතුව රට ගැන නොසිතා පුද්ගලයා සහ පක්ෂය ගැන හිතලා කටයුතු කිරීම (නි)
ජයවේවා ඔබට! (නි)
තව ටිකක් ඉවසන්න. ඉදිරියේදී උත්තර හම්බවෙයි. (නි)
නළුවෙක් වුනත් හොරෙක් නොවන්නේ නම් අපට වටින්නේ නළුවාය.උරුම කම කියන රජකුමාරයෙක් වුනත් හොරෙක් නම් ඔහු රටටවත් ජනතාවටත් වටින්නේ නැති බව කවුරුත් තේරුම් ගත යුතුය.(හේ)
ඔය නීති වලින් පුළුවන් නම් ඡන්දෙ පැරදුනු උදවියට ඇමතිකම් දීපු හැටි ගැනත් හොයලා දඬුවම් දෙන්න. (නි)
තිරයේ වීර චරිත රඟපාලා මිනිසුන් රැවට්ටුවට සැබෑ ජීවිතයේ මිනිස්සු රැවටෙන්නේ එක පාරයි . දින සීයක් බැලුවා මොකුත්ම පෙන්නන්න බැරි වුනා අවුරුද්දකුත් බැලුවා මඩ විතරයි දැන් අවුරුදු පහක් ගියාම කියන්න තියෙන්නෙත් පරණ තැටිමයි . විසිල් විතරයි බල්ටි නැහැ .(හේ)
කියන දේවල් වලට ළඟ ඉන්න අයටත් හිනා .(හේ)
මෙයා නළුවෙක් විදිහට හිටියා නම් මීටවඩා හොඳයි. මෝඩකම ප්‍රදර්ශනය වෙනවා වැඩියි වගේ. (නි)
කිව්වොත් කියන්නේ හිනා යන කතාවක් තමයි. කොයි රජය ආවත් පරණ රජයේ ණය පියවන්න ඕනෑ. හොරෙන් ණය ගන්න බැහැනේ. හොරෙන් අරන් තියෙනවා නම් රජය ගෙවන්න ඕනෑත් නැහැනේ. (නි)
අලුත් නීති මොකටද? තියන නීතිය හොඳටම ප්‍රමාණවත්. ඔබතුමට ඕනෑකමක් තිබුනට රජයේ අනික් කට්ටියට උවමනාවක් නැහැ (නි)
තියෙන නීති වලින් ක්‍රමවත් කාර්යක්ෂම අධිකරණ සේවයක්, නීති පද්ධතියක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? (නි)
තිලක්-ඩුබායි ට කියන්න තියෙන්නේ මෙච්චරයි. මෙතන තියෙන ප්‍රතිචාර දිහා බලලා තමන්ගේ දර්ශනය පිළිබඳ තීන්දුවක් ගන්න. මේ ඉරිදා පත්තර ටිකත් කියවලා බලන්න. මට පෙනෙන්නේ මෙයා දේශපාලන අනාතයෙක් කියලා. (නි)
කිසිම කාර්යක්ෂමතාවයක් නැති අය පන්නලා අලුතින් කට්ටිය පත්කර නොගත්තොත් ඕවා කරන්න බැහැ. (නි)
රජිත් මංජුල, කලකින් අහන්න නොලැබුන කදිම උපමාවක් ඔබ යොදාගෙන තියනවා. ඔබ කියන දේ හරියටම හරි (නි)
දැන් හොඳටම කල් ගත්තා ඇති. තියෙන නීතියෙන් ලේසියෙන්ම පුළුවන් සැම දෙයක්ම කරන්න. (නි)
මේ කියන ඒව කරන්න ගියොත් බැඳුම්කර වංචාවට හිරේ යන්න වෙයි (නි)
මුණසිංහ කියන මනුස්සය ඉන්නේ සිරිකොතේ ඉතින් අනාථ වෙලා කියන එක අහන්න දෙයක්ද. හැබැයි ලියන්නේ ඩුබායි ඉඳල.(රේ)
තියන නීති වලින් තමයි මිනීමරුවෝ මරණිය දණ්ඩනයට නියම වෙන්නෙත්, හොරුන්ට සිරදඩුවම් ලැබුනෙත්, අනෙකුත් වැරදිවලට දඩුවම් ලැබුනෙත්. මෙයාට අපේ රට ගැන කිසිම දැනුමක් නැ. නිකම් \"වන් ෂොට් \" ෂෝ දමල මිනිස්සු ගොනාට අන්දන්න හදනවා. එත් මිනිස්සු දන්නවා අම්බරුව කියලා(රේ)
තමන්ටම කියල භාවනා මද්‍යස්ථාන හදා ගන්නත් ,තාත්තලාගේ ඉස්මාරක හදන්නත් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කලේ අසරණ ජනතාවගේ මුදල්.ඒ භාවනා මද්‍යස්ථානය ජනතාවට පෙන්නුවෙත් රැ කරුවලේ අත පත ගාමින්.(රේ)
මහජන මුදල් ගසා කාම හොයන්න කියනකොට රටේ බදු ගෙවපු වහල්ලු කොටසක් කියනවා නැහැ හොයන්න ඕනේ නැහැ කියල.වනචර දශකයේදී පුදුම මොළ හෙදිල්ලක් හෝදලා තියෙනවනේ.(රේ)
ලොකුම හොරා කවුද කියලා අපි දන්නවනේ (නි)
රටේ අවාසනාවට රටේ දරුවන්ගේ අවාසනාවට අපිට ජෙනරාල් ෆොන්සේකාව රටේ විධායක ජනාධිපති කරව ගන්න ලැබුනේ නැහැ.එහෙම වුනානම් මේ වෙනකොට කට්ටිය ඉන්නේ යකඩ කුරු ගණන් කර කරයි.(රේ)
එතකොටවත් අර බන්ධනාගාර බැඳුම්කර සිද්ධියේ සුල මුල සොයා වැරදිකරුවන්ට දඬුවම් කළ හැකිවේවිද? මේ රටේ හැම කෙනෙකුම දේශපාලන ගැත්තෙකු නොවේ (නි)
හොරු අල්ලන්න අලුත් නීති අවශ්‍ය නැහැ. තියන නීති හොඳටම ඇති. (නි)
මෙතුමා ගිය උඩ! අනේ හැබෑටම? (නි)
චිත්‍රපටි වල තිබෙන දේවල් ඇත්ත ජීවිතේත් ඇත්ත කියලා හිතාගෙනද ඉන්නේ? කයිවාරුව විතරයි.. (නි)
ඕවා කරනකොට ලබන ආත්මෙ වෙයි (නි)
මෙයාලට ඡන්දෙ දුන්නේ කවුද? (නි)
ඒ ගමන නීතිත් අලුතින් හදන්න යනවද? (නි)
බුද්දියෙන් දුබලයා සබ්දයෙන් ප්‍රබලයකි (රේ)
රට හදල ඉදපන් ගොන්ජෝ.. පිස්සුද උබට හැටිද.. රඟන්න එපා වැඩිය.. උබලව තිත්ත වෙලා තියෙන්නේ..(රේ)
පාර්ලිමන්ට් ජෝක්ස් - ප්‍රධාන නළුවා?(රේ)
හරියට රගපානවා වගේම තමයි.(ත)
හොරුන්ට වඳින කට්ටියට හරිට හිතට අමාරු වගේ (නි)
අනේ ඇමතිතුමනි ඔබ කියන දේ කවුරුත් ගණන් ගන්නේ නැහැනේ. ඔක්කොම හිතන්නේ ඒවා චිත්‍රපටිවල දෙබස් කියලයි. (ත)
ජනතාව ප්‍රතික්ෂේප කළ අය ගැනීම මුලින්ම නවත්වන්න. (ත)
බොරු සෝබන නැතිව දැන්වත් වැඩක් කරන්න පටන්ගත්තොත් හොඳ නැද්ද? (ත)
ඒ ගමන විකට චරිතත් රඟපාන්න පටන් ගත්තද? (ත)
අලුතින් නීති හදලා හොරු අල්ලද්දි වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි.(හේ)
ප්‍රියාන්ගේ කතාව සම්පුර්ණ ඇත්ත.(හේ)
රටට කරන දෙයක් නැහැ මෙයාලා. කණගාටුයි අපිට මෙවැනි අයව පාර්ලිමේන්තුවට යවපු එකට (නි)
දැන් ඔය වගේ කතා කිව්වද?(හේ)
'වැඩබැරි ටාසන්ලාම' තමයි අද අපිට ඉන්නේ. අවුරුදු දෙකක් ගිහින් මෙයාලා මොනවද කළේ? ජනතාව පාරට ඇදලා දාපු එක විතරයි. අද යන යන තැන උද්ඝෝෂණ, විරෝධතා. මිනිස්සු අනාතයෝ වෙලා (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)
දුන්නොත් වැඩක්, නියමයි!
අලුතින් අධිකරණ පිහිටුවා නීති සකසා අවසන් වෙනකොට හොරු අල්ලන්න කාලයක් ඔබතුමන්ලාට ඉතිරි වෙනවද? මෙය ජනතාවට මුහුණදීමට සොයාගත් අලුත් ස්වරූපයක ගමනකට අදාළ ප්‍රකාශයක්ද? (නි)