නිකවැරටිය, කොබෙයිගනේ, රස්නායකපුර හා කොටවෙහෙරේ වල් අලින් පනහක් පමණ ගිරිල්ල මීවැල්ලාව හරහා ඉඟිනිමිටිය රක්‍ෂිතයට රැගෙන යෑමේ මෙහෙයුමක් දැන් ක‍්‍රියාත්මක වෙයි. අලි පැටවු දස දෙනෙක් පමණ ද කොටුවී සිටිති. තලාකොළවැව කොටු අත්තාවල රක්‍ෂිතයට එම අලි රංචුව පැන්නීමට නිලධරයෝ සමත් වූහ. නිකවැරටිය වන සත්ව අඩවි ආරක්‍ෂක ගාමිණී බණ්ඩාර මහතාගේ මෙහෙයැවීමෙන් පසුගිය 11 වැනිදා ඇරඹුණු මේ මෙහෙයුමේ අරමුණ අලින් 70 ක් පමණ ගාල් කැර ගැනීමයි. දින 20 කින් මෙහෙයුම අවසන්වීමට නියමිතය. නිලධරයෝ 35 දෙනෙක් ඊට එක්වී සිටිති.


1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියන්ගේ නාමෙට එක අලියෙක්වත් මරන්න එපා. (නි)
ලංකාවේ අලි හොරු ඉන්නවා .ඔය අලි පැටවුන් ප්‍රෙව්සම් කර ගන්න..(ස)
මුන් මනුෂ්‍ය ලෝකයට එනවිට අහවල් අය වගේ පුද්ගලයන් එතනට යයි වගේ. (නි)
අලින්ට අපල කාලේ , මොනවා කරන්නද ...........(ස)
මේ අහිසංක සත්තු කොහේ යන්නද, උන්ගේ වාස භූමිවල අපි. උන්ගේ පාඩුවේ ඉන්න දෙන්න. (අ)
මහගිරිල්ල, උඩගිරිල්ල අපේ ගම්. එලවන අලි එම පළාත්වල නවත්තන්න එපා. (අ)
මතු පරපුරට දැක ගන්න මේ අළි රැළ රැක ගනිමු....!!(නු)
කොටිත් ගාල් කළා.. අලිත් ගාල් කළා.. ඊළගට...?(නු)
වයඹ පළාතට ඡන්දය නැහැනෙ..!!(නු)
යන්න එන්න තැනක් නැත්තම් පැත්තවත් මාරුකරන්න වෙයි...(ස)
අලි වැඩක්නේ. (නි)
තිනි අලියානම් දාලා යන්න කැමැති නෑ වගේ පේන්නේ (අ)
ප්‍රධානම අලියාව ගාල් කරන්නේ කොහේටද? (නි)
බලධාරීවරුනි, මිනිසුන් සදහා ක්‍රමවත් ජනාවාස හැදුවොත් අලි සම්පත බේරා ගත හැකියි. (නි)
පැටැව් දුවන හැටි දැක්කම දුකේ බෑ... (ස)
පැටවු ටික කාගේහරි දේශපාලඥයකුගේ ගෙදර හරි, නැත්නම් කාගේ හරි බාරයක් ඔප්පු කරන්න කොහේහරි දේවාලයක් ගාවහරි ඉදීද කියලා පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න හොදේ. (නි)
කැළෑ ගිනි තියන්නෙත් මේ අලිමද දන්නේ නැහැ. (නි)
දඟලන තව අලි ඉන්නවා. ඒ අයත් කූඩු කරගන්න...(ස)
හොද අලි ටික දැන් කොටුකරගෙන ඉවරයිනේ. තව ටික දෙනයි ඉන්නේ කොටු කරගන්න. (නි)
මුන් මනුෂ්‍ය ලෝකයට එනවිට අපේ කට්ටිය එතනට යයි වගේ. (නි)
සමහර අලින්ටම නම් ඇත්තටම කැළේ මාරු කරන්න සිද්ධ වෙලා. මොකද, ඉන්න කැළේ 'ෆුල් අප්සට්'. (නි)
නියම චරිත ටිකක්නේ මේකේ කමෙන්ට් කරන්නේ. (නි)
සියවස් ගණනාවක් අලින් හිටි තැන්වල මිනිසුන් ගෙවල් හදාගෙන. පස්සේ අලි ටික ගහලා පන්නනවා. නැත්නම් මරලා දානවා. අනේ මෙහෙමත් රටක්! (නි)
මුලින්ම දග අලි ටික ගාල් කරන්න. (නි)
දැන් අරෙහේ ඉඩ මදි වෙලාද?(ස)
අනේ අලින්ට කරදර කරන්න එපා. (නි)
මේ ලෝකේ ඉන්න ඝාම්භීර උතුම්ම සතා.. වාසනාවේ සංඛේතයක්..(ස)
අලි ටික අහවල් දිහාටයි පන්නන්න තිබුණේ, කැළේට නෙමෙයි. (නි)
අනේ අලින්ව අතනින් කොතෙන්ටද මන්දා එළවන්නේ? (නි)
අනේ මේ සත්තුන්ට හිරිහැර කරන්න එපා. තිරිසනුන් උන් නෙමෙයි. මේ නරුම මිනිස්සුයි. (නි)
ඒ සත්තුත්මේ පොළොවේ ජිවත්වෙන් එපැයැ. මේ මහ පොළොව උන්ට නිදහසේ ජිවත් වෙන් ඉඩක් සලස්වන වගකිව යුතු අයගේ යුතුකමක් (අ)
පුදුම ලස්සනයි. (නි)
අනේ අපොයි අලින්ටත් ගිය කලක්! දුකේ බැරුවා. (නි)
වර්ග කර කර ඉන්නේ නැතුව සියලුම අලි ටික මෙහෙම පන්නලා දැම්මා නම් ඉවරයිනේ. (නි)