නිකවැරටිය, කොබෙයිගනේ, රස්නායකපුර හා කොටවෙහෙරේ වල් අලින් පනහක් පමණ ගිරිල්ල මීවැල්ලාව හරහා ඉඟිනිමිටිය රක්‍ෂිතයට රැගෙන යෑමේ මෙහෙයුමක් දැන් ක‍්‍රියාත්මක වෙයි. අලි පැටවු දස දෙනෙක් පමණ ද කොටුවී සිටිති. තලාකොළවැව කොටු අත්තාවල රක්‍ෂිතයට එම අලි රංචුව පැන්නීමට නිලධරයෝ සමත් වූහ. නිකවැරටිය වන සත්ව අඩවි ආරක්‍ෂක ගාමිණී බණ්ඩාර මහතාගේ මෙහෙයැවීමෙන් පසුගිය 11 වැනිදා ඇරඹුණු මේ මෙහෙයුමේ අරමුණ අලින් 70 ක් පමණ ගාල් කැර ගැනීමයි. දින 20 කින් මෙහෙයුම අවසන්වීමට නියමිතය. නිලධරයෝ 35 දෙනෙක් ඊට එක්වී සිටිති.


2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අලි රැලක් නව නිවහනකට
විභූෂ Friday, 17 August 2012 04:06 PM
දෙයියන්ගේ නාමෙට එක අලියෙක්වත් මරන්න එපා. (නි)
ගයා Saturday, 18 August 2012 07:06 AM
ලංකාවේ අලි හොරු ඉන්නවා .ඔය අලි පැටවුන් ප්‍රෙව්සම් කර ගන්න..(ස)
සමන් රොහාන් රණසිංහ Saturday, 18 August 2012 07:15 AM
මුන් මනුෂ්‍ය ලෝකයට එනවිට අහවල් අය වගේ පුද්ගලයන් එතනට යයි වගේ. (නි)
හර්ෂ Friday, 17 August 2012 04:15 PM
අලින්ට අපල කාලේ , මොනවා කරන්නද ...........(ස)
කතරගම ප්‍රියලත් Friday, 17 August 2012 04:40 PM
මේ අහිසංක සත්තු කොහේ යන්නද, උන්ගේ වාස භූමිවල අපි. උන්ගේ පාඩුවේ ඉන්න දෙන්න. (අ)
ඩබ්ලිව් රනිල් Saturday, 18 August 2012 09:08 AM
මහගිරිල්ල, උඩගිරිල්ල අපේ ගම්. එලවන අලි එම පළාත්වල නවත්තන්න එපා. (අ)
හේමචන්ද්‍ර Saturday, 18 August 2012 09:33 AM
මතු පරපුරට දැක ගන්න මේ අළි රැළ රැක ගනිමු....!!(නු)
නිසල් Saturday, 18 August 2012 09:55 AM
කොටිත් ගාල් කළා.. අලිත් ගාල් කළා.. ඊළගට...?(නු)
මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Saturday, 18 August 2012 10:47 AM
වයඹ පළාතට ඡන්දය නැහැනෙ..!!(නු)
භාෂණ Saturday, 18 August 2012 11:27 AM
යන්න එන්න තැනක් නැත්තම් පැත්තවත් මාරුකරන්න වෙයි...(ස)
අමිල කටුනායක Friday, 17 August 2012 07:33 PM
අලි වැඩක්නේ. (නි)
අමිල කටුනායක Friday, 17 August 2012 07:35 PM
තිනි අලියානම් දාලා යන්න කැමැති නෑ වගේ පේන්නේ (අ)
ඒබ්‍රහම් Friday, 17 August 2012 12:40 PM
ප්‍රධානම අලියාව ගාල් කරන්නේ කොහේටද? (නි)
වසන්ත Friday, 17 August 2012 12:43 PM
බලධාරීවරුනි, මිනිසුන් සදහා ක්‍රමවත් ජනාවාස හැදුවොත් අලි සම්පත බේරා ගත හැකියි. (නි)
ගැමුණු Friday, 17 August 2012 12:43 PM
පැටැව් දුවන හැටි දැක්කම දුකේ බෑ... (ස)
උපුල් Friday, 17 August 2012 08:10 PM
පැටවු ටික කාගේහරි දේශපාලඥයකුගේ ගෙදර හරි, නැත්නම් කාගේ හරි බාරයක් ඔප්පු කරන්න කොහේහරි දේවාලයක් ගාවහරි ඉදීද කියලා පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න හොදේ. (නි)
සංජය Friday, 17 August 2012 08:36 PM
කැළෑ ගිනි තියන්නෙත් මේ අලිමද දන්නේ නැහැ. (නි)
කුරුවිට Saturday, 18 August 2012 01:47 PM
දඟලන තව අලි ඉන්නවා. ඒ අයත් කූඩු කරගන්න...(ස)
වරුණ Friday, 17 August 2012 01:02 PM
හොද අලි ටික දැන් කොටුකරගෙන ඉවරයිනේ. තව ටික දෙනයි ඉන්නේ කොටු කරගන්න. (නි)
සමන් රොහාන් රණසිංහ Friday, 17 August 2012 01:36 PM
මුන් මනුෂ්‍ය ලෝකයට එනවිට අපේ කට්ටිය එතනට යයි වගේ. (නි)
ප්‍රවීන් - මැනිලා Friday, 17 August 2012 10:07 PM
සමහර අලින්ටම නම් ඇත්තටම කැළේ මාරු කරන්න සිද්ධ වෙලා. මොකද, ඉන්න කැළේ 'ෆුල් අප්සට්'. (නි)
ගිහාන් Friday, 17 August 2012 02:28 PM
නියම චරිත ටිකක්නේ මේකේ කමෙන්ට් කරන්නේ. (නි)
බණ්ඩාර Friday, 17 August 2012 02:38 PM
සියවස් ගණනාවක් අලින් හිටි තැන්වල මිනිසුන් ගෙවල් හදාගෙන. පස්සේ අලි ටික ගහලා පන්නනවා. නැත්නම් මරලා දානවා. අනේ මෙහෙමත් රටක්! (නි)
සිල්වා Friday, 17 August 2012 02:48 PM
මුලින්ම දග අලි ටික ගාල් කරන්න. (නි)
ගාමිණී Saturday, 18 August 2012 12:55 AM
දැන් අරෙහේ ඉඩ මදි වෙලාද?(ස)
ලීසා Friday, 17 August 2012 02:58 PM
අනේ අලින්ට කරදර කරන්න එපා. (නි)
දිසා Saturday, 18 August 2012 01:24 AM
මේ ලෝකේ ඉන්න ඝාම්භීර උතුම්ම සතා.. වාසනාවේ සංඛේතයක්..(ස)
කුමාර Saturday, 18 August 2012 02:00 AM
අලි ටික අහවල් දිහාටයි පන්නන්න තිබුණේ, කැළේට නෙමෙයි. (නි)
ප්‍රමෝද් Friday, 17 August 2012 03:21 PM
අනේ අලින්ව අතනින් කොතෙන්ටද මන්දා එළවන්නේ? (නි)
මේරි Friday, 17 August 2012 03:29 PM
අනේ මේ සත්තුන්ට හිරිහැර කරන්න එපා. තිරිසනුන් උන් නෙමෙයි. මේ නරුම මිනිස්සුයි. (නි)
චිත්‍රා Friday, 17 August 2012 03:32 PM
ඒ සත්තුත්මේ පොළොවේ ජිවත්වෙන් එපැයැ. මේ මහ පොළොව උන්ට නිදහසේ ජිවත් වෙන් ඉඩක් සලස්වන වගකිව යුතු අයගේ යුතුකමක් (අ)
ඩේවුඩ් Friday, 17 August 2012 03:34 PM
පුදුම ලස්සනයි. (නි)
සංජේ Saturday, 18 August 2012 05:54 AM
අනේ අපොයි අලින්ටත් ගිය කලක්! දුකේ බැරුවා. (නි)
සරත් Saturday, 18 August 2012 06:02 AM
වර්ග කර කර ඉන්නේ නැතුව සියලුම අලි ටික මෙහෙම පන්නලා දැම්මා නම් ඉවරයිනේ. (නි)