IMG-LOGO

අලි බබාලාගේ හොඳ හොඳ සෙල්ලම

2016-08-12-ent-30

අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නෑලු. අපි අද යමු එහෙනම් අලි බලන්න. ලංකාවේ රක්ෂිතයන් හා අභය භූමී ඇරැණම පහසුවෙන් අලියෙක් බලාගන්න පුළුවන් තැන් කිහිපක්ම තියෙනවා. කොළඹ ඉන්න අය නම් අලි බලන්න ඉක්මණටම යන්නේ දෙහිවල සත්ත්වෝද්‍යානයට. ඒ වගේම අලි බලන්න අනිත් ප්‍රසිද්ධම තැන තමයි පින්නවල අලි ගෙදර. හැබැයි ඒ ඔක්කොටම වඩා වෙනස් විදියට අලි වගේම ඇත්තු බලන්න තියෙන තැනක් තමයි උඩවලව ඇත් අතුරැ සෙවණ කියන්නේ. මොකද්ද මේ වෙනස..

2016-08-12-ent-29උඩවලවේ ඇත් වගේම අලි පැටව් කොහේවත් හිරකරලා නෑ. සත්ත්වෝද්‍යානයක රඳවලත් නෑ. එයාලා ඉන්නේ උඩවලව කැලේ. උඩවලව ජලාශය අවට තිබෙන උඩවලව රක්ෂිතය ගැන අපි කාලෙකට කලින් Walk 121 හරහා කිව්වා. අන්න ඒ රක්ෂිතයට මායිම් වෙලා තමයි උඩවලව ඇත් අතුරැ සෙවණ තියෙන්නේ. ඔය කියන රක්ෂිතයේ ඉන්න අම්මාගේ කිරි පොදක් අහිමි වුණ පුංචි අලි බබාලට අවශ්‍ය කිරි දීලා ඔවුන්ගේ ලෙඩට දුකට බෙහෙත් එහෙම දීලා බලාගන්න එක තමයි උඩවලව ඇත් අතුරැ සෙවණේ මූලික රාජකාරිය. ඉතින් අර වනාන්තරේ ඉන්න අලි පැටවු පුරැදු වෙලා ඉන්නවා කිරි බඩගිනි හැදුනාම ඇත් අතුරැ සෙවණට ඇවිල්ලා බඩ පිරෙන්න කිරි බීලා යන්න. එයාලට කිරි දෙන්න පුරැදු කරපු වෙලාවල්වලට ඔබටත් එහි ගියොත් හරිම අපූරැ අලි බබාලා රොත්තක්ම දැකගන්න පුළුවන්. උදේ 9ට, දවල් 12ට, හවස 3ට වගේම දවසේ අවසාන වතාවට හැන්දෑවේ 6ට තමයි අලි පැටවුන්ට කිරි දෙන වෙලාවන්. මේ කියන වෙලාවල්වලට විතරයි එහි යන කෙනෙක්ට ඇතුළට යන්න ඉඩ දෙන්නේ. එහෙම නැතිව පින්නවල වගේ ඔබ යන ඕනෑම වෙලාවක ඇත් අතුරැ සෙවණට යන්න අවසරයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අලි බබාලට ආදරය කරන ඔබට ඒ අලි බබාලට බොන්න කිරි අරන් දෙන්න දායක වෙන්නත් අවස්ථාව තිබෙනවා.

අලි බබාලා බලනවාට අමතරව ඇත් අතුරැ සෙවණේ හරිම වැදගත් කෞතුකාගාරයකුත් තියෙනවා. අලි ගැන බොහෝමයක් දේවල් එතැනින් ඉගෙන ගන්නත් පුළුවන්. එතෙන්ට වෙන දවසක යමු. අද අලි බලලා විතරක් එමු.

 

ප්‍රසාද්

 

2016-08-12-ent-27
2016-08-12-ent-28
2016-08-12-ent-31
2016-08-12-ent-32
2016-08-12-ent-33
2016-08-12-ent-34



අදහස් (0)

අලි බබාලාගේ හොඳ හොඳ සෙල්ලම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 333 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 503 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site