වනජීවී භාරයට ගත් අලින් පෙරහැර සදහා නිදහස් නොකරන්නේ නම් අද (9) සිට මහනුවර දළඳා මාලිගාවේ පෙරහරට අලින් සහභාගි නොකරන බව පවසමින් හීලැ අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ ජාතික සංවිධායක මාගල්කන්දේ සුදත්ත හිමියෝ ඇතුළු පිරිසක්ද ඇත්ගොව්වන් පිරිසක් ද මහනුවර දළඳා මාලිගා පරිශ්‍රයේ සත්‍යග්‍රහයක් ඇරඹූහ.
නීති විරෝධීව ළඟ තබා ගත් බව කියන අලින් අධිකරන නියෝගයකට අනුව වනජීවී භාරයට ගත් බවත් අලි ඉල්ලා උද්ඝෝෂණ කළත් නීතිය අතට ගැනීමට ඉඩදීමට කිසිවිටක තමා සුදානම් නැති බවත් මෙම පිරිස් පෙරහර කඩාකප්පල් කිරීමට ගෙනයන වැඩපිළිවෙළ වත්මන් රජය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවැසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියට ගරු කළ යුතුය මෙය උසිගැන්වීමක් විය හැකිය (ම)
පුදුම සෙනගක් ඉන්නවනෙ උද්ඝෝෂණයට. (ර)
ලංකාවේ අයට වෙන වැඩ නැති නිසා කරන්න වැඩකුත් තියෙන්න ඕනෑනේ (නි)
හාමුදුරුවරු තුන්නමක් නම් ඉන්නවා. ඒත් ඉතිරි අය අැත්ගොව්වොද ? ඒත් අලි බලන කෙක්කක්වත් ළඟ නෑ නේද? නීති විරෝධීව තියාගත් අලි, ඇත්තු විතරයි නේද උසාවියට ගෙන ගියේ. අැත්ගොව්වොයි අලි බලන කෙක්කයි උසාවි දැම්මේ නෑ නේද? (බ)
ස්වාමීන් වහන්සේලා වෙලත්,බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේලාගේ පෙරහරට පටු අදහසින් මෙහෙම කරන එක ඉතාම වැරදි වැඩක්. මෙය වෙනත් අපේක්ෂාවක් මුල්කරගෙන කරන වැඩක්.අනුමත කරන්න බැහැ. උසාවි නියෝග මත තමයි එම අලින්ට එහෙම කළේ. වැරැද්ද වැරැද්දමයි....තේරුම් ගන්න හාමුදුරැවනේ. මෙහෙම කරනකොට අනිත් මිනිසුන් දෙකොනින්ම හිනාවෙනව....(බ)
පීඩනයක් එල්ල කරන්න තියෙන හොදම අවස්ථාව තෝරාගෙන තියෙන්නේ. නැතිනම් ඇමැතිට පෙරහරේ අලි ගියත් එකයි නැතත් එකයි වගේ නේ ඉන්නේ. (ම)
ප්‍රශ්න නැතුවට ඇතිකරන ප්‍රශ්න මේවා (නි)
මේ වගේ වෙලාවට පැවිදි පක්ෂය කරන්න ඕනෑ ගිහියන්ට නිසි මඟ පෙන්වන එක නේද?
සාමාන්‍යයෙන් වැඩක් කරනකොට සම්මා සතියෙන් කරන්න ඕනෑ. චීවරයේ ගරුත්වයත් බිඳදමනවා. ඒ මදිවාට තේ බොන ගමන් ජංගම දුරකථනත් කණේ තියාගෙන (නි)
හරියටම නියම ඉලක්කය බලා පහර එල්ලකර තිබෙනවා, මේ පාර (නි)
හිරාන් හරියටම හරි (නි)
සමහර ආගමික උත්සව වලදී සතුන් ලක්ෂ ගණන් මරනවා. පෙරහරේ යන එක සතුන්ට නැවත ජන්මයකදී හොද උප්පත්ති ස්ථානයක් ලබාදෙන්න පුළුවන් දෙයක්. මේක සතුන්ට හිරිහැරයක් නෙමෙයි. ආශිර්වාදයක්. මේක දන්නේ නැති අය නොයෙක් කතා කියනවා. (නි)
මෙන්න නියම විදෙස කුමන්ත්‍රණ , අලි පෙරහරේ ගමන් කරවනවට විරුද්ධ එන් ජී ඕ නඩේ තමයි මේ දඟලන්නේ (අ)
දැන්වත් යාන්ත්‍රික අලියෙක් හදාගත්තොත් නරකද ,පංච කල්‍යාණය නැතිනම් දස කල්‍යානයම තියෙන , කොහෙද අලියාගේ විතරක් නෙමේනේ වලිගෙ තියෙන්නේ (බ)
පහර ගැසියයුතු තැනටම අවස්ථාව බලා පහරදීලා. අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
දළදා පෙරහරටත් බාධක එනවිට සාමාන්‍ය අපි ගැන කුමන කතාද? (නි)
ඔලුව තදින් නරක් වෙච්ච මිනිසුන් පිරිසක් රැදිච්ච ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු..(බ)
බුදු හාමුදුරුවෝ කිව්වේ නැහැ සතුන්ට හිරිහැර කරන්න කියල. (බ)
ඔය හාෙරෙන් අල්ලපු අලින්ගේ මවු අලින් මරපු එකට කාටවත් දුක නැද්ද? (නි)
මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදන්නේ දළදා මාලිගාවේ පෙරහරට අලින් ලබා නුදුන්නොත් සියලුම බලපත් අවලංගුකර ඒ අලිත් වහාම වනජීවී භාරයට පෙරහැර පවත්වන පන්සල් හා දේවල වලට අවැසි වෙලාවට අලින් ලබාදී නැවත ආපසු ලබා ගන්න (බ)
කොහෙද අලියාගේ විතරක් නෙමේනේ වලිගෙ තියෙන්නේ ඔබට වලිගෙ විතරක් නොවෙයි අං දෙකකුත් තිබෙන බව ලියපු අදහසින් පෙනෙනවා (බ)
සිංහල සංස්කෘතිය සමහරක්ට විහිළුවක්. (බ)
හාමුදුරුවනේ හැකියාවක් තිබේනම් දළදා පෙරහරත් නවතා දමන්න. අවුරුදු දහස් ගණනක් පරණ අපේ සංස්කෘතියට පරදේසක්කාරයෝවත් මෙපමණ හානියක් කරන්න සිතුවේ නැත. හරකුන්ට ගහ ගහ වැඩ ගන්නවා මෙයාලට හොඳයි අලියෙක් පෙරහරේ ගියාම කොහේදෝ අමාරුවක් එනවා. (බ)
පරගැති චින්තනයෙන් ඔලුව පිරුන මිනිස්සුන්ට සංස්කෘතියක වටිනාකමක් තේරෙන්නේ නෑ..තව ටික දවසකින් පාර අවහිර වෙන නිසා පෙරහර නවත්තමු කියල අපේ උදවිය කිව්වොත් පුදුමයක් නෙමෙයි..(බ)
පින්සිද්ධ වෙයි. අනේ හාමුදුරුවනේ, මේ රටේ නීතියක් කියල දෙයක් තියෙනවා. නීති විරෝධිව ළඟ තබා ගත් අලි ගැන අධිකරණයෙන් තීන්දුව දෙයි. (බ)
අපේ රටේ ප්‍රධාන මංගල්‍ය තමයි නුවර පෙරහැර. එ්ක ඇපේට තියාගෙන මෙවැනි ක්‍රියා වල නිරත වන අය බෞද්ධයෝද කියලත් සැකයි. (බ)
මේ ප්‍රශ්නේ ගැන අදහස් එක්කරල තියෙන ගොඩාක් අය යහපලනෙට ඡන්දෙ දීපු අය සහ නියම බෞද්ධ සංස්කෘතිය ගැන වැඩි අවබෝධයක් නැති අය කියල හොදට පේනවා..! මේ වෙන්නේ ලංකාවේ කවදාවත් වෙච්ච නැති දේවල්.! මම කිසිම කෙනෙක්ට කඩේ යන්නේ නැහැ, නමුත් මෙහෙම දේවල් වෙන තැනට හාමුදුරුවන්ව අසරණ කරන එක ගැන ගැන තියෙන්නේ ලොකුම කණගාටුවක්. මේ කරලියට එන්නේ කවදාවත් හඩක් නගපු හාමුදුරුවන් වහන්සේලා නෙමෙයි, මෙතන වෙලා තියෙන දේ ගැන සංකීර්ණව බලන්න ඕනේ. (බ)
පෙරහැරවල අලි නොගියා කියල බුදුන් වහන්සේට හෝ ධර්මයට කිසිම හානියක් නැහැ. ඇත්තටම බුද්ධ ධර්මයට විරුද්ධ සත්ව හිංසාවයි. (නි)
එතකොට කැලෙන් හොරට අල්ලාගත් අලි පැටව් ද මෙච්චර කල් පෙරහරේ ගෙනිච්චේ. රටේ නීතියට අනිත් නීති යටයි කියලා බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා නේද? (බ)
හොර අලි අල්ලලා සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් රැකගන්න හදන උපාසක ඇත්තෝ දැක්කහම, ලංකාවේ ඉදිරි අනාගතය ගැන හිතාගන්න පුළුවන්...!!! (නි)
නුවන්, මෙතන අලි නොදෙන එක ගැන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. හොර අලි නොදෙන එක ගැන ප්‍රශ්නයක්. ළඟදි පනතකුත් ගෙනාවා නේද මහනායක හාමුදුරුවන්ගේ අවසර නැතුව දළදා පෙරහරට අලි දුන්නොත් බලපත්‍රය තහනම් කරන්න. මේ සත්‍යග්‍රහ කරන්නේ හොර අලින්ව නිදහස් කරගන්න නෙමෙයිද. (නි)
රාධා, එ්ත් ඒ අලියා පෙරහරේ යන සංස්කෘතියට මම නම් ආසයි. ඒවුණාට, මේ දවස් වල අලි මදිවාට හරක් අමුතුම සෙල්ලම්නේ දාන්නේ. (නි)