ශ්රී ලංකාව, පින්නවල අලි අනාථාගාරයෙන් ජනිතා (7) සහ තමාරා (8) චෙක් රජ්‍යයට අද පරිත්‍යාග කෙළේය. මේ අලින් දෙදෙනා ගුවනින් චෙක් රජ්‍යයට රැගෙන යනු ලැබූහ. අලි පැටවුන් වෙනුවට අශ්වයින් දෙදෙනක, හිපපොටේමස් දෙදෙනකු හා ඩ්‍රැගනෝ උරගයන් (ඇනකොන්ඩා වර්ගයක්) ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන සතුන් දුන්නත් අලි ඇතුන් නම් පිට රට යවන එක පාපකර්මයක්.. උන්ගේ දුක් කන්දරාව අපිට පෙනෙන්නේ නැහැ..!(නු)
ඇත්තටම ආයේ කවදා කියල උපන් බිමට එන්නද...දුක හිතෙනවා....අප්පා මේවා අහනකොට..(නු)
දෙන්න. දෙන්න. ලංකාවේ තියෙන වටිනා දේවල් ඔක්කොම පිටරටට දෙන්න.අපේ ළමයින්ට ඉදිරියේදී බලන්න වෙන්නේ සිමෙන්ති අලියෝ තමයි. (නි)
සත්ව හිංසනය... කිසිම සතෙක් කුඩුවල දැමීම පාපයක්. මෙයට සහභාහි වන සියලු රාජ්‍ය තාන්ත්‍රිකයින්ට පවා ඒ පව ලැබෙනවා. අනාථාගාරයේ වගකීම විය යුත්තේ, අනාථ සතුන් වහලුන් හා හිරකරුවන් විදියට හුවමාරු කිරීමට සතුන් සැපයීම නොවෙයි. සියලු සත්ව උද්‍යාන (සතුන් කුඩු කර ඇති) වසා දැමිය යුතුයි. අපි හැමෝම වගේම ඔවුනුත් කැමති තමන්ගේ අය සමග නිදැල්ලේ ජීවත් වීමටයි. මනසින් උසස් සත්වයින් ලෙස අප කළයුත්තේ ඔවුන්ට සහ මිනිසාට නිදැල්ලේ ආරක්ක්ෂා සහිතව ජීවත්වීමට හැකි පරිසරයක් ලබාදීමයි. බලන්න මේ අලි පැටවෙකුව සිටියදී පිලිපීනයට පරිත්‍යාග කර ඇති ශ‍්‍රී ලාංකික අලියෙකු වන මාලි නිදහස් කරන මෙන් ඉල්ලන පෙත්සම. https://www.change.org/petitions/urgent-take-action-to-save-lonely-miserable-elephant (නි)
අනේ පව් අලි පැටවු දෙන්නා (ස)
ගුවනින් යන්න වාසනාව තියෙන්න ඕන.!(නු)
උපන් බිමේ ජීවත් වෙන්නට උරුමයක් නැති විට එහෙම වෙන එක හොදයි..!(නු)
රනිල් මහත්තයට නිදහස් වෙන්නත් එකක් කරදර කාර අලි යවන්න තිබුණෙ..!(නු)
ඔය එක්කම තව අලි හිටියනෙ පටවන්න තිබුණා.!(නු)
සිංහ ජෝඩු දෙකක් අරගෙන කැලයට මුදා හැරියොත් හොදයි නේද?(නු)
උපන් බිමෙන් දෙමාපියන්ගේ රැහෙන් වෙන් වෙලා යන්නෙ ආයෙමත් කවදාවත් මේ බිමෙට නොඑන අදහසින් බව මේ අලි පැටියන්ට දැනෙන්නෙ නැහැනේ.. ලෝකයේ කොහෙ හෝ ඔවුන් සතුටින් ජීවත් වෙත්වා..!(නු)
යන අලි පැටව් දෙන්නටම හොද කාලයක් උදා වෙයි.. නමුත් මෙහෙට එන සතුන්ට තමයි ගැටලුව.. උන්ට මොනවා හිතෙයිද දන්නෙ නැහැ..!(නු)
ලැබෙයි... ලැබෙයි.. බලාගෙන... හොඳ ගානක් නම් හොයාගන්න ඇති (නු)
මේ සම්බන්ධවනම් මගේ කිසිම ප්‍රියමනාපයක් නෑ ආයුබෝවන් ...අනේ ඔච්චර හැලහොල්මන් අලීන් ඉන්න රටක මේවගේ අහිංසක පැටවුන් දෙන්නව යවපු එක හරිද ? අනෙක් අතට රටේ මිනිස්සුත් අලීන් ගැන එතරම් පැහැදීමක් නැති නිසා ඔවුනුත් මේ ගමන සන්තෝසෙන් යනව ඇති....ඔබලා එහි දිගුකල් ජීවත්වේවා !!(නු)
මේ අලින්ටත් ගුවනින් යන්න වාසනාව ලැබුණ එක ලොකු දෙයක්..!(නු)
මස් ජාති කන්න හොද නැත්නම් ඇයි හිපකොටේමස් ගෙනාවේ? (නි)
අදට වසර හැටපන් දාහකට පමණ පෙර මැමත් මුතුන් මිත්තො ඇත උතුරේ රජකර අයිස් කඳුත් දියවේ දැන් රටවල බටහිර අපි යනවා මෙලෙසින් චෙක් රජයට පෙම්බර පින්නවලයි අපි ඉපදුනෙ ප්‍රදේශෙ ගම්බද සතුටින් දිවි ගතකලෙ සැම පිහිටෙන් අප ලද දිනපතාම මහවැලියට ගොස් රංචුව මැද මතකයි දිය නා ගත් හැටි හොඩෙන් වතුර ඇද... (නි)
අලි වීසා වලින්ම ගියොත් හොදයි.. වදුරු වීසා වලින් ගියොත් සළකන්නේ වදුරන්ට වගේනේ..!(නු)
උපන් බිමට නුබ වැඩිවා මිසක දුවේ වැදු මවට නුබ වැඩියක් වේද දුවේ දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ නැව් නැගලා දුරු රටකට යන්න දුවේ .මට කපුගේ මහත්තයාගේ සින්දුවක් මටක් උනා.. (නු)
එහෙට මෙහෙට පැන්න අයත් බයවෙලාද දන්නේ නැහැ..!(නු)
අලියෙකුට අවශ්‍ය නිදහස දීලා හැදුවොත් හොඳයි. අවුරුදු ගණනාවකට කළින් පිලිපීනයට මෙහෙම දීලා තිබුණු අලියෙක් අදටත් කූඩුවක හිර වෙලා ඉන්නවා. ඒ සතාව නිදැල්ලේ තියන්න කියලා මේ දවස් වල ජාත්‍යන්තරව පෙත්සමකුත් අත්සන් කරනවා. අනේ මේ අසරණ සත්තු දෙන්නට එහෙම දෙයක් වෙන්න එපා. (නි)
නරක නැහැ හුවමාරුව. අපි ලබන සැරේ බූරුවො ටිකක් යවමුකෝ. (නි)
කවදාහරි අපිට එහෙන් ආපහු ගේන්න වෙයි. (නි)