IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අලි පැටවු දෙන්නෙක් ගුවනින් යති

ශ්‍රී ලංකාව, පින්නවල අලි අනාථාගාරයෙන්  ජනිතා (7) සහ තමාරා (8) චෙක් රජ්‍යයට අද පරිත්‍යාග කෙළේය.  මේ අලින් දෙදෙනා ගුවනින්  චෙක් රජ්‍යයට රැගෙන යනු ලැබූහ. අලි පැටවුන් වෙනුවට  අශ්වයින් දෙදෙනක,  හිපපොටේමස් දෙදෙනකු හා ඩ්‍රැගනෝ උරගයන්   (ඇනකොන්ඩා වර්ගයක්)  ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත.



අදහස් (0)

අලි පැටවු දෙන්නෙක් ගුවනින් යති

හේමන්ත Saturday, 06 October 2012 09:27 PM

මොන සතුන් දුන්නත් අලි ඇතුන් නම් පිට රට යවන එක පාපකර්මයක්.. උන්ගේ දුක් කන්දරාව අපිට පෙනෙන්නේ නැහැ..!(නු)

:       0       0

සුසන්ත - ඉතාලිය Sunday, 07 October 2012 01:37 AM

ඇත්තටම ආයේ කවදා කියල උපන් බිමට එන්නද...දුක හිතෙනවා....අප්පා මේවා අහනකොට..(නු)

:       0       0

දිමුතු Sunday, 07 October 2012 07:55 AM

දෙන්න. දෙන්න. ලංකාවේ තියෙන වටිනා දේවල් ඔක්කොම පිටරටට දෙන්න.අපේ ළමයින්ට ඉදිරියේදී බලන්න වෙන්නේ සිමෙන්ති අලියෝ තමයි. (නි)

:       0       0

සුරංග Sunday, 07 October 2012 08:41 AM

සත්ව හිංසනය... කිසිම සතෙක් කුඩුවල දැමීම පාපයක්. මෙයට සහභාහි වන සියලු රාජ්‍ය තාන්ත්‍රිකයින්ට පවා ඒ පව ලැබෙනවා. අනාථාගාරයේ වගකීම විය යුත්තේ, අනාථ සතුන් වහලුන් හා හිරකරුවන් විදියට හුවමාරු කිරීමට සතුන් සැපයීම නොවෙයි. සියලු සත්ව උද්‍යාන (සතුන් කුඩු කර ඇති) වසා දැමිය යුතුයි. අපි හැමෝම වගේම ඔවුනුත් කැමති තමන්ගේ අය සමග නිදැල්ලේ ජීවත් වීමටයි. මනසින් උසස් සත්වයින් ලෙස අප කළයුත්තේ ඔවුන්ට සහ මිනිසාට නිදැල්ලේ ආරක්ක්ෂා සහිතව ජීවත්වීමට හැකි පරිසරයක් ලබාදීමයි. බලන්න මේ අලි පැටවෙකුව සිටියදී පිලිපීනයට පරිත්‍යාග කර ඇති ශ‍්‍රී ලාංකික අලියෙකු වන මාලි නිදහස් කරන මෙන් ඉල්ලන පෙත්සම. https://www.change.org/petitions/urgent-take-action-to-save-lonely-miserable-elephant (නි)

:       0       0

බුද්ධික Saturday, 06 October 2012 04:27 PM

අනේ පව් අලි පැටවු දෙන්නා (ස)

:       0       0

උදයකාන්ත Saturday, 06 October 2012 04:42 PM

ගුවනින් යන්න වාසනාව තියෙන්න ඕන.!(නු)

:       0       0

ටී.තිලකරත්න Saturday, 06 October 2012 05:07 PM

උපන් බිමේ ජීවත් වෙන්නට උරුමයක් නැති විට එහෙම වෙන එක හොදයි..!(නු)

:       0       0

ඇලිස් Saturday, 06 October 2012 05:09 PM

රනිල් මහත්තයට නිදහස් වෙන්නත් එකක් කරදර කාර අලි යවන්න තිබුණෙ..!(නු)

:       0       0

අනුර Saturday, 06 October 2012 05:11 PM

ඔය එක්කම තව අලි හිටියනෙ පටවන්න තිබුණා.!(නු)

:       0       0

ආරිස් Saturday, 06 October 2012 05:19 PM

සිංහ ජෝඩු දෙකක් අරගෙන කැලයට මුදා හැරියොත් හොදයි නේද?(නු)

:       0       0

දයා සෞදි Saturday, 06 October 2012 05:34 PM

උපන් බිමෙන් දෙමාපියන්ගේ රැහෙන් වෙන් වෙලා යන්නෙ ආයෙමත් කවදාවත් මේ බිමෙට නොඑන අදහසින් බව මේ අලි පැටියන්ට දැනෙන්නෙ නැහැනේ.. ලෝකයේ කොහෙ හෝ ඔවුන් සතුටින් ජීවත් වෙත්වා..!(නු)

:       0       0

හිල්මි ජර්මනි Saturday, 06 October 2012 05:46 PM

යන අලි පැටව් දෙන්නටම හොද කාලයක් උදා වෙයි.. නමුත් මෙහෙට එන සතුන්ට තමයි ගැටලුව.. උන්ට මොනවා හිතෙයිද දන්නෙ නැහැ..!(නු)

:       0       0

සිදේශ් Saturday, 06 October 2012 05:43 PM

ලැබෙයි... ලැබෙයි.. බලාගෙන​... හොඳ ගානක් නම් හොයාගන්න ඇති (නු)

:       0       0

ඔසන් සලාම් - දෝහා Saturday, 06 October 2012 05:48 PM

මේ සම්බන්ධවනම් මගේ කිසිම ප්‍රියමනාපයක් නෑ ආයුබෝවන් ...අනේ ඔච්චර හැලහොල්මන් අලීන් ඉන්න රටක මේවගේ අහිංසක පැටවුන් දෙන්නව යවපු එක හරිද ? අනෙක් අතට රටේ මිනිස්සුත් අලීන් ගැන එතරම් පැහැදීමක් නැති නිසා ඔවුනුත් මේ ගමන සන්තෝසෙන් යනව ඇති....ඔබලා එහි දිගුකල් ජීවත්වේවා !!(නු)

:       0       0

පනාගොඩ මෙල්බන් Saturday, 06 October 2012 05:56 PM

මේ අලින්ටත් ගුවනින් යන්න වාසනාව ලැබුණ එක ලොකු දෙයක්..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 07 October 2012 12:53 PM

මස් ජාති කන්න හොද නැත්නම් ඇයි හිපකොටේමස් ගෙනාවේ? (නි)

:       0       0

ජයී තිසර Sunday, 07 October 2012 01:09 PM

අදට වසර හැටපන් දාහකට පමණ පෙර මැමත් මුතුන් මිත්තො ඇත උතුරේ රජකර අයිස් කඳුත් දියවේ දැන් රටවල බටහිර අපි යනවා මෙලෙසින් චෙක් රජයට පෙම්බර පින්නවලයි අපි ඉපදුනෙ ප්‍රදේශෙ ගම්බද සතුටින් දිවි ගතකලෙ සැම පිහිටෙන් අප ලද දිනපතාම මහවැලියට ගොස් රංචුව මැද මතකයි දිය නා ගත් හැටි හොඩෙන් වතුර ඇද... (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 06 October 2012 07:26 PM

අලි වීසා වලින්ම ගියොත් හොදයි.. වදුරු වීසා වලින් ගියොත් සළකන්නේ වදුරන්ට වගේනේ..!(නු)

:       0       0

පහන් Saturday, 06 October 2012 07:36 PM

උපන් බිමට නුබ වැඩිවා මිසක දුවේ වැදු මවට නුබ වැඩියක් වේද දුවේ දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ නැව් නැගලා දුරු රටකට යන්න දුවේ .මට කපුගේ මහත්තයාගේ සින්දුවක් මටක් උනා.. (නු)

:       0       0

මුතුකුඩ Saturday, 06 October 2012 07:55 PM

එහෙට මෙහෙට පැන්න අයත් බයවෙලාද දන්නේ නැහැ..!(නු)

:       0       0

සනත් Saturday, 06 October 2012 08:26 PM

අලියෙකුට අවශ්‍ය නිදහස දීලා හැදුවොත් හොඳයි. අවුරුදු ගණනාවකට කළින් පිලිපීනයට මෙහෙම දීලා තිබුණු අලියෙක් අදටත් කූඩුවක හිර වෙලා ඉන්නවා. ඒ සතාව නිදැල්ලේ තියන්න කියලා මේ දවස් වල ජාත්‍යන්තරව පෙත්සමකුත් අත්සන් කරනවා. අනේ මේ අසරණ සත්තු දෙන්නට එහෙම දෙයක් වෙන්න එපා. (නි)

:       0       0

ෂෙරීෆ් Saturday, 06 October 2012 08:27 PM

නරක නැහැ හුවමාරුව. අපි ලබන සැරේ බූරුවො ටිකක් යවමුකෝ. (නි)

:       0       0

පුබුදු Sunday, 07 October 2012 01:43 PM

කවදාහරි අපිට එහෙන් ආපහු ගේන්න වෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site