(කාංචන කුමාර ආරියදාස)
අලි ඇතුන්ගෙන් හා වන සතුන්ගෙන් මිනිසුන්ට සිදුවන හානි සඳහා ගෙවන වන්දි මුදල් වැඩි කිරීමටත් විදුලි වැට ක්‍රියාත්මක කිරීම සඳහා යොදවා ඇති සිවිල් ආරක්ෂක භටයන් ඉවත් කිරීමටත් අලි ඇතුන් පැටව් හැත්තෑවක් වෙහෙර විහාරස්ථාන වලට ලබා දීමටත් සංචාරක සිත් සේ යොදවා ඇති අලි ඇතුන් සඳහා නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීමටත් රජයේ අවධානය යොමුවී තිබේ.
බුද්ධශාසන වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙම විශේෂ ප්‍රකාශය සිදුකරමින් කියා සිටියේ දැනට රට පුරා ඇති විදුලි වැටවල් අලුත් වැඩියා කිරීම සංරක්ෂණය කිරීම පැවරී ඇති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයන් ඉවත්කොට එම මුදල් ගමේ ජනතාවට ලබාදී විදුලි වැට ආරක්ෂා කිරීම ගමේ ජනතාව ට ලබාදීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නියමිත බව ය.
එමෙන්ම වන සතුන්ගෙන් සිදුවන හානිය හා වගා විනාශයන් පිළිබඳව ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ 5 දක්වා වැඩිකිරීමට අමාත්‍යංශය තීරණය කොට ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. වගා වන්දි සඳහා අක්කරයකට රුපියල් විසිපන්දාහ බැගින් ගොවිජන රක්ෂණ මණ්ඩලය වන්දි මුදල් ලබා දීමටද අමාත්‍යංශය තීරණය කොට ඇති බව ඇමැතිවරයා සඳහන් කර සිටී.
මැතිවරණයෙන් පසු වෙහෙර විහාරස්ථානවලින් ඉල්ලූම් කොට ඇති අලි පැටවුන් 70ක් පමණ ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද මේ දිනවල එම වෙහෙර විහාරස්ථානවලට අලි ඇතුන් නඩත්තු කිරීමේ හැකියාවක් ඇත්දැයි සොයා බැලීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද එහි අනුමැතිය ලබාගැනීම සඳහා ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
එමෙන්ම හීලෑ අලින් සංචාරක ක්ෂේත්‍රය සඳහා යොදවා තිබෙන බවත් හතර දෙනෙකුට වැඩිය අලි පිට මත සංචාරකයන් රැගෙන යෑම තහනම් කිරීම ද දවසේ පැය කිහිපයක් අලින්ට නිදහසේ සිටිමට අවකාශ ලබා දෙන නීති පද්ධතියක් හඳුන්වාදීමට පියවර ගන්නා බව ද ඇමතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සල් වලට අලිපැටවූ ලබාදීම නැවත සිතා බැලිය යුතු කරුණක් , සත්ව හිංසනය ,සත්ව නිදහස නැතිකිරීම වගේම පන්සල නඩත්තුවෙන්නේ දායකයන්ගෙන් පන්සල තවකෙනෙක් නඩත්තු කිරීමට යොමුවීම අනුමත කල නොහැකිය . දළදා මාලිගාව ලංකාවේ මුදුන්මල්කඩලු නමුත් එහි පිටුපස අලි ඇතුන් විඳින දුක කොයිතරම් ඛේදජනකද , Ferdenandu වගේ අභීත ජනතාවාදී පුවත්පත් කලාවේදීන්ගේ හිඟ කම නොතිබෙන්න ඔය කඩතුරා විනාශ කර බොහෝකල් .
හීලෑ අලින් තබාගැනීමේදී දම්වැල් යොදා බැඳ තබාගැනීම තහනම් කලයුතුයි. අලින් තබාගන්නා සියලුම දෙනාට එම සතුන්ට නිදැල්ලේ ආරක්ෂා සහිතව ජීවත්වීමට හැකි ප්‍රමාණයේ ඉඩ ඇති සවිමත් වැටවල් වලින් වටකළ බිම් ප්‍රමාණයක් තිබිය යුතුයි. අලින්ට අවශ්‍ය ජලය සැපයිය උපරිමයෙන් ලබාදීමට අවශ්‍ය තටාක සකස් කල යුතුයි. අවශ්‍ය ආහාර ලබාදීමට අයිතිකරුවන්ට මුල්‍යමය හැකියාව තිබිය යුතුයි. එම සතුන් බර වැඩට හෝ සංචාරකයින් සතුටු කිරීමේ ක්‍රියාවන් කිසිවකුට යොදාගැනීම තහනම් කල යුතුයි. හෙන්ඩ සහ වේවැල් කෝටු යොදා ගනිමින් සතුන්ට පීඩා කිරීම තහනම් කලයුතුයි. දම්වැල් යොදාගැනීමට අවශ්‍යවන අවස්ථාවලදී සතුන්ගේ පාද වලට හානි නොවන ආකාරයට පාදයන් වටා සවිමත් රෙදි හෝ හම් වලින් සකස්කළ වළලු යොදා ඒවාට දම්වැල් සවිකළ යුතුයි. මෙවැනි දේවල් සැපයිය නොහැකි කිසිවෙකුට (ආගමික ස්ථාන ඇතුළුව) කිසිම සතෙකු ළඟ තබා ගැනීමට ඉඩ නොදිය යුතුයි.