මිහින්තලේ ප්‍රාෙද්ශිය සභාවේ විපක්ෂ නායක ලලිත් එදිරිසිංහ මහතාගේ නිවසට පසුගිය සඳුදා එල්ලවු මැර ප්‍රහාරයකදි තුවාල ලැබූ එජාපයේම ආධාරකරුවකුවන එප්පාවල අමුණුකොළේ ජී පී කේ දිසානායක (41) අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේදි අද අලුයම මිය ගියේය පහර දිමට ආ බව කියන එජාප පලාත් සභා මන්ත්‍රී අනුර බුද්ධික ගුණසෙකර ඇතුඵ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් පොලීසියට නියෝග කර ඇත
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගී පදයක් මතක් වෙනවා….තුට්ටු දෙකයි මේ අලී... (නි)
අපි වලි නම් අපි මක්කොරන්නද? (නි)
මේකට ප්‍රධාන හේතුව අහවලා හදපු මේ ව්‍යවස්ථාව. මේ මනාප ක්‍රමය නැති ඡන්ද ක්‍රමයක් හදලා මේ මනාප පොරය නැති කරන්න බැරිද? (නි)
තව මරා ගනිල්ලා. මෙයාලා මරාගන්නේ අපිට ආදරේටවත් අපිට සේවය කරන්නවත් නෙමෙයිනේ. බල ලෝභය, තණ්හාව, එකෙක් පාගාගෙන එකෙක් නැගිටින්න හදන එකටනේ. වැරදිකරුවන්ට දඬුවම් දෙන්න තරමට අපේ රටේ නීති තද නැති නිසා උනුන්ම මරාගෙන හරි සුද්දවෙලා යනවා නම් එකක්. (නි)
එක්කෝ ලංකාවේ අලි ඔක්කොම මැරෙන්න ඕනේ නැතිනම් ඔක්කොම මිනිස්සු මැරෙන්න ඕනේ
ඔබට නිවන් සුව
ඉවරයක් නැති අලි මිනිස් ගැටුම
ඇයි මිනිසුනේ, මිනිසත්කම ඔය හදවත් තුළ පොඩ්ඩක්වත් නැද්ද? (නි)
දේශපාලනයේ හැටි ඔහොම තමා. ඕවා වෙනස් කරන්න බැහැ. (ස)
අනේ මොකද මේ ප්‍රශ්නය නවත්තන්න බැරිද
අපේ කරුමේ
අනුර, ඔයා නම් ඉන්නේ ඇත්තටම මුල්ලේරියාවේ තමයි. කවුද මේවට දේශපාලනය කියන්නේ? (නි)
මිහින්තලේ නමටත් නින්දාවක්. මිහින්තලේ කියන්නේ පුජණිය නගරයක්. අනෙත් අතට මේ ගොල්ලෝ නේද මේ රට පාලනය කරන්න හදන්නේ? බලය ඉල්ලන්නේ? පළමුව තමන්ව පාලනය කරන්න ඉගෙන ගන්න ඕනෑ. එතකොට හුඟක් ප්‍රශ්න විසඳෙනවා. (නි)
අලි මද කිපිලද දන්නේ නැහැ. (නි)
ඇයි මිනිසුනේ දේශපාලනයක් නිසා මරා ගන්නේ..(නු)
අනේ ආයුබෝවන්ඩ, ඔහොම මරාගෙන මරාගෙන යන්න දෙන්න තියෙන්නේ. අපිත් හැකිපමණින් එක එකා මරාගන්න උදව් දෙන්න ඕනෑ. ඔහොම මරාගෙන මරාගෙන ටික කලක් යනකොට ඉබේම සමාජයේ තියෙන පිළිකාවල් සුද්ද වෙලා අපි වගේ අහිංසකයින්ට නිදහසේ ඉන්න පුළුවන් වෙයි. මම මෙහෙම කිව්වා කියල මාව මරන්න එන්න එපා. නිකම් හිතට ආපු මෝඩ අදහසක් කිවුවේ. (නි)
වැරදිකරු අනිවාර්යයෙන් එල්ලුම් ගස් යැවිය යුතුයි. මොකද විනය පරීක්ෂණය තවත් ප්‍රමාද කරන්නේ? (නි)
අලි-අලි ගැටුම්. මුල් පුටුවලට ගැටුම්. දෙවියනේ, අපි කාටද ඡන්දය දුන්නේ? (නි)
දේශපාලනය කරන අයගෙන් දැන් හොදයි කියලා කියන්න කෙනෙක් නැහැ. හැමෝම එකයි. අපරාදේ මේ මනුස්සයාගේ ජීවිතේ. (නි)
මේ සියල්ලටම මේ රටේ ආණ්ඩුව, විපක්ෂය සහ දේශපාලකයන් වගකිව යුතුයි. (නි)
නටපු තොවිලෙකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. (නි)
රානා, ලුම්බිණි, සමන් ඔයාලගේ අදහස් හරි, මේ දේශපාලකයන්ට මෙතනට එන්න වරම දෙන්නේ කවුද? මේ රටේ විනාශයට ඡන්ද දායකයන් වග කිය යුතුයි..!!(නු)
අන්තිමට බැලුවහම ඒ ඒ පක්ෂවල මැරයින්ට තමයි ජනතාව වැඩිම මනාප දීලා තියෙන්නේ. ගහ මරා ගන්න විරුද්ධ පැත්තේ කෙනෙක් නැතිවුණහම තමන්ගේ පැත්තේ කෙනෙක්ව හරි මරනවා. දැනටම සන්ධානේ කෙනෙක් සන්ධානේ කෙනෙක්ව මරලා. එජාපෙ කෙනෙක් එජාපෙ කෙනෙක්ව මරලා. මුන් මිනිස්සුද? තිරිසන්නුද? යක්කුද මන්දා? (නි)
තව තව අලි සෙල්ලම් ඉස්සරහට බලාගන්න පුලුවන්. ඔහොම යන්. (නි)
අපි තරම් සැදැහැවත් ජනකායක් මුළු ලෝකෙම නැති විදියට තමයි කතා කරන්නේ. අපි තරම් ප්‍රජාතන්ත්‍රවාදීන් කොහෙවත් නැති විදියට තමයි ලෝකෙට පෙන්නන්නේ. ඒත් අපි දන්නේ නැහැ දිනුම පරාජය බාර ගන්න. අහිංසක මිනිසුන් බොරුවට දේශපාලකයෝ පස්සේ ගිහින් ජීවිතයෙන් වන්දි ගෙවනවා. මේවා මොකෙකුටවත් පේන්නේ නැහැ. කවුරුවත් කතා කරන්නෙත් නැහැ. (නි)
මේවා නවත්තන්න නිසි බල ධාරීන් නැද්ද
මෙන්න මනාපායේ කෙරුවාව.. මේ ක්‍රමය වෙනස් විය යුතුයි..!(නු)