IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අලි අලි ගැටුමෙන් ජීවිතයක් ඉවරයි

මිහින්තලේ ප්‍රාෙද්ශිය සභාවේ විපක්ෂ නායක ලලිත් එදිරිසිංහ මහතාගේ නිවසට  පසුගිය සඳුදා එල්ලවු මැර ප්‍රහාරයකදි තුවාල ලැබූ          එජාපයේම ආධාරකරුවකුවන  එප්පාවල අමුණුකොළේ  ජී පී කේ දිසානායක (41)  අනුරාධපුර රෝහලේ  දැඩි සත්කාර ඒකකයේදි අද අලුයම මිය ගියේය පහර දිමට ආ   බව කියන එජාප පලාත් සභා මන්ත්‍රී  අනුර බුද්ධික ගුණසෙකර ඇතුඵ පිරිස  අත්අඩංගුවට ගන්නා ලෙස  අනුරාධපුර මහේස්ත්‍රාත් පොලීසියට නියෝග කර ඇත



අදහස් (0)

අලි අලි ගැටුමෙන් ජීවිතයක් ඉවරයි

මනෝ Thursday, 13 September 2012 01:01 PM

අනේ මොකද මේ ප්‍රශ්නය නවත්තන්න බැරිද

:       0       0

රසික Thursday, 13 September 2012 01:14 PM

දේශපාලනයේ හැටි ඔහොම තමා. ඕවා වෙනස් කරන්න බැහැ. (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 13 September 2012 01:08 PM

ඇයි මිනිසුනේ, මිනිසත්කම ඔය හදවත් තුළ පොඩ්ඩක්වත් නැද්ද? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 13 September 2012 01:52 PM

ඉවරයක් නැති අලි මිනිස් ගැටුම

:       0       0

ප්‍රදීප් Thursday, 13 September 2012 02:07 PM

ඔබට නිවන් සුව

:       0       0

ලලිත් Thursday, 13 September 2012 02:14 PM

එක්කෝ ලංකාවේ අලි ඔක්කොම මැරෙන්න ඕනේ නැතිනම් ඔක්කොම මිනිස්සු මැරෙන්න ඕනේ

:       0       0

සනත් ඉන්දික Thursday, 13 September 2012 02:47 PM

තව මරා ගනිල්ලා. මෙයාලා මරාගන්නේ අපිට ආදරේටවත් අපිට සේවය කරන්නවත් නෙමෙයිනේ. බල ලෝභය, තණ්හාව, එකෙක් පාගාගෙන එකෙක් නැගිටින්න හදන එකටනේ. වැරදිකරුවන්ට දඬුවම් දෙන්න තරමට අපේ රටේ නීති තද නැති නිසා උනුන්ම මරාගෙන හරි සුද්දවෙලා යනවා නම් එකක්. (නි)

:       0       0

රිස්වාන් - සවුදි Thursday, 13 September 2012 03:01 PM

මේකට ප්‍රධාන හේතුව අහවලා හදපු මේ ව්‍යවස්ථාව. මේ මනාප ක්‍රමය නැති ඡන්ද ක්‍රමයක් හදලා මේ මනාප පොරය නැති කරන්න බැරිද? (නි)

:       0       0

සේනානායක Thursday, 13 September 2012 03:15 PM

අපි වලි නම් අපි මක්කොරන්නද? (නි)

:       0       0

අනුර එස් ලියනගේ -මුල්ලෙරියාව Thursday, 13 September 2012 10:14 AM

ඇයි මිනිසුනේ දේශපාලනයක් නිසා මරා ගන්නේ..(නු)

:       0       0

රානා Thursday, 13 September 2012 10:26 AM

මෙන්න මනාපායේ කෙරුවාව.. මේ ක්‍රමය වෙනස් විය යුතුයි..!(නු)

:       0       0

නජන්ත Thursday, 13 September 2012 10:43 AM

මේවා නවත්තන්න නිසි බල ධාරීන් නැද්ද

:       0       0

ලුම්බිණි Thursday, 13 September 2012 10:45 AM

අපි තරම් සැදැහැවත් ජනකායක් මුළු ලෝකෙම නැති විදියට තමයි කතා කරන්නේ. අපි තරම් ප්‍රජාතන්ත්‍රවාදීන් කොහෙවත් නැති විදියට තමයි ලෝකෙට පෙන්නන්නේ. ඒත් අපි දන්නේ නැහැ දිනුම පරාජය බාර ගන්න. අහිංසක මිනිසුන් බොරුවට දේශපාලකයෝ පස්සේ ගිහින් ජීවිතයෙන් වන්දි ගෙවනවා. මේවා මොකෙකුටවත් පේන්නේ නැහැ. කවුරුවත් කතා කරන්නෙත් නැහැ. (නි)

:       0       0

අතුල Thursday, 13 September 2012 10:46 AM

තව තව අලි සෙල්ලම් ඉස්සරහට බලාගන්න පුලුවන්. ඔහොම යන්. (නි)

:       0       0

සමන් Thursday, 13 September 2012 10:48 AM

අන්තිමට බැලුවහම ඒ ඒ පක්ෂවල මැරයින්ට තමයි ජනතාව වැඩිම මනාප දීලා තියෙන්නේ. ගහ මරා ගන්න විරුද්ධ පැත්තේ කෙනෙක් නැතිවුණහම තමන්ගේ පැත්තේ කෙනෙක්ව හරි මරනවා. දැනටම සන්ධානේ කෙනෙක් සන්ධානේ කෙනෙක්ව මරලා. එජාපෙ කෙනෙක් එජාපෙ කෙනෙක්ව මරලා. මුන් මිනිස්සුද? තිරිසන්නුද? යක්කුද මන්දා? (නි)

:       0       0

සුභාෂිණී Thursday, 13 September 2012 10:49 AM

රානා, ලුම්බිණි, සමන් ඔයාලගේ අදහස් හරි, මේ දේශපාලකයන්ට මෙතනට එන්න වරම දෙන්නේ කවුද? මේ රටේ විනාශයට ඡන්ද දායකයන් වග කිය යුතුයි..!!(නු)

:       0       0

මධුර අසන්ත Thursday, 13 September 2012 11:08 AM

නටපු තොවිලෙකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. (නි)

:       0       0

සුමනා Thursday, 13 September 2012 11:20 AM

මේ සියල්ලටම මේ රටේ ආණ්ඩුව, විපක්ෂය සහ දේශපාලකයන් වගකිව යුතුයි. (නි)

:       0       0

සරසි Thursday, 13 September 2012 11:30 AM

දේශපාලනය කරන අයගෙන් දැන් හොදයි කියලා කියන්න කෙනෙක් නැහැ. හැමෝම එකයි. අපරාදේ මේ මනුස්සයාගේ ජීවිතේ. (නි)

:       0       0

අරෝෂ Thursday, 13 September 2012 11:37 AM

අලි-අලි ගැටුම්. මුල් පුටුවලට ගැටුම්. දෙවියනේ, අපි කාටද ඡන්දය දුන්නේ? (නි)

:       0       0

ශාන්ත Thursday, 13 September 2012 11:49 AM

වැරදිකරු අනිවාර්යයෙන් එල්ලුම් ගස් යැවිය යුතුයි. මොකද විනය පරීක්ෂණය තවත් ප්‍රමාද කරන්නේ? (නි)

:       0       0

රාජු Thursday, 13 September 2012 12:07 PM

අනේ ආයුබෝවන්ඩ, ඔහොම මරාගෙන මරාගෙන යන්න දෙන්න තියෙන්නේ. අපිත් හැකිපමණින් එක එකා මරාගන්න උදව් දෙන්න ඕනෑ. ඔහොම මරාගෙන මරාගෙන ටික කලක් යනකොට ඉබේම සමාජයේ තියෙන පිළිකාවල් සුද්ද වෙලා අපි වගේ අහිංසකයින්ට නිදහසේ ඉන්න පුළුවන් වෙයි. මම මෙහෙම කිව්වා කියල මාව මරන්න එන්න එපා. නිකම් හිතට ආපු මෝඩ අදහසක් කිවුවේ. (නි)

:       0       0

චන්දිම Thursday, 13 September 2012 12:02 PM

ගී පදයක් මතක් වෙනවා….තුට්ටු දෙකයි මේ අලී... (නි)

:       0       0

වරුණ Thursday, 13 September 2012 12:08 PM

අලි මද කිපිලද දන්නේ නැහැ. (නි)

:       0       0

නිලංග Thursday, 13 September 2012 12:21 PM

මිහින්තලේ නමටත් නින්දාවක්. මිහින්තලේ කියන්නේ පුජණිය නගරයක්. අනෙත් අතට මේ ගොල්ලෝ නේද මේ රට පාලනය කරන්න හදන්නේ? බලය ඉල්ලන්නේ? පළමුව තමන්ව පාලනය කරන්න ඉගෙන ගන්න ඕනෑ. එතකොට හුඟක් ප්‍රශ්න විසඳෙනවා. (නි)

:       0       0

මනෝහරන් Thursday, 13 September 2012 12:35 PM

අනුර, ඔයා නම් ඉන්නේ ඇත්තටම මුල්ලේරියාවේ තමයි. කවුද මේවට දේශපාලනය කියන්නේ? (නි)

:       0       0

ස්ටැන්ලි Thursday, 13 September 2012 12:40 PM

අපේ කරුමේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site