IMG-LOGO

අර්ධ සුඛෝපභෝගි බස් අප්‍රේල් මස අහෝසියි

(යොහාන් භාසුර)
අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන අප්‍රේල් මස මැද සිට අහෝසි කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

අර්ධ සුඛෝපභෝගි බස් රථ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිළි සංඛ්‍යාව ඉහළ ගොස් තිබීම සහ එම බස් සහ සාමාන්‍ය බස් රථ අතර වෙනසක් නොමැති යැයි නිරීක්‍ෂණය වී ඇති බව කියන එම නිලධාරියා ජනතාවට අසාධාරණයක් වීම වැලැක්වීමට එම තීරණය ගත් බව ද එම නිලධාරියා සඳහන් කළේය. 

 



අදහස් (17)

අර්ධ සුඛෝපභෝගි බස් අප්‍රේල් මස අහෝසියි

N. D. D. Kudahetty Sunday, 19 March 2023 10:03 PM

හොඳයි...

:       0       7

Rohana Thilakarathna Sunday, 19 March 2023 10:10 PM

දැන්වත් බලධාරීන්ට මොලේ පෑදුණු එක ලොකු දෙයක්... බලමු මේ පාරවත් කරයිද කියලා... නැතිනම් කළින් වගේ මාධ්‍ය සංදර්ශනද දන්නේ නෑ. දේශපාලකයෝ අහිංසක මිනිස්සුන්ගේ දුක දන්නේ නැහැ.

:       0       7

Sharm Sunday, 19 March 2023 11:28 PM

බොරු අර්ධයක් දාගෙන මිනිස්සුන්ව හූරගෙන කාලා කාලා.. දැන් මිනිස්සුන්ට සල්ලි හිඟ නිසා මේවයේ යන්නෙ නැතුව ඇති.. . හොඳ වැඩේ..

:       1       20

Hewage Monday, 20 March 2023 12:24 AM

ඉතා වැදගත් තීරනයක් තනිකරම මගීන් අපහසුතාවයට පත් කරනවා මා නිතරම දඹුල්ල සිට කඩවත ආ ගිය කෙනෙක් පැය ගානක් බස් නැතුව සිටියත් යන්නෙ නෑ මාර්ග අංක වව්නායාව. අනුරාධපුර. තිුකුනාමලය. සිට එන සමහර බස් තකිකරම චන්ඩි වගේ

:       1       20

Nalaka Monday, 20 March 2023 05:14 AM

මෙහෙම වැඩක් මීට කලින් අමරවීර ඇමති තුමා කලා වගේ මතකයි. කවුද ඊට පස්සේ ආපහු අනුමැතිය දීලා සෙම් බස් දිවුවෙ

:       0       19

Jayalath Monday, 20 March 2023 05:23 AM

ප්‍ර්රමාද වෙලා ගත්ත හොදී තිරනයක්

:       0       15

ranjith Monday, 20 March 2023 06:34 AM

හොඳ තීරණයක්

:       0       7

Rmlc Monday, 20 March 2023 06:53 AM

හොඳයි සර්

:       0       6

මගී Monday, 20 March 2023 07:54 AM

සාමාන්‍ය පුද්ගලික බස් වල මගීන් පටවන පැටවිල්ල දැක්කාම කොට ලොරි සහ බස් අතර වෙනසක් නැහැ. උසස් නිලධාරීන්ට ඒක නිරීක්ෂණය වෙලා නැතුව ඇති. පවු. අසරණ මිනිස්සු.

:       2       10

Small man Monday, 20 March 2023 08:40 AM

අර්ධ සුඛෝපභෝගී බස් සේවාවක් මේ වන විට ලංකාවෙ නැහැනෙ. දැන් ඕක කී සැරයක් අහෝසි කළාද? මේ සැරෙත් ඔච්චර තමයි. කයිවාරු විතරයි.

:       0       14

සුජිතා Monday, 20 March 2023 08:44 AM

අපරාදෙ. මම නම් යන්නෙම අර්ධ සුඛෝපභෝගි බස් වල තමා ඉතින්. බස් නම් "අර්ධ සුඛෝපභෝගි බස්" විතරයි. අනිත් බස් එපාවෙලා තියෙන්නෙ.

:       3       4

sulakshana Monday, 20 March 2023 10:08 AM

ඕක විසි තිස් පාරක් අහෝසි කළානේ. නිලධාරීන්ගේ පැත්තට සල්ලි ගලන්න පටන් ගන්න ඇති මේ අරන්චියත් එක්ක.

:       1       9

Ajantha Monday, 20 March 2023 10:10 AM

ගොඩක් හොඳ වැඩක්... හැබැයි කලිනුත් කියුදේ වුණේ නෑ. මේ සැරේවත් කළොත් ජනතාවට ලොකු සහනයක්...

:       0       4

Gunendra Monday, 20 March 2023 10:11 AM

කීප වරක්ම කිව්වා... තවමත් ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ.

:       0       3

sudarma Monday, 20 March 2023 12:26 PM

බෝඩ් එකේ N තියෙනවනම් සාමාන්‍ය සේවා. S තියෙනවනම් අර් ධ සුකෝපභෝගී.

:       0       2

sachith Monday, 20 March 2023 01:42 PM

කීපාරක් නම් ඕක කරන්න හැදුවද? හැමදාම ඉතින් ෆේල් තමයි. මේ කියලා තියෙන්නෙත් "ලබන අප්‍රේල් මස මැද සිට අහෝසි " ඇඟ බේරගන්න පුළුවන් විදිහටනේ.

:       0       2

Deepal Nirosh Monday, 20 March 2023 01:46 PM

මේ අර්ධ සුඛෝපභෝගී බස් සේවය මීට කලිනුත් අහෝසි කළා නේද? දැන් මොකද්ද මේ ආයිත් කරන්න හදන්නේ...? මේකත් හරියට පළාත් පාලන මැතිවරණය වගෙයි. හැබැයි මේ තීරණය කවදාක හෝ ක්‍රියාත්මක වෙනවා නම් ඉතා හොඳයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 389 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 194 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1896 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site