අරලිය ගහ මන්දිරයේ සිටි බව කියන පෝනියන් සිව් දෙනකු, කුකුළන් හා හා පැටවුන් සමූහයක් හම්බන්තොට කුරුළු රක්ෂිතය බාරව සිටින පුද්ගලයකුගෙන් රුපියල් 80,000කට මිලට ගත් බව පිළියන්දල ව්‍යාපාරික අසංක ඉන්ද්‍රජිත් මහතා කියයි.
අරලිය ගහ මන්දිරයේද සේවය කරන මාළඹේ පදිංචි අජිත් ගාල්ලගේ එම සතුන් සතුන් ප්‍රවාහනය කරන වාහනයකින් මාළඹේට ගෙනැවිත් දුන් බවත් එතැනි සිට තම වාහනයෙන් තම ගොවිපොළට රැගෙන ගිය බවත් ඉන්ද්‍රජිත් මහතා පවසයි.
අක්කර 3 ක කැලෑ බද ඉඩමේ සුදු පෝනියෝ දෙදෙනෙක් හා දුඹුරු පෝනියෝ දෙදෙනෙක් සිටි අතර සතුන් බලා ගැනීමට තරුණයෝ දෙදෙනකුද සිටියහ.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතාට ලැබුණු තොරතුරක් අනුව පොලිසියත් සමග ඉරිදා රාත්‍රියෙහි සතුන් බැලීමට ගියේය. එහිදී කළ විමසීමකදී සතුන් හිමිකරු පොලිසියට ඉහත තොරතුරු කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ දැන් පාරෙ බල්ලෙක් හිටියත් ඌ අරලියගහ මන්දිරේ එකෙක්නෙ. (අ)
එක බල්ලෙක් ලක්ෂ ගණනක් වන රටක අශ්වයෝ 4 ක් රු . 80000/- ගත්තම ඒක මහා ලොකු දෙයක්ද (අ)
අයියෝ මහජන සල්ලි (නදී)
අපි විකුනන් කෑව එකේ බුරුවො විකුණන් කන එක සුළු දෙයක්නේ (නදී)
ඔක්කොම කුණු දැන් ඉතින් කොහේටද කියලා අපිට තේරෙනවා (නි)
කුකුල්ලු හාවෝ පෝනි බූරුවෝ වගේ සතුන් ගැන සොයන්න වැයකරන කාලය ටිකක් වටිනා දෙයක් සොයන්න යොදවන්න. මේක සාමාන්‍ය දෙයක්.මොකද අශ්වයොත් නොවෙයිනේ කුකුල්ලු සහ හාවෝ ගණන් නොතිබ්බත් පෝනියෙක් රුපියල් 20000 ක් තමයි වෙලා තියෙන්නේ .දෙපැත්තටම පාඩු නැහැ. (ස)
ලැජ්ජයි මේ වෙන දේවල් දැක්කම.(හේ)
මුන්ටද දන්නේ නැහැ අර රත්තරන් අශ්වයෝ කිවුවේ? (නි)