ඡන්දයෙන් දිනන පාර්ශ්වයට ජයග්‍රහණය ලබා නොදීමට ඡන්දය දින රාත්‍රියේ කළැයි කියන කුමන්ත්‍රණය ගැන අද පෙරවරුවේ රැස්වූ ජාතික විධායක සභාවේ දී සාකච්ඡා කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ පොරොන්දුවක් අනුව ජාතික විධායක සභාව පිහිටැවිණි. එම කමිටුවට ජනාධිපතිවරයා, අගමැතිවරයා, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, අනුර දිසානායක, චම්පික රණවක, සරත් ෆොන්සේකා, ආර් සම්බන්ධන්, රවුෆ් හකීම්, රිෂාද් බදුයුදීන් ඇතුළු පිරිසක් ඇතුළත් වෙති.
‘එම කුමන්ත්‍රණය ගැන මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන සතියක් තුළ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි යන ස්ථාවරයට සහ එම පරීක්ෂණය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කළ යුතුයි කියන ස්ථාවරයට ආවා.
යෝජිත ව්‍යවස්ථා සංශෝධන ගැනත් ධීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.
පසුගිය කාලයේ අපේ රටේ මිනිසුන් පැහරගෙන යෑම, ඝාතන හා පහරදීම් ගැන පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කරන්න ක්‍රමවේදයක් සකසන්න එකඟතාවකට ආවා.
අල්ලස් දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ඉවත් කර වෙනත් අධ්‍යක්ෂවරයකු පත් කරන්නත් එකඟතාවකට ආවා. යුද්ධෙන් පස්සේ ඒ ප්‍රදේශවල වාහන, දේපළ, රත්තරන්වලට මොකද වුණේ කියා සොයාන්නත් තීරණයක් ගත්තා.
මෙවැනි වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගන්න අද රැස්වුණු ජාතික විධායක සභාවට හැකි වුණා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත් ෆොන්සේකා මැතිඳුනි, එදා කොටින්ගෙන් රට බේරා දුන්නා වගේම මේ ව්‍යසනවලින් ද රට බේරා දෙන්න. (ර)
ඔතන අධිකරණයට ගල් ගැසූ රිෂාඩ් බද්යුදීන් ඉන්නවනේ. ඒ පරීක්ෂණය මග හැරෙයි වගේ. (බ)
අනේ ඉතින් රට බේරා ගත්තානේ. කුමන්ත්‍රණ කළාම මොකද. මහජන මුදල් පවුල අතර බෙදා ගත්තම මොකද. මිනී මැරුවම මොකද. චොපර් ගත්තම මොකද. අනේ මේවා දකින්න ලැබුනේ මොකටද..(බ)
එතකොට හෙට (21/01/2015) ගේනවයි කියපු 19 වෙනි සංශෝධනේ ගැන කතා උනා විතරද? ඒක හෙට ගේන්නෙ නැද්ද? (බ)
අපි අද සිටින්නේ ඉතාමත් ම තීරණාත්මක සන්ධියක. මේ දවස් 100 වැඩපිළිවෙලින් සකස්වෙන අඩිතාලම උඩ උපේ අනාගත ආණ්ඩු පාලන පද්ධතිය නීතිගත වෙයි. අනාගතයේ දී ආයෙත් මෙහෙම තත්වයක් අත්වෙන්නේ නැතුව තියෙන්න අපි වග බලා ගන්න ඕන. (ර)
අනේද කියන්නේ? "පිවිතුරු යහපාල" යහපාලනයක් ගැනයි, දවස් අසුවක් ගැනයි හරිම වේදනාවෙන් ලියා තිබෙනවා. හැබැයි මට තිබෙන ප්‍රශ්නය නම්, එයා යුද්ධය දිනපු එක අවුරුදු පහමාරකටත් වැඩි කාලයක් තිස්සේ ගැලරියේ ඉඳලා විසිල් ගසමින් බැලුවේ කොහොමද කියලයි (නි)
වහාම කොමිසමක් පත්කරලා මේ ගැන පරීක්ෂණ කරන්න. එහි වාර්තාව රටට හෙළි කළ යුතු අතර එමගින් චෝදනාවන්ට ලක්වන පුද්ගලයන්ට සිදුවන අපහාසයන්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් කළ යුතුයි (නදී)
අපි යහපාලන නාඩගම බලනවා. නළුවෝ ටික රඟනවා. පිටපත අධ්‍යක්ෂණය වගේම රගපෑමත් හරියට රන්ජන් රාමනායක මහත්තය රඟපාන සිංහල චිත්‍රපටියක වගෙයි. බලන්න අප්පිරියයි. ඒ වුනත් තව දින අසු අටක් ඉවසන්න වෙනවා. වමනේ දදා හරි බලමු මොකද වෙන්නේ කියලා. කප්පරක් ඇගේ කුණු තියාගෙන අනෙක් එව්වෝ නාලද කියල ඉඹල බලන අය මේ රටේ දේශපාලනයට අරුමයක් නෙමෙයි. (නදී)
කවුරුත් මේ ගැන කතා කරනවා අපට ඇත්ත දැනගන්න ඕන.(හේ)
පරණ ගැන්සියක් අයෙමත් සෙට් වෙලා... අනේ මන්ද මොනා කරයිද කියලා මේ අය...(හේ)
වාහාම කොමිසමක් පත්කරලා මේ ගැන පරීක්ෂණ කරන්න,එහි වාර්තාව රටට හෙළි කළ යුතු අතර එමගින් චෝදනාවන්ට ලක්වන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් කළ යුතුයි!(දිල්)
මේකට තව ස්වාධීන උගත් කීපදෙනෙක් ඇතුළත් වුණොත් හොඳයි කියන එකයි මගේ අදහස. (නි)