නව දේශපාලන පක්‍ෂයක් ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමසාරිස්ගෙන් අවසර ඉල්ලා ඇතැයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා කුරුණෑගල ව්‍යාපාරික හමුවකදී පැවසීය. රජයේ ඕනෑකමින් එය පමා කරතියි ඔහු චෝදනා කරයි. තම අරමුණ ඉදිරි පළාත් පාලන ඡන්දවලට අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීම බවද ඔහු කීවේය. සරත් පොන්සේකා මෑතකදී එවැනි ඉල්ලීමක් කර නැතැයිද කලකට පෙර ඉදිරිපත් වූ ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප කිරීම පිළිබඳව මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් විභාග කෙරෙන බවද මැතිවරණ කොමසාරිත් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මෙයත් හැම තිස්සෙම අනාගන්නවා වගේ... අනුන්නට දොස් කිය කියා ඉන්නවා මිසක් කරන දෙයක් නැහැ වගේ.. (නු)
මෙතුමාට ඔය තරම් කෙනෙහිරි කම් කරන්න එපා (දී)
ඔබ තුමාට කවදත් උනේ අරියාදු තමයි (දී)
දැන්නම් දෙයක් පටන්ගන්න කාලය හරි මහත්තයෝ..(ස)
ගණන් ගන්න එපා මහත්තයෝ
මම කියනවා බයනැතුව ඔබ තමයි ලංකාවේ අංක එකේ වීරෝධාර යුග පුරුෂයා! (නි)
මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ.. ඒ නිසා නිහඩව ඉන්නවා මන්...(ස)
ඉවසන්න මහත්තයෝ
තව ඉවසන්න. (නි)
අනේ මන්දා. මුකුත් කියලත් බැහැ. නොකියත් බැහැ. (නි)
දේශපාලනයට නම් එන්න එපා. (නි)
අයියෝ සල්ලි
ඔබ තුමා කලින් හිටි විදියට තාම මේ රටේ මිනිස්සු කැමතියි.. දැංවත් ඒක තේරුම් ගන්න. දේශපාලනයෙන් ගොඩ එනවා බොරු.. (නු)
තියෙන පක්ෂය මොකද දැං..!(නු)
කොයි වෙලාවෙත් අඩාගත්ත ගමන්මනේ..!(නු)
ඔබතුමාට නෙමෙයි ඔය අරියාදුව ඔය පක්ෂයට.. ඔබට උණ අරියාදු හොදටම ඇති..!!(නු)
ඔබ වීරයෙක්... නමුත් දේශපානයෙන් නම් නෙමෙයි.. (නු)
මං සිංහයාට බයයි මල්ලියේ..!(නු)
දේශපාලනයට ආ දා සිට අරියාදුම තමයි..!!(නු)
මුලින්ම තරු පහේ ජෙනරල්, දෙවනුව හන්සයා, තෙවනුව කුසලානය, දැන් ...? මුලින්ම රටේ අපේක්ෂාව, දෙවනුව පොදු විපක්ෂයේ අපේක්ෂකයා, තෙවනුව ජ.වි.පෙ. සමඟ ඡන්දෙ ඉල්ලපු අපේක්ෂකයෙක්, දැන් ...? දැයේ සෙන්පතියානනි... සිදු වන්නේ කුමක්දැයි නොවැටහේ. ෆොන්සේකා මැතිතුමාගේ දේශපාලනය මොනවා උනත් ජෙනරල් ෆොන්සේකා තුමා තාමත් අපේ සිතේ ප්‍රතාපවත් වීරයෙක් ලෙස වැජඹෙනවා.(නු)
දෙන්නම එක ගමේ කියන්නේ ඇත්තද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඔහොම වටේ ගිහින් හරියවයැ.වැඩක් ඇති දෙයක් එපැයි කරන්න..(ස)