කාන්තාවකගේ අත් බෑගයේ තිබූ මුදල් සොරකම් කිරීමේ චෝදනාවකට ශ්‍රී ලාංකිකයකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග කියයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයතනයක පිරිසිදු කිරිමේ සේවකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
එම කාන්තාවගේ අත් බෑගයේ තිබූ ඩිරාම් හා ඩොලර් තොගයක් සැකකරු සොරකම් කර ඇතැයි ද, එහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල් එක්ලක්ෂ පනස්දහසකට අධික බව ද සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේද ඉතින් රට ගියත්, උපන් ගෙයි වැරදි අත්අරින්න බැහැ නේ. හැබැයි ඉතින් ශ්‍රී ලංකාවේ වගේ මේ හොරකමට ආඳ වගේ ලිස්සල යන්න බැරි වේවි... මේ රටවල දඬුවම් ක්‍රම නොදැනද මේ වගේ වැරදි කරන්නේ ? (ර)
රට ගිහිල්ලත් පුරුද්ද නැතිවෙලා නැහැ වගෙයි. (ර)
ඇත්තටම අත කපනවද? (නි)
සෞදි වල මේ සිද්දිය උනා නම් අත කපනවා. නමුත් එක්සත් අරාබි එමීර් රජයේ එහෙම කරන්නේ නැහැ. උසාවි දමා දඩයක් ගසා හිරේ දමනවා. ඊට පසු නැවත එන්න බැරි විදියට බෑන්ඩ් එකක් ලංකාවට එවනවා (නදී)
පිටබැද්දර ජයා, නැතුව? වෙන විදියේ අපරාධයක් නම් වෙන අවයව වුණත් කපනවා කියලා මම අහලා තියෙනවා. (නි)
මෙයාලා අහිංසක සේවකයන්ව අල්ලනවා.ඒකෙන් වැරැද්ද කළා හෝ නොකළා දඩුවම් විඳන්න වෙයි (නි)
ආ දැන් ඉතින් වැඩිකල් නොගිහින් එයාට තනි අතින් අත්පුඩි ගහන්න පුළුවන් (ම)