යසර් අර්පත් මියගියේ වස දීමෙන් ද සැක මතුවීම නිසා ඔහුගේ බිරියගේ ඉල්ලීම අනුව සිරුර යළි ගොඩ ගැනීමට නියමිතය.හිටපු පලස්තීන නායක යසර් අරපත් 2004 නොවැම්බර් 11 වැනි දා ප‍්‍රංශයේ පැරිස් නුවරට නුදුරින් පිහිටි ෆර්සි ඩෙ ක්ලෙමා ප‍්‍රංශ හමුදා රෝහලේ දි මිය ගියේය. මරණ පරීක්ෂණයකින් තොරව ඔහුගේ දේහය පලස්තීනයේ තැන්පත් කැරිණි. අවුරුදු අටකට පසු ස්විට්සර්ලන්තයේ ලොව්සාන් නගරයේ සුප‍්‍රසිද්ධ නවීන පරීක්ෂණාගාරයකින් කරන ලද පරීක්‍ෂණ ප‍්‍රථිපල අනුව ඔහු පාවිච්චි කළ දත් බුරුසුව, හිස් වැසුම, ඇදුම්, බෑග් වලින් ෆොලෝනියම් - 210 නැමති විෂ රසායනිකයක අංශු සොයා ගත් බව පරීක්ෂනාගාරය ප‍්‍රකාශයට පත් කළේය. ඒ අනුව ඔහුගේ වැන්දඹුව වූ පැරීසියේ පදිංචි සුහා අරපත්ගේ පැමිණිල්ලක් මත පලස්තීන නායකයාගේ සිරුර නැවත පරීක්ෂණයකට භාජනය කළයුතු බව පැරීසියේ උසාවියකින් නියෝග කර ඇත. ඒ සදහා වර්තමාන පලස්තීන අධිකාරියේද අවසරය ලැබී ඇත. ඒ අනුව නුදුරු දිනයක එම පරීක්ෂණ කටයුතු ඇරඹෙනු ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අරපත් සිරුර ගොඩගනී
ද සිල්වා Wednesday, 05 September 2012 06:12 AM
ඊශ්‍රායලය කියන්නේ හරි අහිංසක රටක් (නි)
වරුණ Wednesday, 05 September 2012 07:41 AM
එතුමාගේ සැකිල්ලවත් ඉතුරු වෙලා තියෙයිද දන්නේ නැහැ. (නි)
ලලිත් - කටාර් Wednesday, 05 September 2012 02:32 PM
පුදුම නායකයෝ. ලංකාවට දෙවැනි නැහැ බලාගෙන යනකොට. (නි)
ඉරේෂ් -කුවේට් Wednesday, 05 September 2012 10:07 AM
මමනම් දැකලා නෑ අරාබියේ අය බුරුසුවකින් දත් මදිනවා..(ස)
සමන් Thursday, 06 September 2012 10:51 AM
මල සිරුරක් පැය 24 න් වලදැමිය යුතු බව කියමින් රෝහල් ඉදිරිපිට අරගල කරන මුස්ලිම් අය මෙයාගෙ මිනිය ආපහු ගොඩ ගන්න එකට කෝලාහල කරන්නෙ නැත්තෙ ඇයි.(ස)
අහිංසා Wednesday, 05 September 2012 10:43 AM
කොටි හමුදාව පුහුණු කළා කියලා මෙතුමා පිළිගෙන තිබුණා නේද? (නි)
ඔසන් සලාම් - දෝහා Tuesday, 04 September 2012 07:51 PM
පලස්තීන ජනතාවගේ නිදහස උදෙසා තම ජීවිත කාලයම කැප කළ ඒ ශ්‍රේෂ්ඨ සටන්කාමියාගේ සොහොනට පවා නිදහස නැතිකිරීම කෙතරම් ඛේදජනක සිද්ධියක්ද ? නායක අරපත්ගේ මරණය මෙසේ සූක්ෂම ලෙස සිදුකළේ කවුරුන් විසින්ද බව මුළු ලෝකයම දනී. (නි)
ප්‍රසන්න Tuesday, 04 September 2012 08:04 PM
ඔවු දැන් මේකට ඊශ්‍රායලය වැරදිකාරයා කරලා දඩුවම් කරයි... ආර්ථික සම්භාධකත් දමාවි... හරිම වැඩේ තමයි වෙන්නේ..(නු)
ෆර්හාන් Wednesday, 05 September 2012 04:14 PM
ඉරේෂ්, ඔයා කොහොමද එතනට ගියේ? (නි)
ප්‍රසන්න Thursday, 06 September 2012 11:44 AM
බුරුසුවට වස දැම්ම කෙනා මෝඩයි.බලන්නකෝ දත් දිහා (ස)
මොහොමඩ් Wednesday, 05 September 2012 11:01 AM
ඉරේෂ් -කුවේට්, එහෙනම් කොස්සෙන්ද දත් මදින්නේ? (නි)
අමරා Tuesday, 04 September 2012 08:53 PM
දැන් නැව ගිහිල්ලා ඉවරයිනේ. (නි)
බණ්ඩාර Wednesday, 05 September 2012 11:15 AM
තමන් කළ කර්ම රිය සක ලෙස තමන් පසුපස එනවා (නි)
අමිල කටුනායක Tuesday, 04 September 2012 10:02 PM
ආරක්ෂාවට ආයුධ ඉනේ තිබුණට වැඩක් වුණායැ. (ස)
අහමඩ් Wednesday, 05 September 2012 12:40 PM
එය ස්වාභාවික මරණයක් නොවේද? (නි)
උපනන්ද Wednesday, 05 September 2012 01:31 AM
මතකද අපේ සෝම හාමුදුරුවන්ට වෙච්ච දේ? (නි)
මධු Wednesday, 05 September 2012 02:02 AM
මුහුදට දමාපු නැති එකේ වැරැද්ද තමයි. (නි)
ලාල් Wednesday, 05 September 2012 07:27 PM
අරාබියේ අය එච්චර පිරිසිදු ජාතියක් නෙමෙයි නේද? (නි)