යසර් අර්පත් මියගියේ වස දීමෙන් ද සැක මතුවීම නිසා ඔහුගේ බිරියගේ ඉල්ලීම අනුව සිරුර යළි ගොඩ ගැනීමට නියමිතය.හිටපු පලස්තීන නායක යසර් අරපත් 2004 නොවැම්බර් 11 වැනි දා ප‍්‍රංශයේ පැරිස් නුවරට නුදුරින් පිහිටි ෆර්සි ඩෙ ක්ලෙමා ප‍්‍රංශ හමුදා රෝහලේ දි මිය ගියේය. මරණ පරීක්ෂණයකින් තොරව ඔහුගේ දේහය පලස්තීනයේ තැන්පත් කැරිණි. අවුරුදු අටකට පසු ස්විට්සර්ලන්තයේ ලොව්සාන් නගරයේ සුප‍්‍රසිද්ධ නවීන පරීක්ෂණාගාරයකින් කරන ලද පරීක්‍ෂණ ප‍්‍රථිපල අනුව ඔහු පාවිච්චි කළ දත් බුරුසුව, හිස් වැසුම, ඇදුම්, බෑග් වලින් ෆොලෝනියම් - 210 නැමති විෂ රසායනිකයක අංශු සොයා ගත් බව පරීක්ෂනාගාරය ප‍්‍රකාශයට පත් කළේය. ඒ අනුව ඔහුගේ වැන්දඹුව වූ පැරීසියේ පදිංචි සුහා අරපත්ගේ පැමිණිල්ලක් මත පලස්තීන නායකයාගේ සිරුර නැවත පරීක්ෂණයකට භාජනය කළයුතු බව පැරීසියේ උසාවියකින් නියෝග කර ඇත. ඒ සදහා වර්තමාන පලස්තීන අධිකාරියේද අවසරය ලැබී ඇත. ඒ අනුව නුදුරු දිනයක එම පරීක්ෂණ කටයුතු ඇරඹෙනු ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊශ්‍රායලය කියන්නේ හරි අහිංසක රටක් (නි)
එතුමාගේ සැකිල්ලවත් ඉතුරු වෙලා තියෙයිද දන්නේ නැහැ. (නි)
පුදුම නායකයෝ. ලංකාවට දෙවැනි නැහැ බලාගෙන යනකොට. (නි)
මමනම් දැකලා නෑ අරාබියේ අය බුරුසුවකින් දත් මදිනවා..(ස)
මල සිරුරක් පැය 24 න් වලදැමිය යුතු බව කියමින් රෝහල් ඉදිරිපිට අරගල කරන මුස්ලිම් අය මෙයාගෙ මිනිය ආපහු ගොඩ ගන්න එකට කෝලාහල කරන්නෙ නැත්තෙ ඇයි.(ස)
කොටි හමුදාව පුහුණු කළා කියලා මෙතුමා පිළිගෙන තිබුණා නේද? (නි)
පලස්තීන ජනතාවගේ නිදහස උදෙසා තම ජීවිත කාලයම කැප කළ ඒ ශ්‍රේෂ්ඨ සටන්කාමියාගේ සොහොනට පවා නිදහස නැතිකිරීම කෙතරම් ඛේදජනක සිද්ධියක්ද ? නායක අරපත්ගේ මරණය මෙසේ සූක්ෂම ලෙස සිදුකළේ කවුරුන් විසින්ද බව මුළු ලෝකයම දනී. (නි)
ඔවු දැන් මේකට ඊශ්‍රායලය වැරදිකාරයා කරලා දඩුවම් කරයි... ආර්ථික සම්භාධකත් දමාවි... හරිම වැඩේ තමයි වෙන්නේ..(නු)
ඉරේෂ්, ඔයා කොහොමද එතනට ගියේ? (නි)
බුරුසුවට වස දැම්ම කෙනා මෝඩයි.බලන්නකෝ දත් දිහා (ස)
ඉරේෂ් -කුවේට්, එහෙනම් කොස්සෙන්ද දත් මදින්නේ? (නි)
දැන් නැව ගිහිල්ලා ඉවරයිනේ. (නි)
තමන් කළ කර්ම රිය සක ලෙස තමන් පසුපස එනවා (නි)
ආරක්ෂාවට ආයුධ ඉනේ තිබුණට වැඩක් වුණායැ. (ස)
එය ස්වාභාවික මරණයක් නොවේද? (නි)
මතකද අපේ සෝම හාමුදුරුවන්ට වෙච්ච දේ? (නි)
මුහුදට දමාපු නැති එකේ වැරැද්ද තමයි. (නි)
අරාබියේ අය එච්චර පිරිසිදු ජාතියක් නෙමෙයි නේද? (නි)