සංධානයේ අරණායක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ නිවසේ ඇතිකරන බල්ලකු යාබද ගෙදරකට ගොස් මළපහ කළැයි කාන්තාවක මන්ත්‍රීවරයාට බැන වැදීමෙන් පසු මන්ත්‍රීවරයා ඇයට කඩුවකින් පහර දී ඇතැයි අරණායක පොලීසිය කියයි. කාන්තාව රෝහල් ගත කළ බවත්, මන්ත්‍රීවරයා සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හිතේ පැසවමින් තිබුන පරණ කෝන්තරයක්. බල්ලගෙන් එලියට පැන්නා..(ස)
බල්ලා කළ වැඩේට බණින්න ඕනැත් නැහැ. බල්ලන්ට කොටන්න ඕනැත් නැහැ. මිනිස්සුයි ප්‍රශ්න තේරුම් ගන්න ඕනෑ. (නි)
අයියෝ ඕකත් ගහ බැණගන්න තරම් ප්‍රශ්නයක් නෙමෙයිනේ.නෝනට තිබුණේ එයාගේ පූසාට උගන්නලා මේ පැත්තට එවන්න. (නි)
මන්ත්‍රීතුමන්ලා සේම ඔවුන්ගේ බල්ලනුත් අනුන්ගේ ඉඩම් වලටමනේ පනින්නේ. (නි)
ඕකට බල්ලෙක් සම්බන්ධද ඇත්තටම? මට නම් සැකයි වගේ. (නි)
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වෙන්න සුදුසුකම මේක වෙන්නැති?
කාන්තාව සැකපිට රෝහල් ගත කරන ලදී. අනේ මෙහෙම නීති?
අද දේශපාලනය කරන සමහර අය දාමරිකයෝ...නමුත් අපේ රටේ ඒ අයම තම මනාපයෙන් පත් කරගෙන ගුටි කනවා .(ස)
බල්ලට පැම්පස් අන්දවන්න...(ස)
බල්ලෝ හදනවානම් හදන අය දැනගන්න ඕන අනුන්ට කරදරයක් නොවෙන විදියට හදන්න..මෙයාට හොඳ දඩුවමක් දෙන්න ඕන..
ඇති යන්තම් ඔහොම බේරුනා...(ස)
මේ දවස්වල බලු ප්‍රශ්න ගොඩයි. අනිත් අයටත් මිනිස්සු නොමරා ඉන්න කිව්වොත් නේද හොඳ .(ස)
දැන් රට යන අත නම් හිතා ගන්න අමාරුයි (දී)
බල්ලාගේ හාම්පුතා මන්ත්‍රී කෙනෙක් කියලා බල්ලා දන්නෙ නැති එක හොදට ගියා.. නැත්නම් මොනවා කරලා නරත වෙයිද දන්නේ නැහැ.!(නු)
අනේ බල්ලෝ දන්නවද නෙක මගේ ගෙදර කියලා. (දී)
බල්ලාටවත් ටොයිලට් පහසුකම් දෙන්න අකමැති මන්ත්‍රිලා අපිට යහපතක් කරයිද? (නි)
නෝනා දන්නේ කොහොමද මේ ඒ බල්ලාමයි කියලා? (නි)
කොහොමත් අපේ රටේ මැති ඇමතිවරුන්ට ජනතාව බල්ලෙක් තරම්වත් වටින්නේ නැති බව කවුරුත් දන්නවා. (නි)
හැමතැනම එකවගේ ප්‍රශ්න නේද (දී)
මේ රටේ නම් බල්ලෙක් මළපහ කලොත් ෂොපින් බෑග් එකක් අතට දාගෙන අරගෙන ගිහින් නියමිත තැනකට දමනවා. ඒකට ලංකාව. (දී)
බල්ලා ඕනකමින්ද දන්නේ නැහැ කලේ (දී)
පව් අහිංසක බල්ලා (දී)
බලලත් හැදිලා තියෙන්නේ කැත විදිහට (දී)
ඔය තියෙන්නේ අර හොයන කඩුව , (දී)
මෝඩ වැඩ මොකද බල්ලා දන්නවද වත්ත කාගේද කියල (දී)
රටේ වෙන ප්‍රශ්ණ නැහැ නොවැ.. (දී)
රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේකද (දී)
බල්ලා දන්නවද ඕක, ඒ සතාට හිනත් ඇති (දී)
ඇමතිටත් නැති ප්‍රශ්න (දී)
මමනම් හිතන්නේ මේ ප්‍රශ්නෙට මුල බල්ලා උවත් මෙයත් අත්අඩංගුවට ගත යුතුයි...(ස)
සමහරු ශරීර කෘත්‍ය සදහා බල්ලන්ව මහ පාරට එක්ක යනවා...ඒ අයව උල තියන්න ඕන..(ස)
බල්ලා කර වැඩේ නිසා බලු කූඩුවේ ඉන්න වෙන්නේ මෙයාටයි...(ස)
දැන් එතකොට කවුද බල්ලා? (නි)
බල්ලා හැදිලා තියෙන පරිසරය හොද නැහැ. (නි)
බල්ලෝ ඉතිං ඉඩම් වල මායිම් හොයන්නේ නැහැනේ, මිනිස්සු වගේ. (නි)
කඩුව නැති දේශපාලකයෙක් හරියට පරිප්පු නැති හෝටලයක් වගේ....(ස)