(අජන්ත කුමාර අගලකඩ)
ඛනිජතෙල් සංස්ථාවේ සේවක වැටුප් සියයට 35 කින් පමණ වැඩි කිරිමට ඇමැති අර්ජුන රණතුංග මහතා ගෙනා යෝජනාවකට මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (2) පැවති කැබිනට් රැස්වීමේ දී විරෝධය පළ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
සේවක වැටුප් සියයට 35 කින් පමණ වැඩි කළ යුතු බවට යෝජනා කරමින් ඇමැති අර්ජුන රණතුංග මහතා කැබිනට් මණ්ඩලය වෙත සංදේශයක් ඉදිරිපත් කර තිබු බව එම ආරංචි මාර්ග කියයි.
එහෙත් ඊට එකඟවිය නොහැකි බව මංගල සමරවීර ඇමැතිවරයා එහිදී පෙන්වා දී ඇතැයි වාර්තා වේ.
ඛනිජ තෙල් සංස්ථාවේ සේවක වැටුප් මෙතරම් ප්‍රමාණයකින් වැඩිකිරිම මගින්, අනෙකුත් රජයේ ආයතනවලද ගැටලු මතුවිය හැකි බව ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕගොල්ලොත් වැඩිකර ගන්නවා හිතෙන හිතෙන අනික අයටත් වැඩිකරනවා අපි ගෙවනවා. අැයි යකෝ හිතපල්ලකො රටේ ඉන්න සාමාන්‍ය ජනතාවනේ මේවට ගෙවන්නේ කියලා. ඔය වැඩිකර ගන්න අයට රජයෙන් වැටුපක් ලැබෙනවා උන්ට එ්කෙන් ජීවත් වෙන්න කියා දීපන්. වැඩි නොවන අය එදා වේලා සොයා ගන්න ඕනේ. දැන් අපි ඉන්සුලීන් වලටත් බදු ගෙවනවා. ජීවිත කාලයට බෙහෙත් ගන්න ඕන වයසක මිනිස්සු පාමසියෙන් බෙහෙත් අරගෙන යන්නේ සුමානෙට නැතිනම් දවස් 3-4 කට. පඩි වැඩි කොරන්න කතා කොරන්නේ හරියට මුන්ගේ සල්ලි වලින් ගෙවනවාවගේ. ගෙවයි මුන්ගේ සල්ලිවලින්. දෙවියනේ පොල් ගණන් එමනිසා පොල්ගස් වලට හෙන පාත් කොරන්න එපා මෙහෙම යෝජනා ගෙනෙන එවුන්ගේ ඔළුගෙඩි වලට පාත් කොරන්න.
වැඩිම පඩි සහ දීමන ගෙවන රාජ්ජය ආයතන වලික් එකක් මේ ඛනිජතෙල් සංස්ථාව. ඒ වගේම ඉතාම අක්ර්යක්ෂම ආයතනයක් . IOC ලාභ ලබද්දී සංස්ථාව විශාල ලෙස පාඩු ලබන්නේ කෙසේද .කරුණාකර පින් පඩි ගෙවන්න එපා . අන්තිමට මේ බර ත් සාමාන්‍ය මහජනත්ව මත පැටවේ !!!
මෙය පාඩු කොට පිටරටට විකිණීමේ මුලාරම්භයක්.
අලාබ ලබන ඉතාම අකාර්යක්ෂම ආයතනයකි. මොන පදනමක් මත මෙවැනි වැඩිකිරීම් කරන්නේද යන්න සලකා බැලිය යුතුය.
අර්ජුන ගිය තැන ප්‍රශ්න ඇතිකරනවා. මොහු ප්‍රායෝගික නොවන තැනැත්තෙක්. ක්‍රිකට් නායකයෙක් ලෙස විනා දේශපාලකයෙක් ලෙස ඉතා අසාර්ථකයි.
මේ අකාර්යක්ෂම සංස්ථාවේ සේවකයන්ගේ පඩි වැඩිකරන්න කියලා ඇමතිවරයෙක් කියනවා නම් ඔහු ජන හතුරෙකු ලෙස සැලකීම සුදුසුයි. අර හෙජින් පාර ගහලා සංස්ථාවට වගේම රටට විනකළේත් ක්‍රිකට් කප්පිත්තෙක් තමයි. ඔහුයි, ඔහුගේ සහෝදර සමාගමයි යන තැන වර්චස් ! පඩි ගන්නේ ඔය බංකොලොත් සංස්ථාවේ අය විතරද? ඒ ඇරත් කිසිම පඩියක් නොගන්න දුප්පත් ජනතාවගෙන් නේද මේ ඔක්කොම සූරාගෙන කන්න හදන්නේ? මේ ඇමැතිට මොලයක් නැද්ද?
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරන කොට, හමුදා, පොලිස්, ගුරුවරුන් වැනි සේවා ගැනත් සොයන්න ඕනේ මොකද ඔවුන් දොස්තරලා, හෙදියෝ, තෙල් සංස්ථාව, දුම්රිය වගේ දීපව්‍යාප්ත වර්ජන කරන්නේ නැති නිසා